ජුලිහත
සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.
රදළ පිළිරුව
සිංහල නවකතාව කලාත්මක නව මඟකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු ලෙස ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් හැඳින්වීම නිවැරදිය. සිංහල සිනමා සිත්තමට ද ඔහුගේ කැලෑ හඳ, හිඟන කොල්ලා, දෛවයෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි. කතුවරයෙකුගේ “රදළ පිළිරුව” නව කතාව තුලින් සහ එතුමා සිය නවකතාවලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීම. එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුව ම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙළන දෘෂ්ටිකෝණය අන් කවරදාටත් වඩා ඉතා අනාදරණීය වී ඇති බැවිනි.