Product Tag: කෞශල්‍ය කුමාරසිංහ

කෞශල්‍ය කුමාරසිංහ

Showing all 2 results

Show:

නිම්නාගේ ඉතිහාසය

Highlights:

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තනියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත; එසේ ම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත “නිම්නාගේ ඉතිහාසය” තුළ සිදුවනු ඇත්තේ කුමක් ද?

රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම

Highlights:

මෙහි දී අපගේ විමසුම් ඇස නාභිගත වන ප්‍රශ්නාර්ථිකය වන්නේ නූතන රෝමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දේ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි. ප්‍රේමයේ මෙම ගතිකය Falling in love ලෙස හඳුන්වන ප්‍රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර් – පඨිතමය ලෙස කියවමින් ප්‍රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප්‍රේමයේ දුරවබෝධ ගතිකයන් සොයා යාමට මෙහි දී අප උත්සාහ කරමු. මේ කියවීම තුළ න්‍යයයික සංකල්පවලට අනුව ආඛ්‍යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ ඇත්තේ ආඛ්‍යාන තුළ පුනරාවර්තනය වන සාධක ඔස්සේ සංකල්පීය ප්‍රවර්ග නිර්මාණය කර ගැනීමයි. එම සංකල්පීය ප්‍රවර්ග යම් යම් න්‍යායයික සංකල්ප සමඟ සමාන්තර වන අවස්ථාවන් හි දී වූවත් අප එම සංකල්ප සමඟ මෙම ප්‍රවර්ග අනන්‍ය කරන්නට උත්සාහ කර නැත. මෙම කෘතිය ලාංකේය සාහිත්‍ය කියවීමේ භාවිතයන්ට සේම ප්‍රේමය පිළිබඳ සංකල්පගත කිරීමට ද යම් එකතු කිරීමක් සිදු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping