Product Tag: කුරුලු පොත් ප්‍රකාෂකයෝ

කුරුලු පොත් ප්‍රකාෂකයෝ

Showing all 4 results

Show:

ඩිංගෝ

Highlights:

හදිසියේම තාත්තාගේ අත්
ටාන්‍යාගේ උරහිස මත පතිත
වුණු අතර ඔහුගේ ඇස් ඇය
ගැන විමසිලිමත් විය.

” මං විදුරු දොරෙන් ඔක්කොම
දැක්ක”යි හෙතෙම පැවසීය.
” මොකක්ද කාරණේ රත්තරනෙ.
මොකුත් වැරදීමක් වුණාද?.

කපටි බළලා

Highlights:

“මං කියන දේ ඇහුවොත් ඔබට මුළු ජීවිතේම වාසනාවන්ත කර ගන්න පුළුවන්. අද ගඟට ගිහින් මං කියන තැන නාමින් ඉන්න ඕනෑ. ඉතුරු හරිය මං බලා ගන්නම්!”
හාම්පුතා බළලා කියූදේ අහලා ගඟට නාන්න ගියා. හැබැයි එහෙම කරන්නෙ මොකටද කියලා නම් එයා දැන ගෙන හිටියේ නෑ.
එයා ගඟේ නාමින් ඉන්න කොට රජ්ජුරුවෝ ගං ඉවුර දිගේ අශ්ව කරත්තෙන් ගමන් කළා.
බළලත් බලන් හිටියෙ ඒ මොහොත උදා වන තුරු තමයි. අශ්ව කරත්තය ළං වෙන කොටම බළලා මහා හයියෙන් කෑ ගැහුවා.
“බේරාගනියෝ! බේරාගනියෝ! කරබාස් සිටුතුමා ගඟේ ගිලෙනවෝ!”
ඒ ශබ්දය ඇහිලා රජ්ජුරුවෝ කරත්තයෙන් එබිකම් කරලා බැලුවා. රජ්ජුරුවෝ බළල හඳුනා ගත්තා. වහාම කරබාස් සිටුවරයා බේරා ගන්නැයි සේවකයින්ට අණ කළා.

වැලන්ටයින්ගේ සිහිනය

Highlights:

අපිට තාමත් තීරණය කරගන්න බැරි වුණානේ පුදුමවීම මනින මිම්ම මොකද්ද කියලා. කිලෝමීටර් නම් කොහෙත්ම වෙන්න විදියක් නෑ, ඒක සහතිකයි. අනික පුදුමවීම තරාදියක දාල කිරන එකක් එච්චර හොඳ විදියක් කියල මං නම් හිතන්නේ නෑ. ඒත් දවසක් එක් මෝඩ පහේ මිනිහෙක් මට කිව්වනේ එයා පුදුමයෙන් බින්දු දහයක් හැම රෑකම එක බින්දුව ගානේ වීදුරුවකට දාල නින්දට කලින් බිව්වා කියල.මං හිතන්නේ එයා හැදුවේ මාව මෝඩයා කරන්න. ඒත් අපි ඕවට රැවටෙන්න නරකයි.

අම්මා – මක්සිම් ගෝර්කි

Highlights:

රුසියානු හා ලෝක සාහිත්‍ය‍යේ උසස් තැනක් දරන මාහැඟි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ “අම්මා”.අද වුවද එය විප්ලවවාදී සාහිත්‍ය‍යේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍ය‍යේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත්, දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළමු වැනි කෘතිය “අම්මා” ය.

කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සඳහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සඳහාත් මහඟු සේවයක් ඉටු කළේය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping