Product Tag: නිපුන් පොත්

නිපුන් පොත්

Showing all 30 results

Show:

කුංකුණාවේ යතිවර විත්ති

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. දේශානුරාගයෙන් ඔද වැඩී ගෙතූ කවි පද වැල්
  2. ටොකු පූජාවත් මුල් ආසනයේ සිට ම බෙදුවොතින් හොඳයි!
  3. සඟරුවනට නිගා කළ රජු වස් කවියෙන් දණ ගස්වයි
  4. විනකළ වන සතුන්ට වස් කවියෙන් තහංචි පනවයි
  5. අහංකාර ගෙවිලියන්ට අලංකාර දණ්ඩනයක්…යනාදි.

4 – ශ්‍රේණිය සිංහල දැනුම

Highlights:

4 – ශ්‍රේණිය ගුරු අත්පොතට අනුගත ව මූලික පාඩම් මුල සිට මෙම පොතේ අනුපිළිවෙලට ඉදිරිපත් කර ඇති අතර, එකී ප්‍රධාන පාඩම්වලට හානි නො වන සේ අමතර අභ්‍යාස රැසක් හා පුනරීක්ෂණ පත්‍ර 10ක් ද ලෙස මුල සිට මෙම පොතට එකතු කර ඇත.

මවකගේ කිරි කඳුළු

Highlights:

කුමන සෙනෙහසක වුවද තිබිය යුතු කරුණාව,දයාව,ක්ෂමා කිරීම, මෘදු බව, සංවර බව, පරිත්‍යාගය, ඉවසීම, විශ්වාසය වැනි ගුණාංග ගිලිහි යද්දී අනේකවිධ දුක් පීඩාවන් වලට ලක් වුවද, ඒවා නිවැරදි කර ගැනීමෙන්ම සහනය, සැනසීම ළඟා වන බව පසක්කරලන්නට ද කතුවරිය උත්සාහ කර ඇත. ඒ වගේම මේ ලෝක ධාතුව තුළ මිනිස් වෙස් ගත් වන සතුන් මෙන්ම දෙවි දේවතාවන්ද වැඩ ඉන්නා බව හඟවමින් නිමාවක් දකින්නට ඇය ගෙන ඇති උත්සාහයෙහි සාර්ථක අසාර්ථක බව විනිශ්චය කිරීම පාඨක ඔබ සතු කාර්යයකි.

උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත – 2

Highlights:

ක්‍රි: ව: 1817 – 18 වර්ෂවල දී ඌව – වෙල්ලස්සසෙන් ආරම්භව
උඩරට සිසාරා පැතිර ගිය ඉංග්‍රීසි පාලනය උඩරටින් පලවා හැරීමේ
ජනතා පිබිඳීමෙත්, 1848 වසරේ දී මාතලෙන් ආරම්භකව දිවයින
වසාලමින් පැතිර ගිය හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජයට එරහිව
ඇති වු සටන් වලදීත් අභීතව සටන් වැදී ප්‍රකට, අප්‍රකට හෙළ
විරුවෝ බොහෝ ය.

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

  • 2017 නව විෂය නිර්දේශයට අනුකූල
  • ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි

රහස් පරීක්ෂක කතා අංක 03 ෆෙලූගේ වික්‍රම රන් බලකොටුව

Highlights:

අපට වෙන් කරන ලද කාමර සංචාරක නිවසේ විය.තමන් නිව් බිම්බේ ලොජ් එකේ නතරවන බව ලාල් මොහාන් බාබු පැවසීය. “මං හෙට උදේ ඔයාල මුණ ගැහෙන්නම්, අපි හැමෝටම එකට බලකොටුව බලන්න යන්න පුළුවන්.” යනුවෙන් පවසා, එක පෙළට නවතා තිබු ටොංගා වෙතට ඔහු ගියේය.

මූරෝ හෙවත් භයානක මූසිකයා

Highlights:

“මූරෝ හෙවත් භයානක මූසිකයා ” නැමති මෙම කතාව Adam Blade ගේ ‘MURO – The Rat Monster’ කතාවේ සිංහල පරිවර්තනයයි.

ටොම් සහ එලේනා තවත් අද්භූත සංචාරයක යෙදෙන්නේ භයානක මී අවතාරයකට මුහුණ දෙමිනි. ගොවියන්ගේ ඉරිඟු වගාවන් වනසමින් දේශයක් සිය අණසකට යටත් කරගෙන සිටින මී අවතාරය විනාශ කර දැමීමට ඔවුහු උත්සුක වෙති. මෙහිදී ටොම් සහ එලේනා මුහුණ දෙන බියකරු අත්දැකීම් රැසකින් මෙම කෘතිය සමන්විත වේ.

මගේ පුංචි ගුරුතුමී

Highlights:

සඳුදා දින මම වෙනදාටත් වඩා වේලාසනින් පාසල් යාමට සූදානම් වුයෙමි. ගුරුතුමිය දකින තෙක් මට ඉවසුමක් නැත. ඇය යළිත් නොඒදෝයි සැකයක් මා තුළ පවතියි. අනෙකුත් ගුරුවරු පැමිණ දින දෙක තුනකින් නතර විය.සති තුනක් ගිය පසු ඇය ද නතර වීමට බැරි නැතැයි මට සිතුණි.

“අද උදේම මොකද ලෑස්ති වෙන්නෙ…? අම්මා මගේ කලබලය දැක ඇසුවා ය.

17 වන බතරොයිය

Highlights:

නිශාන්තන්ගේ බිරිඳද, දරු දෙදෙනාද රැගත් ‘යාපනය’ බස් රථය වවුනියා නගරය පසු කරමින් ඕමත්තේ දෙසට ඍජු ඒ 09 මාර්ගයේ ඉගිලෙයි. ගොම්මන් හිරු එළිය වැටුණු වියළුනු ගහවැල් තඹ පාටින් බබලයි.බසය තුළට ඇදී එන වා ධාරා සැමදා පරිදිම උනුසුම්ය. එක යායට විහිදී ගිය අතහැර දමන ලද වෙල් යාය කෙළවර, 17 වන බතරොයිය කඳුවර තිනුණු තැන කැඩී,බිඳි දිරා ගිය බංකරවල තල් කොට තැන තැන විසිර ඇත.

අසංකගේ විශ්මිත ජය

Highlights:

“පුංචි දොස්තර මහත්තයත් එක්ක වචනයක් කතා කළත් අසනීප හොඳන් වෙනවා.”

“පුංචි දොස්තර මහත්තයට දරුවොත් හරි කැමතියි.”

“පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කිව්වම සන්තෝසයෙන් බොනවා.”

“ඉස්සර බෙහෙත් බොන්ට ගියාම අඬන දොඩන අපේ දරුවා පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කීවාම හිනාවෙවී බොන්නේ.”

දුම්බර නිළමේ

Highlights:

“ඉඩම වටේම තේක්ක ගස් හිටවපන්…. තේක්ක දැන් බුරුමයෙන් ගෙන්වන්නේ. මම දොරවල්වලට ලී ගෙන්න ගත්තේ කොළඹ වෙළෙන්දෙකුට කියලා.ගිනි ගණන්. හොඳ තේක්ක පැළ වගයක් මට ළඟදීම ලැබෙයි.”

“එහෙමයි හාමුදුරුවනේ.. ඉඩම වටේටම තේක්ක පැළ දාන්ටයි මම හිතාගෙන ඉන්නේ.”

“ඒක හොඳයි… හොඳයි… උඹට මම කියන්ට ඉස්සර සේරම තේරෙනවා.”

මම ද ගැහැනියක්මි

Highlights:

“ගෑනියක් දික්කසාද කරල උඹ ඒකා බඳින්න කැමතිද?” ඇය ඇසුවාය.

“ඇයි?”

“ඒත් ගැහැනියක්. උඹත් ගැහැනියක්.තවත් ගෑනියෙක් අමාරුවෙන් දාල උඹව බැඳ ගන්නව නම් ඒක මම විශ්වාස කරන්නෙ නෑ.අනිත් එක එක ගෑනියෙක් අත හැරපු මිනිහට උඹව අත් හරින එක එච්චර දෙයක් නොවෙයි.ඒක මතක කියා ගනින්”

හරිකේන් මකරා

Highlights:

“එයාව කෑලිවලට කපලා මාළුන්ට කන්න දාන්න.” මුහුදු මංකොල්ලකාර රජු කෑ ගැසුවේය. මුහුදු මංකොල්ලකාරුවෝ ටොම් වටා රොක් වූහ. ටොම් තම කඩුව කරකවමින් පහර දෙන්නට වූයේය. කිසිවෙකුත් විදුලියක් මෙන් එහා මෙහා ඇදෙන කඩු පත ඉදිරියට එන්නට ධෛර්යමත් වුයේ නැත.ඔවුහු පස්සෙන් පස්සට යන්නට වුහ.

නොපැතූ පැතුම්

Highlights:

“අනේ ගැමුණු, වෙරි සොරි අනේ. අප්පච්චිලාගෙ හැටි ඔහොම තමයි.ඒ ගොල්ලො, පරණ හණමිටිකාරයොනෙ.එයාලට ඕනැ,හොඳ වංශවත්, මිල මුදල් යහමින් තියෙන, ලොකු තනතුරක් දරණ කෙනෙකුට මාව බන්දල දෙන්ටා. අනේ මට එහෙම මිනිස්සු නම් කීයටවත් එපා. මට ඕනැ, හොඳ මනුස්කම් තියෙන පිරිමියෙක් විතරයි.ඔයා, ඕක ගණන් ගන්ට එපා ගැමුණු.” සමන්මලී, ඇඬුම් මුහුණකින් යුතුව කීවාය.

නුවරකලාවියේ අලුත් නෑයෝ

Highlights:

“අපේ ගම දැන් අලුත්ම එකක් රංකිරෝ.වේලු කසාද බැන්දෙ සිංහල එකියක්.මොහොමඩ් කසාද බැන්දෙ සිංහල එකියක්.මේවා සේරම වෙනස්වෙන කාලයක්.උඹ ක්‍රිෂ්ණාට එකිත් එක්ක පවුල් කන්ට කියපන්.මොකද කොල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑනෙ.” නායක් හාමුදුරුවෝ මෙන්ම නිලමේද අදහස් දැක්වූයේ එලෙසින්ය.

ඇමති දරුවෝ 2

Highlights:

වර්තමාන දේශපාලනයේ පවතින දුෂණ,
වංචා, පළිගැනීමි, බලය පාවිචිචි කිරීමි,
නීතිය කඩ කිරීමි, රාජ්‍ය සමිපත් අවභාවිතය
ආදි වශයෙන් සියලුම කටයුතු සමග සුන්දර
ප්‍රේම කථාවක් වශයෙන් දිග හැරේ.

තරුණ දුවේ මේ අහන්න

Highlights:

විශේෂයෙන් තරුණ දූවරුන් ඉන්නවා නිවසේ දී හැසිරෙන්නේ මේ ලෙසිනුයි. ඔවුන් නිවසේ හැසිරෙන්නේ යක්ෂණියන් ලෙස. තව කෙනෙකුගේ නිදහස දෙස බලන්නේ වත් නෑ.ආත්මාර්ථකාමී ලෙස තම විනෝදය සලකාගෙන ඔවුන් කටයුතු කරනවා. සිංදු කියනවා, කෑ ගසනවා, රූපවාහිණි බලනවා, වයසක දෙමාපියන් දවස තිස්සේම මහන්සි වී විවේක ගන්නේ රාත්‍රියටයි.

අපොයි මගේ ඉස්කෝලේ

Highlights:

“මේ ළමයින්ට දැන් බඩගිනිත් ඇති.ඉන්න මම රොටී ටිකක් පුච්චලා දෙන්නම් කාල ආපහු මේ පාරෙම ගිහිල්ලා ගඟෙන් ආපහු එගොඩවෙන්ට. ඒ පාර දන්නවා නේද? ආයෙත් මෙහාට එහෙම එන්න එපා.” නෑ මාමෙ අපි දැන් කෙලින්ම ආපු පාරේ ආපහු ගිහිල්ලා වතුර අඩු තැනකින් ගඟෙන් එගොඩ වෙනවා.ඊටපස්සෙ ගඟ උඩහට ගියාම තෙල්දෙනිය කිට්ටුයි.

සසල මැදුර

Highlights:

එදා පටන් ඒබරං සියලු වැඩ නිමවා රාත්‍රී ඉගෙන ගන්නට ගියේ ය. මුදලාලි පැවසුවේද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ආණ්ඩුවේ තනතුරක් හෝ ලබා ගත හැකි බව ය. ඒබරං තරුණයාගේ ක්‍රියා පිළිවෙළට ඔහු බෙහෙවින් ආකර්ෂණය වී සිටියේ ය.ඔහු අනාගතයේ දියුණු තත්ත්වයකට පත් වෙතැයි ඉසදින් කල්පනා කළේ ය.

කෝනා මල්

Highlights:

කෝණා මල් ලියා ඇත්තේ මහනුවර,
පාතදුම්බර, උඩුරාවණ ග්‍රාමයෙන්
බිහිවුණු අමේලා සඟරන්දේනිය
බෝයගොඩ මහත්මිය විසිනි.

ඇය පේරාදණිය විශ්වවිද්‍යාලයේ
උපාධිධාරිණියක් මෙන්ම පශ්චාත්
උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරිණියක්ද
වෙයි

අපූරු සංචාරයක්

Highlights:

“හොඳයි අපි උත්සාහය අත්හරින්නේ නෑ. මේ
වාගේ දෙයක් වුණාම ලංකාවම කලබල වෙනවා.
මාධ්‍ය‍යට යන්ට දෙන්ට හොඳ නෑ.”

“ඔව් ගියොත් කරදරේ,”

එහෙත් මාධ්‍ය‍යට දරුවන්ගේ අතුරුදහන්වීම රහසක්
කරන්නට නොහැකි විය. ඒ ප්‍රදේශයේ සිටින මාධ්‍ය
කරුවන් කීපදෙනෙක්ම කලබලය ගැන දැන ගත්තෝය.
ඔවුහු උදාරගේ නිවසට පැමිණ විස්තර විමසන්නට වුහ.

“අපි හරියට දන්නේත් නෑ මහත්තුරුනේ. ළමයි ඊයේ
ඉඳලා නෑ තමා.”

අන්තිම ඉල්ලීම

Highlights:

සිරිදාස බලු කික්කියක් ගෙදරට ගෙනාවේ පවුලේ සියලු දෙනාගේම බලවත් ඉල්ලීම පිටය. රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් වූ ඔහුගේ බිරිඳ මැහුම් ගෙතුම් කරමින් දවසේ කීයක් හරි සොයා ගත්තා ය. සිරිදාසට එය මහත් පහසුවක් විය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ටිකක් හෝ අඩුකර ගැනීමට එයින් හැකි වූවා යයි එහු කල්පනා කළේ ය.

අන්තවාදීන් එනවෝ

Highlights:

යම් ගැහැණියක් වෙළඳපොළෙන් තමාට වුවමනා දෙයක් ගැනීම සඳහා ඒවා දෙස හොඳින් බැලීමට මුහුණ වැස්ම මදක් එසවුවහොත්,නැතහොත් පාර මාරුවන අවස්ථාවක හෝ ඇඳුම් අත ලිස්සා ඇගේ මැණික් කටුව හෝ යාන්තමින් නිරාවරණය වුවහොත් කොහෙන් හෝ කඩා පාත් වන බිල් මරූෆ් සාමාජිකයෙකු හැමදෙනාටම දරාගත නොහැකිවන පරිදි වේගවත් හා තිරිසන් “සාධාරණත්වයක්” ඉටු කරයි.

සංචාරක කිරිල්ලී

Highlights:

මා මගේ ජීවිත කථාව කොතනින් පටන් ගන්නේ ද කියා මේ වන තෙක් සිතමින් සිටිමි. එහෙත් එහ් පැවසිය යුතුමය යන බලවත් හැඟීම මා සිත කලඹයි.මගේ කුඩා කාලය මව්පිය සෙනෙහස නොලැබුණු එකක් යැයි මට නිතරම සිතේ.

සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි

Highlights:

බොහෝ වෙහෙස වී පැමිණි මා නන්දාගේ නිවසට ගොඩ වදින විට රාත්‍රී අට ද පසු වී තිබුණි.ඇය මා එනතෙක් බොහෝ වේලාවක් බලා සිට ඇති බව මම දැන සිටියෙමි. දවස තිස්සේ ම මා වෙනුවෙන් අවශ්‍ය දේ සුමනේ සමඟ ගොස් ගෙනවිත් රාත්‍රී ආහාර සකස් කොට තිබූ ඇය පමණක් නිවසේ සිටීම නිසා මම සුමනෙ ගැන විමසීමි.

සිංහල ආදර්ශ රචනා

Highlights:

අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළට මෙන්ම පාසලේ බොහෝ පන්තිවල විභාග ප්‍රශ්න පත්‍රවල විශේෂයෙන් සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්න පත්‍රයට රචනය අනිවාර්ය වී තිබේ. මෙම කෘතියේ වැඩි අවධානය යොමු කරනුයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ රචනා ප්‍රශ්නය කෙරෙහිය. එබැවින් සාර්ථක විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව- මෙම පරිච්ජේදයේ දී උපදෙස් සපයනු ලැබේ.

රහස් පරීක්ෂක කතා අංක 07 සත්‍යජිත් රායි ෆෙලූගේ වික්‍රම – බොම්බායේ මංපහරන්නෝ

Highlights:

උඩු මහලෙන් ඇසුණු තට්ටු කරන හඬක් නිසා ෆෙලුඩා හිස ඔසවා උඩ බැලීය. “ඔයාගේ තාත්තා ලී සෙරෙප්පු දානවද?”  “ඔහ් යර්ස්, ඒක සපත්තු දානවට වඩා ස්වභාවිකයි නේද?” “ඔව්. මං එහෙම හිතනවා.මේ රෙදි කෑල්ල විසිකරපු නිසාද ඔයාගෙ තාත්තා මරන්න කවුරුහරි සැලසුම් කරනවයි කියල ඔයා කියන්නෙ, එහෙම නැත්නම් ඊට වඩා දෙයක් තියෙනවද්?”

අගුළු දැමූ පෙට්ටගම ( රහස් පරික්ෂක කතා අංක 06 )

Highlights:

රජ්ගම දේවපතිරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන‍, හික්කඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ්‍රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ්‍රාම යනතෙක් එම තනතුරේ සේවයේ නිරතව සිට ඇත.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට පත්වූ ”සත්‍යජිත් රායි” විසින් 1965 සිට 1982 වසර දක්වා ලියන ලද ”The Adventures of Feluda” නැමැති රහස් පරීක්ෂක නව කතා මාලාව ”ෆෙලූගේ වික්‍රම” නමින් ඔහු සිංහලයට පරිවර්තනය කර ඇති අතර, එය එක් පොතකට කෙටි නවකතා කීපය බැගින් ඇතුළත් කර, වෙළුම් වශයෙන් ඔබ අතට පත් කරන්නට ක්‍රියා කර ඇත.

– ගුණරත්න ඒකනායක –

තෑගි ගොඩයි

Highlights:

එදා පවුලේ සියලු දෙනාටම ප්‍රීතිමත් දිනයක් විය. එයට හේතුව ඔවුන් එදා රුපියල් පන්සියයක් පමණ හම්බකර තිබීමය. එය ඔවුනට විශාල ආදායමක් විය. සිරිසෝම කඩයට ගොස් පරිප්පු හා කරවල ගෙන ආවේය. කාලෙකින් දරුවන්ට හොඳට කන්නට දෙන්ට පුළුවන් වීම ගැන සිරිසෝම මෙන්ම ඔහුගේ බිරිඳද සතුටට පත්වූහ.

දොස්තර අසංක

Highlights:

අතුල ගොවිපල පුරාම ඇවිද ගියේ ය. ඔහු දුටුවේ ගියවර පැමිණියාට වඩා දැන් ගොවිපළ සරුසාර වී ඇති බව ය. නුවර නගරයට වී සිටීමට වඩා මෙහි පැමිණ නිවාඩුව ගත කිරීම කොයි තරම් හොඳ දැයි ඔහුට කල්පනා විය.ඒ අතරම ඔහුගේ සොහොයුරිය ගැන ද ඔහුට නිතර නිතර කල්පනා විය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping