Product Tag: කෙහෙලි ප්‍රකාශන

කෙහෙලි ප්‍රකාශන

Showing all 4 results

Show:

මහේසාක්කිය

Highlights:

දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බල සේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. ‘රසවාහිනිය’ නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණි හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැඳුනි සිද්ධි දාමයක් ‘මහේසාක්කිය’ නව කථාවට ප්‍රස්තුතය වී.

ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම

Highlights:

රටක සමාජ ආර්ථික ඉතිහාසයෙහි විවිධ පැතිකඩ අතර ගමනාගමනය සහ ප්‍රවාහනය අතිශයින් වැදගත්ය. විවිධ ප්‍රදේශ හා ජන කොටස් අතර සම්බන්ධතාවයටත් සමාජ සංචලනයටත් වාණිජ කටයුතු හා පරිපාලනය පහසු කරවීමටත් මාර්ග ජාලය සහ ප්‍රවාහන මාධ්‍ය බෙහෙවින් උපකාරි වෙයි.

 

ලක්දිව රන්දළු අන්දරය

Highlights:

ලක්දිව රන්දළු අන්දරය – ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය හා පැරණි ලංකාවේ තොරතුරු මෙහි අන්තර්ගතය.

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Highlights:

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින
මහා කවියා වයෝවෘධ ය ;
බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම
දුබල ය.
බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක
ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ
පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක
ඔහු කියුබිසම්  ආරේ චිත්‍ර අඳී..  ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ
ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන්
චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක
ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී.
ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු
මත්පැනට ඇබ්බැහි වේ.
කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක්
නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි.
කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ.
ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා
කථිකාචාර්යවරියක විසින්
කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ.
තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර
කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.
සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට
ලක් කළේද?  ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික
හැසිරීමට රුකුල් දුන්නී ද?

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping