Product Tag: නිසා ප්‍රකාශන

නිසා ප්‍රකාශන

Showing all 3 results

Show:

ඇමති පුතා – 2

Highlights:

“නෑහ්… මට වෛර කරන්න බැරි නෑ… මට පළිගන්න බැරි නෑ… ඒකි දාලා ගියේ මාව… මේ තේශ්ව… ආදරෙයි කියල හරි ලස්සනට රඟපාලා… ඒකි දාලා ගියේ මාව… මගේ ආදරය… කොච්චර ආදරේ කළාද ඒකිට… පණ උනත් දෙන්න පුළුවන් තරං මං පිස්සුවෙන් වගේ ආදරේ කළේ… ඒත් ඒ ආදරේට ඒකි පයින් ගැහුවා… හරි කැත විදිහට මාව රැවැට්ටුවා… බොරු බලාපොරොත්තු දීලා මාව නැත්තටම නැති කළා… නැත්තටම නැති කළා…පළිගන්නවා ඒකිගෙන් මං… මැරෙනකන්ම පළිගන්නවා… ඒකි එපා කිව්වෙ මගෙ ආදරේනෙ… හරි ආයෙ ඒ ආදරේ ඒකිට ලැබෙන්නෑ… එකපාරක් දෙපාරක් නෙවේනෙ… කීප පාරක්ම මාව එපා කිව්වනෙ… මගෙ ආදරේ එපා කිව්වනෙ… ඉතින් ආයෙ ආදරේ කරන්නෑ ඒකිට… මැරුණත් ආදරේ කරන්නෑ ඒකිට… ඒත්… ඒත් ඒකි මට කරපු හැමදේටම මං වෛර කරනවා… ඒ මුළු ජීවිතේම එපා වෙන තරමට,මං ඒකිගෙන් පළිගන්නවා… ආයෙ මේ තේශ්ගෙන් ආදරයක් නෑ ඒකිට… මගෙන් ආයෙ ඒකිට වෛරයක් විතරයි ලැබෙන්නෙ…වෛරයක් විතරමයි…‘

ගිනියම් වර්ෂා

Highlights:
සියල් ආශා අතර සැගවුණු
පුංචි මල් කැකුලක් තියේ…
අනෝරාවට හසුව රුදුරුව
පාව ඇවිදින් හිස් අහස තුල
කර්කශව ගිය පොළෝ තලයක
හැපි හැපී ඈ වැළපුණේ…
සුදු පිච්ච මල් පෙත්තකට සම
පුංචි කොපුලක් මුදු හාදු තිය…
රොන් සොයන බඹරෙකු ඇදේ..
පිච්ච මල ඔහු වෙත බැදේ…
ඇයත් නොදැනිම මල්වරව ගිය
වසන්තය ගිනි ගෙන දැවේ…
අනෝරා වැහි රුදුරු වේ…
ගිනියම්ව තව තව වැටේ..!

මන්දස්මි

Highlights:

“අඬන එක නැවැත්තුවේ නැත්නම් මං තමුසෙට මේ තෑගි එක්කම ළමයෙක් දෙනවා මන්දස්මි…”

දෙතොල හපාගෙන ඇය කඳුළු නවතගෙන ඔහු දෙස බැලුවේ දෑසින් පවා ඔහුට රවමින්.

“මේක අරන් යන්න.. තාම අපි දෙන්නගේ අතර අම්මට කියන්න දෙයක් නෑ.. එක්සෑම් ඉවර වෙනකන් මං ඉන්නවා.. හැබැයි වෙන එකෙක් දිහා බලලා තිබුණොත් තමුසෙට කලින් මං ඌව මරනවා.. ඊට පස්සේ උස්සගෙන ඇවිත් මගේ කරගන්නේ.. ඒ නිසා පරිස්සමෙන්.. ආ මේක ගන්න…”

“නැත්නම් මං අද හවසට ඇවිත් අම්මා ඉද්දි මේක දීලා යන්නම්…”

මන්දස්මි ඔහුට රවාගෙනම ඒ බෑග් එකත් උස්සගෙන මෝටර් රථයෙන් බැස්සේ සෂේතත් ඇය හා මෝටර් රථයෙන් පිටතට පැමිණේදදි.

ගස්සගෙන රවාගෙන ගත්තට මොකද ඒ පාර්සලය ඇයට උස්සන් ඉන්න බැරි තරමට බරයි.

“ඕවා එකක්වක් විසි කරලා තිබ්බොත් බලාගන්නම්…”

ඇය යද්දි මෝටර් රථයෙන් බැසගත් ඔහු පවසද්දී මන්දස්මි සාගරිගේ අතත් අල්ලන් බස් නැවතුම්පොළට ඇවිදන් ගියේ පුදුම කලබලයකින්.

“පව් බන් ඒකි…”

හිරාන් පැවැසුවේ ඇය ඈතට ඇදෙන දෙස බලා සිටින සෂේතගේ උර වටා දෑතක් යවමින්.

“පව් තමයි උඹ දන්නෑ මට ඇතුළෙදි දාපු ස්ද්දේ…මේ යමන් කෙල්ල පරිස්සමෙන් යනවද බලන්න ඕන..”

ඔහු එසේ පවසමින් රියදුරු අසුනට ගොඩ වෙද්දි හිරාන්ද ඔහු හා එහා අසුනට ගොඩවූවා. ඇය නිවසටම ගොස් මිනිත්තු කිහිපයක් ගත වුණාට පස්සෙයි ඔහු යන්න ගියේ..

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping