ඉරත් තාරකාවක්
යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ”ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..”ඔහුගේ හඬේහි වූයේ වෙනස්ම රිද්මයකි. ”ඇයි සර් එහෙම කියන්නේ. කොච්චර චූටි ප්‍රශ්නයක් ද මං ඇහුවේ.”යසිරුගේ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. වචනවලට පෙරළිය නොහැකි හැඟීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණ.
රිදී ඇල්ල
“එරන්දතී මැණිකෙගෙ ජීවිතේ රිදී ඇල්ලට බිලිවුණා.”
ගම්මුන් කීවේ එහෙමය.
එය සියදිවිනසා ගැනීමක්ද නැත්නම් මිනීමැරුමක්ද නොදන්නා අභිරහසකි. මා මේ කනින් අසන්නේ මගේම පෙර භවය ගැන බව දැනෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමකි.
“එරන්දතී මැණිකෙට පණවගේ ආදරය කරපු දේවක තාම ජීවත්වෙනවා..”
දේව්…ආදරණීය දේව්.. තාම ජීවතුන් අතරය.
මා මියගියද මානමින් ඔහු ජීවිතකාලය පුරා තනිකඩව ජීවත්වී ඇත.
“මට දේව් බලන්න ඕන.. අනේ මාව දේව් ළඟට එක්ක යන්න..”
හිත වේදනාවෙන් බරවෙද්දී මම කීවෙමි.
මල් පවන් රැල්
“පහන් තරුව වගේ කෙනෙක් මට පාර පෙන්නුවා… ඒ පහන් තරුව දිහා බලාගෙන මම මගේ දුක කිව්වා..
මං හිතාගෙන හිටියෙ පහන් තරුව අයිති දුර ආකාශෙට කියලා…
ඒක නෙමේ ඇත්ත… දෙයක් අයිති වෙන්න ඕන මොනවා හරි දේකට ආදරේ වෙන කෙනෙකුටයි…
ආදරය කරන කෙනෙකුට භෞතික දුර වැදගත් නෑ… ඒ කියන්නෙ පහන් තරුව අයිති
පහන් තරුවට ආදරේ කරපු මටම තමා…
මට පහන් තරුව වෙලා උන්නෙ ඔයා අසංක අයියෙ…
ඇත්තමයි මට අයිති මගෙ පහන් තරුව ඔයා….”
ස්නේහ තීර්ථ
සේරසිංහ මහත්මිය හැකි තාක් ඉවසුයාය. කිසිදු සාධරණත්වයකින් තොරව තම දෙදරුවන්ගේ සිත් තූළ සසංක කෙරෙහි වේයිරි සිතුවිළි පහලවනු දකින්නට ඈ කිසි දෙනෙක රිසි නොවුවාය
“කොහොමත් ඉතින් අම්මටයි තාත්තටයි මේ අපිට වඩා ඒ කැලෑවෙන් අහුලගෙන ආව එකා ලොකුයි නේ..”
“උඹලට වඩා නම් ඒ කොල්ලා හැම අතින් ම ලොකුයි නේන්නම්..උඹලා දෙන්නම කරන්නේ තාත්තා එකතු කරලා දෙන එකතු කරලා දෙන එක කාලා මක බාලා දාන එක…
ක්ෂේම භූමි
වීරවර්ධන මහතා අභිමාන් දෙස බැලූවේ තරවටු දෑසිනි.
එහි වුයේ, උතුරා යන පීතෘ සෙනෙහසකි.
“සර්..මිස් මං ගැන ම වද වෙනකොට…….”
‘කොහෙද මිස්ලා ඉන්නෙ…? නෑකම් වරද්ද ගත්ත එකෙන්
තමයි මේ කතාවට අවුරුදු තුනක් ඇදිලා ගියේ..’
සසිත්යා සේ ම අභිමාන් ද වීරවර්ධන මහතා දෙස
බලා සිටියේ විස්මයෙනි.
සිඳු රළ ගීතේ
“ඔව් එයාල ළඟ අඩු තරමෙ නිදාගන්නකොට පොරවා ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ.. එයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ වැඩ කරන්න.. කෙනෙක් රටකින් රටකට එන්නේ වඩා හොඳ ජිවිතයක් හොයාගෙන.. කොහොම හරි.. ඒ දෙන්නා දැන් අපේ උඩ තට්ටුවට වෙලා හොඳින් ජීවත් වෙනවා.. මෙහෙ නවාතැන් ගන්න ආව හැමෝටම වඩා හොඳ ජීවිතයක් ගෙවනවා..”
“ඔව්..ඒ බව පේනවා..”
ඊට මාස ගණනාවකට පෙර හිඳ කපා දැමිය යුතුයැයි විවියන් මැසිවිලි නගමින් උන් ගසක විශාල අත්තක් ඔසවාගෙන යන තෝමස් දෙස බලමින් ඇනා පැවසුවා ය.
“මේ ගෙදර උඩ තට්ටුවේ වැඩ ටික කරගන්න රෙබෙකාත් මට උදව් කරනවා.. එයාලා දවසක යනවා දකින එක මට දුකක් වෙයි.. මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා.. මට විතරක් මේ ගෙදර හොඳට ම ලොකු වැඩියි.. ඔයා දන්නවනේ අනිත් අය වටේ ඉන්දැද්දි මං කොයි තරම් සතුටු වෙනවද කියලා..”
“කවදද එයාල ආපහු යන්නේ..?
කප් සුවහස් කල්
හීන ගේන හිත අස්සේ
ඔබ ඉන්නේ උඩු මහලේ
ආදරේට කවුළු පියන් නෑ…
හිත ළඟ හිත
මිස දොරගුළු නෑ…
ප්‍රේමණීය අබිසේස් ලැබ
නොදැනුණු සේ සිත අරගෙන
ඔබව දමා දුර ගියාට
මේ හැටි දඬුවම්…
අහංකාර ආදරියට
තවමත් දඬුවම්…
මියෙන තුරා විඳවන්නට
ලැබුණා දඬුවම්…
අහිමි වුණත් හිමි නොවුණත්
මතක් වුනත් අමතක මුත්
තවමත් මේ හිත් මැදුරේ
ඔබට නවාතැන්…
බොඳව ගියත් පෙම් සිහිනේ
මටද නවාතැන්…
සසර කොහේ හෝ හමු වී
ගනිමු නවාතැන්….