Product Tag: ඩී.පී. හෙට්ටිආරච්චි

ඩී.පී. හෙට්ටිආරච්චි

Showing all 3 results

Show:

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය සංකෂිප්ත සටහන්

Highlights:

2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නව නිර්දේශයට අදාලව 12 සහ 13 ශ්‍රේණි සඳහා ග්‍රන්ථ දෙකක්ම මේ වනවිට ඔබ අතට පත්කර ඇත. ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම පුළුල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම එහි ගෙන ඇති අතර හැකිතාක් මූලාශගත තොරතුරු ඇතුළත් කරමින් අවශ්‍ය තැන් ඔබටම සොයාබැලීමට හැකිවන අයුරින් එම ග්‍රන්ථ සම්පාදනය කර ඇත.

මෙම ග්‍රන්ථය මගින් තවදුරටත් එම කටයුත්ත ඉදිරියට ගෙන යාමට කතුවරයා සමත්වී ඇත. ඉහත සඳහන් වු ග්‍රන්ථ දෙකටම අයත් මාතෘකා සම්බන්ධ කරුණු හැකිතාක් සංක්ෂිප්තයෙන් මෙහි දැක්විමට උත්සාහ ගෙන ඇත. පළමු ග්‍රන්ථවලට ඇතුළත් නොවු මූලාශගත තොරතුරු ද අදාල සූත්‍ර පාඨ සමගින්ම ගොනු කර ඇත.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 13 – ශ්‍රේණිය

Highlights:

මානව ගුණ ධර්ම වර්ධනය කර ගනිමින් යහපත් මිනිසෙකුගේ භූමිකාවට ප්‍රවිෂ්ඨ වීමේ මහඟු ඉඩකඩක් බුදු දහමින් උදාකරගත හැකිය. එය ඔබට දැනී ගියහොත් විභාග ජයක්, ජීවන ගමනේදී එළඹිය හැකි ජයත්, ලැබීමෙන් ඔබටම සාර්ථක විය හැකිය. එම නිසා හැකිතාක් දහම පරිශීලනය කරන්න.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 2018 සිට ක්‍රියාත්මක විය යුතු 13 ශ්‍රේණියේ එම විෂය පථයට හසුවන නිර්දේශිත පාඩම් ඇතුළත් ග්‍රන්ථයකි.

ධම්ම පදය තෙවන කාණ්ඩය

Highlights:

ධම්ම පදය වනාහි මෙලොව හා පරලොව පිළිබඳ විශ්වාසයක් තබා ඇති ඕනෑම අයෙකුට දෙලොවම දිනිය හැකි මහඟු උපදේශයන් ගෙන් පරිපූර්ණ කෘතියකි. එහි දැක්වෙන කථාවස්තු මගින් හෙලි කරන්නා වු ජීවන දර්ශනය අත්‍යන්තයෙන්ම අපගේම ජීවිත කැඩපතේ ජායාවක් බව දැකගත හැක්කේ ඒ තුළට කිඳා බැසීමට අප ගන්නා උත්සාහය මගිනි. ධම්මපදය පිළිබඩඳ මෙයට පෙර පළමු ග්‍රන්ථ දෙකෙහි වර්ග 11කට අයත් ගාථා 156 ක් හා ඒවාට සම්බන්ධ කථාවස්තු 126 ක් පිළිබඳව විස්තර ඇතුළත් කළෙමු. මෙම තෙවන කාණ්ඩයට අයත් වන්නේ වර්ග 8 කට සම්බන්ධ ගාථා 116 ක් හා කථා පුවත් 77කි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping