රෝස්මරී පර්ල් හෙවත් මුතු
වර්ෂ 1842 වන විට මෙරට
මුල් බැස ගනිමින් තිබුණු
වැවිලි ආර්ථික රටාව පසුබිම්
කරගෙන අපේ ගැමි සමාජයේ
ආර්ථික, දේශපාලන, සමාජ,
සංස්කෘතික මෙන්ම භුගෝලීය
වෙනස්කම් සිදු වී ඇති අයුරු
වෙද පවුලක් කේන්ද්‍ර කර
ගනිමින් විමසා බැලීම
” රෝස්මරි පර්ල් හෙවත් මුතු”
නවකතාව තුළින් සිදුවෙයි.
එවකට සිංහල සමාජය තුළ පැවති
ආචාර ධර්මවලට පටහැනිව
චුටි වෙද රාලහාමි සිදු කරගත්
විවාහය ගැනද විසිතුරු රූපනයක්
මෙහිදී ඔබට හමුවනු ඇත.
රන්සරණි
“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද? ගම කොහේද?”
“එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…”
“තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්තා මොකද කරන්නේ?”
“තාත්තා පෙට්ටි කඩයක් කරගෙන යනවා.”
රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැඟුවේය.
“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බීඑස්. දොස්තර කෙනෙක්. සුපර් මාර්කට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගෙන සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලෙ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව උඹේ තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති වුණා ද?”
↑
සුන්දර සහ දේවින්ද
එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’
නමින් කවි පෙළක් ලියා තිබිණි.
සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
“සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.
සුදු හාමිනේ
මා පුහුණු ගුරුවරියක වුයේ ඔබගේත් සුදී අක්කාගේත් නිර්ලෝභී අත හිත දීම නිසා බව හැබෑවකි. එහෙත් සුදී අක්කා මගේ සොහොයුරිය නොවන්නට මට ඔබගේ යට කී උපකාර නොලැබී යන්නට ඉඩ තිබිණ. එනිසා අද මා ලබා සිටින තත්ත්වය ගැන මෙනෙහි කරන විට මා ඔබටත් වඩා අක්කාට ණය ගැතිය.
ලිපිය ආරම්භ වුයේ ඉතා ප්‍රසන්න අයුරිනැයි ඕ සිතුවාය. එයින් ඇය තුළ මඳ සැහැල්ලුවකුත් සිහින් ප්‍රීතියකුත් ඇති විණ.
මා ඔබෙන් ලැබුණු නිර්ලෝභී උපකාර පිළිගත්තේ පවුලක් කඩා ඉහිරෙන අන්දමේ නො නිසි ඇසුරක් ඇති කර ගැනීමේ චේතනාවක් සිහිනයකින් පවා සිත තුළ ඇතිව නොවේ.
දෙමස්සිනෝ
බිඳී විසිරී යන අලුත් පරම්පරාවේ පවුල් සබඳතා රැක ගන්නට දයාව, දරුහැවිකාරය, සහෝදර ප්‍රේමය හා මවුපිය සෙනෙහස යනාදී උතුම් මිනිස් ගුණාංග ඉවහල්වන අයුරු විදහා දැක්වීමට ජයකොඩි සෙනෙවිරත්නගේ ‘දෙමස්සිනෝ’ වෑයම් කරන බව පෙනී යයි.
අතීතය සහමුලින්ම අමතකකොට දමා පවුල් දෙකක නව පරපුර අත්වැල් බැඳගන්නා අයුරු විමසන ‘දෙමස්සිනෝ’, ‘ආදර ගඟ ගලන දෑස’ කිවු කතාව නිමාවකට ගෙන එයි.