දොරකඩ දෙවොල
අනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංගසම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.. මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුන් අනන්තයි. කෙණෙහෙලිකම්, මදිපුංචිකම්, හතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්.. නින්දා අපහාස, කරදර තිබ්බ එකේ… උඹල අපි කව්ද බං..?
නැන්දම්මටනම් කියන්ඩ බැරියැ.. විඳවලා බලන්ඩ ඕනෙ..”
ඇය ද පටාචාරාවකි
“ඕක මගෙ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන. ඒකිටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවා… අම්මා ලෙඩින් වැටිලා… රෝල ගහන්ඩ තමයි බං මේ හැමදේම.. උඹ ඔයින් බේරිලා ආව මදැයි. මාත් ඉස්සර උන් එක්ක ගහ ගන්නවා.”
මිහිරිගෙ කතාවෙන් පස්සෙ තමයි අමිලගෙ ඇඟේ දාඩිය නිවුණෙ.
ආදරයේ අකුරූ
“මේ තරම් පරිස්සමින් මේක කරන්ඩ වුනේ පත්තරකාරියක් ඇහගහගෙන ඉන්න හින්දා. නැත්තං උඹව කැලේ ඇතුලෙදීම ඉවර කරන්න තිබ්බා.”
ඔහුගේ පහරවලින් සිහිසුන්ව උන් තියංගීට, අසරණ කෙල්ලට ඔහු කී දේවල් ඇසුනේ නැත. ඉතින් ඔහු සිත් සේ ඇගේ සිහිසුන් සිරුර හත් අට වතාවක්ම රස වින්දේය.
සෙනෙහෙ ගඟුල්
මගේ හිතට සැනසුමක් දැනෙයි. මේ වෛද්‍යවරයා බුදුවේවා.. යයි මම ප්‍රාර්ථනා කළෙමි.
ඒ තරමටම එවෙලෙහි ඔහු මට දෙවියෙක් විය.
විනාඩි විස්සක්වත් ගියේ නැත “ඔහෑ… ඔහෑ…” යන ශබ්දය තියටර් එක දෙදරන්නට තරම් විය.
“ඩොක්ටර්.. මට බබා පෙන්නන්න..”
“මේ… චේතක වගේ කළු කොල්ලෙක්…”
මාල ගිරා තටු
“මම මේ චිත්‍රය නම් කළේ බෝසත් කියලා. ඇත්තටම.. මේ තරුණයා දුටු පළමු මොහොතෙම ක්ෂණිකව හිතට ආපු සිතුවිල්ල තමයි බෝසත් කියන එක. මට ඒක හිතා ගන්න බෑ.. මගේ අප්පච්චි නැති වෙනකොට මට අවුරුදු පහයි.”
පහන් තාරකා
ජීවිතේ පාලු ඉසව්වක මල් පීපි තිබෙන විට මල් සුවඳ දැනෙනවිට හිතට දැනෙන පිරිසිදු සුවඳ වචනයෙන් විස්තර කරන්නට නොහැකිය. මම ජීවිතයේ බොහෝ අවමාන වින්දෙමි. ආදරය වෙනුවෙන් අවමාන වින්දෙමි. මගේ කුස තුල මෝර මෝරා වැඩුණේ ඒ අවමානයයි. නමුත් ඒ අවමානයම විසින් දිනෙක මා සම්මානනීය ගැහැනියක කරන වග ඇදහූවෙමි. මට ඇඟිල්ල දිගු කළ බොහෝ අයගේ ක්‍රියාවන් දිනෙක බොරු කරන්නට මම අදිටන් කර ගත්තෙමි.
ප්‍රේමයේ යාදිනී
“එක ඇඳක එකට බදාගෙන නිදා ගත්තත් හුඟක් පිරිමින්ට තමුන්ගේ ගෑනිගෙ හිත තේරුම් ගන්න බෑ..”
සත්‍යයක් හෝ අසත්‍යයක් වේවා මගේ හිතට නැගෙන දේ
මම වචනයට පෙරලුවෙමි
සැබවින්ම සසිත්ට තිබුණේ මාව අයිති කර ගැනීමේ
උන්මාදයකැයි මට සිතේ
සුපෙම්වත ඔබ මගේ
හමුවේ වා ඔබ මතු අත්භවයක ඔබ මගේම වූ ආත්මයක සංසාරේ….
ඔබ මගේම වූ ආදරය නම්
ඔබගේ නික්ම යාම
මගේ ජීවිතයේ අවසානයයි..
එහෙත්
ඔබේ ජීව රුධිරය
ජීවත් කරනු වස්…
මම ලෝකය පවතින තාක්කල්
ඔබටම ආදරය කරමි.
වස්සාන මැදියම
ජලනි වහා බැල්කනියේ කණුව අල්ලා ගත්තාය. සුදු ගවුම ඇඳ ගත් කොණ්ඩය දිග යුවතියක් කෝපි ගස් අස්සෙන් වත්ත පල්ලෙහාට දිව යන අයුරු ජලනී දුටුවාය.
“මුතුලී.. එහෙනම් ඔයා ආයෙත් ඇවිත්..”
ජලනී තමාටම කොඳුරු ගත්තාය. මෙම අවතාරය තමා කැඳවාගෙන යන්නට හදන්නේ කුමන කරුණක් අරඹයාද.. ජලනීට බියක් නොසිතේ. ඇය සෙමෙන් සෙමෙන් වලව්වේ මැද මිදුලේ ඇති දොරින් පිටවූවාය.
ඇසළ මද්දහන
“මට මොකක්ද දැනෙනවා රුවියො … සර් ගැන… පුදුම ආදරයක් මගෙ හිතේ තියෙනවා… හැබැයි ඒක සර්ව ලබාගන්න ආසාව නෙවෙයි… ”
“හැම පිම්මක්ම පැනල ඉන්න උඹ කොහොමද සර්ට ආදරේ කරන්නෙ..සිදුහත් කුමරෙකුට ආදරේ කරන්න පුළුවන් යශෝධරාවකට විතරයි. චිංචි මානවිකාවකට ඒක කරන්න බෑ.”
සසර චාරිකා
“මිස්… මං දුප්පත් කොල්ලෙක්.. මාව අත ඇරලා දාන්න. මට මිස්ව රැක බලාගන්න පුළුවන්කමක් නෑ.. මං මිස්ගෙ තාත්තා ළඟ පඩියට වැඩ කරන සේවකයෙක්…”
නමුදු ඔහුගේ හේතු කාරණාවලට මගේ ආදරය පරාද වූයේ නැත. ප්‍රතාප අයියා මගේ ජීවිතයට බලපෑම් එල්ල කරද්දී ඔහුට මගේ සෙනෙහස අවශ්‍ය විය.