Product Tag: ජූලි හත

ජූලි හත

Showing the single result

Show:

ජුලිහත

Highlights:

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
7 Cart
Close

My Cart