සුනිල ගී රස විනිය
ගීතය, නූතන කාලංගයන් අතර ජනප්‍රිය ම කලාවයි. එය, ගේය කාව්‍ය රචකයා, සංගීත රචකයා, එහි ගායනා ශිල්පියා – ශිල්පිනිය ගේ ප්‍රතිභාව එක්තැන් කළ සාමුහික කලාවකි.ඕනෑම කලාවක් ජනප්‍රිය වන්නා හා ම ඊට ප්‍රතිලෝමී ව එහි ගුණාත්මක පක්ෂය පිරිහෙයි. නූතන ගීතය ද අද මුහුණ පා ඇත්තේ එකී දුර්දශාවටයි.
නිවන් දැකීම
යමෙක් ධර්මය නොදැක වසර සියයක් ජීවත් වෙනවාට වඩා ධර්මය දැක එක් දවසක් ජීවත් වීම උතුම් බව බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කර ඇත. “අමතං පදං” යන පදයත් “ධම්මමුත්තමං” යන පදයත් උන් වහන්සේ එහි දී යොදාගෙන ඇත. මේ පද දෙකින් ම අදහස් කරනු ලබන්නේ අන් කිසිවක් නොව අමාමහ නිර්වාණ ධර්මය ය.
මහා පරිනිබ්බාන සූත්‍රය
විශාලා නගරයෙන් නික්මුණු උන්වහන්සේ භණ්ඩගම හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම පසුකොට භෝග නගරයට වඩියි. එම නගරයේදී සතර මහා පදේශ දේශනා කළේය. එම නගරයෙන් පිටත් වූ උන්වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනේ නතර වෙයි. මේ බව ආරංචි වී බුදුරදුන් හමුවීමට පැමිණි චුන්ද හෙට දානය සඳහා මාගේ නිවසට වඩින ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.
පසු දින භික්ෂුන් සමඟ ඔහුගේ නිවසට වඩියි. එහිදී සූකර මද්දව නැමති සිනිදු ආහාරයක් බුදුරදුන්ට පිළිගන්වයි. මෙම සිනිඳු ආහාරය තමාට පමණක් පිළිගන්වා ඉතිරිය වළදමන ලෙසටත් මෙම ආහාරය දිරවිය හැකි වන්නේ තමාට පමණක් බවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට මෙය දිරවන්නේ නැති බවත් උන්වහන්සේ පැහැදිලි කළේය. මෙම සූකර මද්දවය වැළදීම නිසා උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවූ අතර බුදුරදුන් එම අසනීප තත්ත්වය යටපත් කර ගත්තේය. (සමහරු විශ්වාස කරන අන්දමට සූකර මද්දවය යනු ඌරු මස්ය. එය වැරදි විශ්වාසයකි. මද්දවය යන වචනයෙන් සිනිදු යන අදහස ලැබෙයි. ඌරු බිම්මල් හෝ වෙනත් සිනිදු ආහාරයක් මෙයින් අදහස් කරන බව බොහෝ උගතුන්ගේ අදහසයි. සියලු දෙනාටම මෙම ආහාරය දිරවන්නේ නැත.)
ඉන්පසු බුදුරදුන් කුසිනාරා නුවරට වඩියි. අතරමඟදී කලන්තය සෑදී ගසක් මුල වාඩිවෙයි. වතුර පිපාසය සෑදී ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලයි. එම ස්ථානයේ තුබූ ජල මාර්ගයකින් කරත්ත ගමන්කර තිබූ නිසා ජලය බොරවී තිබුණි. තුන් වතාවක් උන්වහන්සේ ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලීය. බොර වතුර පෑදෙන තුරු උන්වහන්සේට ජලය නොලැබුණි. මෙදින ආලාර කාලාමගේ ශ්‍රාවකයෙකු වූ පුක්කුස නැමැත්තා බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ සමඟ කථා කරයි. ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේට වස්ත්‍රයක් පූජා කරයි. එම වස්ත්‍රය බුද්ධ ශරීරයට ලංකල විට ශරීරය රන්වන් විය. බුද්ධත්වය ලබන අවස්ථාවේදී හා මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සිරුර රන්වන් පාට වූ බව පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි.
ශ්‍රී සම්බුද්ධ ඥානානුපස්සනා
නිර්වාණ මාර්ගය, පියවරෙන් පියවර පරිපූර්ණ වශයෙන් වඩන විට ශ්‍රාවකයා තුළ පහළ වන අවබෝධ ඥානයේ විවිධ මට්ටම් “තෙසැත්තෑ ඥාන” ලෙස හැඳින්විය හැකිය. එබදු ඥානබල හැත්තෑ තුනකි. “තෙසැත්තෑ ඥාන” යනු ඒවා ය.
බුදුන් දැකීම
එදා වෙසක් පුර පසොළොස්වක පොහෝ දින බුදුරජාණන් වහන්සේ බෝධිදෘම පාද මූලයේ දී යම් සත්‍යයක් පසක් කරන ලද්දේ ද, එතැන් සිට දින හතක් තිස්සේ ඒ බෝ මැඩ ම වැඩහිඳිමින් යම් සත්‍යයක් මෙනෙහි කරන ලද්දේ ද, තව දුරටත් දින තිස්පහක් ඒ අසල ම රැදී සිටිමින් අවබෝධ කරගත් යම් ධර්මයක් ලෝකයාට අවබෝධ වන ආකාරයෙන් සැලසුම් කරන ලද්දේ ද, එදා ඇසළ පුර පසළොස්වක් පොහෝ දින බරණැස ඉසිපතන මිගදා වන අරණේ දී