චැනල් කාක්කා කෙටි කතා සංග්‍රහය
Highlights:
පවිත්‍රා ගුරු විවේකාගාරයෙන් එළියට පැමිණ කොරිඩෝව දිගේ ඇවිද ආවේ අරමුණකින් නොවේ. අරලිය ගස් සෙවණේ තැන්තැන්වල කතාබස් කරමින් සිටින සිසු සිසුවියන් ඇගේ නෙත ගැටුණේ ඉබේටම ය. මීට වසර කිහිපයකට උඩ දී තමා ද අරලිය සෙවණේ ඔහු සමග පෙම්බස් දෙඩුවා ඇයට මතකය. ඇයගේ මුවගට සිහින් සිනාවක් නැගිණි. ඒ සමග නැගුණු කදුළු ඇය අත රැදි අළු පැහැති ලේන්සුවෙන් පිස දමා ගත්තේ කිසිවකු දකීවියැයි බියෙනි. වසර අවසාන විවිධ ප්‍රසංගයට සූදානම් වන නිසා පාසලේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙනදාට වඩා මේ දින කිහිපයේ නිදහසක් ලැබී ඇති පාටය…
රු400.00
නිවනට මග
Highlights:
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අපේ ජීවිත යහමගට පත් කර ගැනීමට බෙහෙවින්ම ඉවහල් වී ඇත. අපේ ජීවිත ධර්මානුකූලව හැඩ ගස්වා ගැනීමට බුදුදහම අපිට වඩාත්ම ප්‍රයෝජනවත් වී ඇති නිසාම එම ධර්මයේ විශේෂිත කරුණු කිහිපයක් ගෙන සවිස්තරාත්මක පොතක් මෙන් ගොනු කළෙමි. සෑම තරාතිරමක අයෙකුටම තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව වටහා ගැනීමේ පහසුව ගැන සිතා සරල බසින් ලියැවුණු මෙම පොතට ඇතුළත් වන්නේ අත්‍යවශ්‍ය කරුණු කීපයක් පමණි. ඒවා නම් චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්රිලක්ෂණය, සත්තිස්බෝධිපාක්ෂික ධර්ම, ස්කන්ධ ආයතන සහ ධාතු, කර්මය, කුසල අකුසල විවරණය සහ නිවන යන ධර්ම කරුණුය.
රු400.00