Product Tag: ටිකිරි ප්‍රකාශකයෝ

ටිකිරි ප්‍රකාශකයෝ

Showing all 7 results

Show:

බකමූණෝ හ්ම්! හ්ම්

Highlights:

ඉතින් එක දවසක් හැන්දෑවක කළුවර වැටීගෙන එනකොට බකමූණයි බකමූණියි කෑම සොයන්න ගියා. මෙහෙම ටිකක් දුර යනකොට එක ගෙදරක චූටි බබෙක් මිදුලේ සෙල්ලම් කර කර හිටියා. බකමූණි චූටි බබා දැකලා නැවතුණා.
“අනේ, අර චූටි බබා හරි හුරතල්!”
බකමූණී ළඟ තිබුණු වරකා ගහේ වාඩිවෙලා චූටි බබා දිහා ආසාවෙන් බලාගෙන හිටියා.
“අනේ, මට ඒ චූටි බබා ගෙදර අරගෙන යන්න ඇත්නම්!”
බකමූණී දුකෙන් කීවා.
“අපි කොහොමද ඒ බබා අරගෙන යන්නෙ?”
බකමූණා කීවා.
“අනේ අපි ඒ බබා ඉල්ලා ගනිමු.”
බකමූණී කීවා.

ලොකු වුණාම මං

Highlights:

අපි කම්මැලි වෙලාද? ඔන්න මම නම් කම්මැළි නෑ. ඕනෙ තරම් වැඩ කරන්න මම ලැහැස්තියි. මමත් ලොකු වුණාම අපේ රටට ගොඩක් වැඩ කරනවා. මගේ යාළුවොත් උදව් කරනවාලු. අපි ඔක්කොම එකතු වුණාම කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද?

සතුටු ගෙදර

Highlights:

“අයියෝ, මෙතන නම් මට ඉන්න බෑ. හරි කරච්චලේ.”
හා පුංචා බඩු ටිකත් අරගෙන කපුටු හාමිගෙ ගෙදරින් පිට වුණා.
ඔහොම යනකොට හා පුංචාට ඉත්තෑ හාමි හම්බ වුණා. විස්තරේ අහලා ඉත්තෑ හාමිටත් දුක හිතුණා. එයා හා පුංචාව එයාගෙ ගෙදර එක්කගෙන ගියා. ඉත්තෑ හාමිගෙ ගෙදරත් හරි ලස්සනයි, පිරිසිදුයි, වැඩි සද්දයකුත් නෑ. හ පුංචා හරි සතුටින් ඒ ගෙදර නැවතුණා.

මදුරු චූටි

Highlights:

ඉතින් ටික දවසට පස්සෙ මදුරු අම්මා
කෝම්පිට්ටු පොල් කටුවේ
පුංචි මදුරු බිත්තරයක් දැම්මා.
ඊට පස්සෙ ඒකෙන්
පුංචි මදුරු පැටියෙක් හැදුණා.
මදුරු අම්මයි තාත්තයි
පුංචි මදුරු පුතා ආදරයෙන් පිළිගත්තා.
මදුරු පුතා හරි හුරතල්.
අම්මයි තාත්තයි එයාට “චූටි” කියලා නමකුත් දැම්මා.

කැවුං.. කැවුං..

Highlights:

ටික දුරක් යනකොට යාළුවන්ගෙ කිසිම සද්දයක් නැතුව ගියා. බළල් හාමිට ටිකක් සැක හිතිලා හැරිලා බැලුවා. යාළුවො ටික නම් හොඳට ඉන්නවා. ඒත් කැවුම් කද පෙනෙන්න නෑ.
“කෝ මගේ කැවුම්?” බළල් හාමි ඇහුවා.
කාගෙවත් සද්දයක් නෑ.
“කෝ මගේ කැවුම්?”
බළල් හාමි කෑ ගහලා ඇහුවා.

වලාකුළෙන් ඇවිත්

Highlights:

වලාකුළේ හරි මැදින් දොරටුවක් ඇරුණා.
එකපාරටම කූඹි පේළියක් එළියට ආවා.
නෑ! කූඹි නෙමෙයි, පුංචි ළමයි පේළියක්!
හරියට පුංචි හමුදාවක් වගේ.

නපුරු මන්තරකාරි

Highlights:

සකුනි කළුවරේම වට පිට බැලුවා.
“අම්මා,අම්මා,මම ආවා.”
සකුනි හයියෙන් කීවා.
ඒත් අම්මාගේ සද්දයක් නෑ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping