Product Tag: ඩී. එම්. අනුර දිසානායක

ඩී. එම්. අනුර දිසානායක

Showing all 6 results

Show:

කළුගල වීදිය

Highlights:
සුසාන භූමියෙන් එළියට පැමිණ ජයසුන්දර මහතා හා නන්දාවතී සිය වාහනයට නැග නිවස බලා යාමට සැරසෙත්ම ජයසුන්දර මහතා නැවතත් කටහඩ අවදි කළේය.
“නන්දා, අර මාර ගහ ළග තමයි කාර් එක ගිනිගත්තේ.”
‘ඒ කියන්නේ හරියටම අපේ ඉඩම ඉස්සරහ කිව්ව කතාව එහෙනම්.’
“ඔව්, ඒ කතාව හරි නන්දා..”
නන්දාවතී ඒ දෙසත්, තම ඉඩම දෙසත්, සොහොන් භූමිය දෙසත් බලා සිටියේ දුක්මුසුවය. ජයසුන්දර මහතාද මෝටර් රථය පණගන්වමින් ඉදිරියට ගමන් කළේ මේ සියලු දේ ගැනම සිතමින්‍ ය.

කොටගල බිංගෙය

Highlights:

කුඩා කල තම ආදරණීය පියා කුරිරු අන්දමින් ඝාතනය වී ඇති බව වසර විසිපහකට පසු දැනගන්නා රහස් පොලිස් නිලධාරීයෙකු වන පුතු එම ඝාතනයට සම්බන්ද වූවන් සෙවීමට උත්සුක වෙයි.
ඔහුට ඝාතනයේ සුල මුල සෙවීමට හැකි වේවිද?

කළු පාලම

Highlights:

ශ්‍රී ලාංකේය සාහිත්‍ය තුළ රහස් පරීක්ෂක නවකතා සම්ප්‍රදාය ආරම්භ වුයේ 1918 නිර්මාණ වු පියදාස සිරිසේනයන්ගේ ඩිංගිරි මැණිකා රහස් පරීක්ෂක නවකතාව තුළිනි. ඉන් පසුව 1943 දී ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ ජූලි හත, රිදී හවඩිය තුළින් මෙම ශානරය ඉදිරියට ගෙන යාමට දායක විය. රහස් පරික්ෂක නවකතා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙසද මෙම කාලය හැඳින්විය හැකිය.

ඉන්ස්පෙක්ටර් රොමේෂ් සමඟින් , ආදරය, ත්‍රාසය, කුතුහලය රැගත් යොවුන් අබිරහස් නවකතාවකි.

යදම්

Highlights:

නීතිය, සාමය,යුක්තිය, අයුක්තිය යනාදීය පිළිබඳව පූර්වාදර්ශයක් සපයමින් ඩී. එම්. අනුර දිසානායකයන් විසින් රචිත මේම “යදම්” නැමැති අභිරහස් යොවුන් නව කතාව ඇතුළු අනෙකුත් සියලුම කෘති තුළින් වත්මන් සමාජයට වඩාත් කාලෝචිත වන පරිදි යහපත් වු වැදගත් පණිවිඩයක් ලබා දෙයි.

කංකාල

Highlights:

රහස් පරික්ෂණ කතා රචනයේ දී තමාටම ආවේණික ආකෘතියක් අනුව යමින් බටහිර කිසිදු රහස් පරීක්ෂණ චරිතයක අනුකරණයකින් තොරව ස්වාධීන නිර්මාණාත්මක ශෛලයකින් අපූර්ව වු කතා ගෙතීමේ නිර්මාණාත්මක කුසලතාවයක් කතුවරයා සතු ය.

ඔහු විසින් නිර්මාණය කරනු ලබන ඉන්ස්පෙක්ටර් “රොමේෂ් කටුලන්ද” නම් රහස් පරීක්ෂණ චරිතය ස්වකීය නිරීක්ෂණ ශක්තිය මෙහෙයවමින් ගවේෂණශීලීව සියුම් හෝඩුවාවන් ඔස්සේ සාක්ෂි සොයමින් විශ්ලේෂණාත්මකව අදාළ අපරාධය හෝ අභිරහස විසඳීමට ක්‍රියා කරයි. අවසානයේ කිසිවෙකු නොසිතූ පුද්ගලයෙකු අපරාධකරුවා බවට සොයාගෙන තහවුරු කරවීමේ අපූර්ව කුතුහලාත්මක ක්‍රියාදාමය ඩී. එම්. අනුර දිසානායක කතුවරයා ස්වකීය කතා රටාව තුළින් අපූර්ව ලෙස විද්‍යමාන කරවන්නේ පාඨකයා විස්මයට පත් කරමිනි.

සන්තර්පණ

Highlights:

ලොව පුරා නොමද පාඨක ආකර්ෂණයක් දිනාගත් සාහිත්‍යමය ශානරයක් වශයෙන් “රහස් පරික්ෂක කතා ” හැඳින්විය හැකි ය. යුරෝපීය සාහිත්‍ය‍ය තුළ නිර්මිත ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරික්ෂක චරිත ඇතුළත් ප්‍රබන්ධ ලොව පුරා පාඨකයින් අතිශය ආදරයෙන් වැළඳගෙන තිබීම ඊට කදිම උදාහරණයකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping