Product Tag: නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි

නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි

Showing all 5 results

Show:

ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ

Highlights:

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමය යි කියනුයේ ඒ පිළිගැනීමට ය. රත්නත්‍රයේ එක ගුණයකුදු නො දැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්‍ය්‍ය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නො හැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් ම තරමකින්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්ෂිප්ත ශාසනික ඉතිහාසය

Highlights:
ලංකාවේ ශාසනික ඉතිහාසය ඉගෙනීමට මූලාශ්‍රය වන මහාවංශය, දීපවංශය, පූජාවලිය, රාජාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘති ද, වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨ උගතුන් විසින් විවිධ භාෂාවන්ගෙන් ලියන ලද වංශකථා ග්‍රන්ථ බොහෝ ගණනක් ඇති නමුත් එම සියලුම ග්‍රන්ථ සපයා ගැනීමට හෝ කියවීමට තරම් ශක්තියක් හෝ විවේකයක් බොහෝ ආධුනිකයන්ට නැත. එම නිසා ශාසන ඉතිහාසය පිළිබදව දැන ගත යුතු සියලු කරුණු සංෂිප්තව එක් කෘතියක් කියවා දැන ගැනීමට අවස්ථාවක් සැලසීම අපගේ මුලික අභිප්‍රාය විය. මෙහි එන අනුමාතෘකා සහිත පටුන හා අග ඇති සුචිය පරික්ෂාවෙන් කියවන කෙනෙකුට මෙම කෘතියට ඇතුළත් කොට ඇති විෂය පථය කොතරම් පුළුල් ද යන්න මනාව වැටහෙනු ඇතැයි සිතමි. මෙහි එන කරුණු වැඩි දුරටත් අධ්‍ය‍යනය කරන්නට අවශ්‍ය අයකුට පොතෙහි එකී පිටුවල අධෝලිපිවල සදහන් මූලාශ්‍රවලින් එය පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

බුද්ධ කාලීන සංඝ සමාජය

Highlights:

මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තවෙයි. පළමුවන කොටසින් එදා දඹදිව පැවැති ආගමික පසුබිමත්, විමුක්ති ගවේශකයන්ගේ පහළවීමත්, සංඝ සමාජයේ ආරම්භය හා ව්‍යාප්තියත්, වරින්වර සංඝ සමාජයේ ඇතිවු වෙනස්කම් පිළිබඳවත් කරුණු විස්තර වෙයි. දෙවන කොටසින් පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහන්ව ඇති තෙරවරුන්ගේ ජීවිත කථා අටුවා විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත.

මහා ශ්‍රාවිකාවෝ

Highlights:

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පමණක් නොව ඊට පෙර පහල වූ සම්බුද්ධ ශාසන වලත් පසුව අනාගතයේ පහල වන ශාසන වලත් මෙහෙණි සස්න පවතින බව බුද්ධ වංශ දේශනා වලින් පෙනේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඛේමා – උප්පලවන්නා දෙනම අග්‍ර ශ්‍රාවිකා ලෙස පත් කර වදාළ අයුරින් තමන් වහන්සේලා ගේ සස්නේ මෙහෙණින් වහන්සේලාට නායකත්වය දීම පිණිස සෑම සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක්ම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේ ලා නම් කර වදාළ අප ඒ පුරාණ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ගැන දැන ගනිමු.

විසුද්ධි මාර්ගය

Highlights:

සත්වයන්ගේ විසුද්ධිය සඳහා ඇති
එකම මාර්ගය සතර සතිපට්ඨානය යි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ද
එයට ම සම්බන්ධ වෙයි.
සතිපට්ඨානයෙන් පසක් කර ගන්නා
පඤ්ඤා, සීල,සමාධි හා
විමුක්ති නිවන් මගේ සන්ධිස්ථානයෝ ය.
එම නිවන්මග විමුත්තිමග්ග කියාද
විසුද්ධිමග්ග කියාද හැඳින්විය හැකිය.
ඒ අනුව නිවන් මග හෙලි කරන ග්‍රන්ථය
විසුද්ධිමග්ගයයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping