Product Tag: ගයනාත් සංජීව අත්තනායක

ගයනාත් සංජීව අත්තනායක

Showing the single result

Show:

වාණී

Highlights:

සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භූමිය
වෙළාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත්
දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත
විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත්
පිරිස බොහෝය.

වාණී නවකතාව දකුණේ සිංහල ගුරුවරයකුගේ මානුෂීයත්වයත්
නැඟෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සිදුවන අරගලයක්
විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා
ප්‍රේමණීය භාවයන් ඉස්මතු කරන්නේ අප වෙළාගත් ජාතිවාදය පිළිබඳව
ද්වේශය ජනිත කරවමිනි.

දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය
පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර
පාඨකයාට නොදැනීම පුල්ලෙයාරේ කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම,
සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු
අතරට රැගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ
සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
52 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker