කම්බිලි
ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගෙ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් වීලාක් මෙන් ඇය කම්ඹිලි දෙසම බලා උන්නාය.
පිච්චිගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඬු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්බිලිගේ ඒ සිපගැනීම ප්‍රහල විය. පිච්චි තවත් තදින් දෑස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම් අඳිද්දී කම්බිලි බලා වුන්නේ දෑස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය. හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එතරම් අපහසු දෙයක් නොවේය. තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්බිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චිව තමාට නතු කරගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමනා වූයේ නැත
නෙතු සේයා
“දන්නවාද ජෙනුෂ්… ඔයයි මමයි අහසයි පොලවයි වගේ… කවදාවත් එකතු වීමක් නෑ. ඒත් මම ඔය දඟකාර වැඩ වලට, සත්තයි… පිස්සු වැටිලා ඉන්නේ. ඒ නපුරුකම, ඒ දැඟලිල්ල, ඒ ඊරිසියාව මට කියන්නෙ වෙනමම කතාවක්. ඒත් මගෙ අම්මා වගේ බැඳලාත් තමන්ගෙ මනුස්සයා තමන් ගාව නැති වෙන කොට දැනෙන ඒ වේදනාව දරා ගන්න තරම් මම ශක්තිමත් නෑ. අද මගෙ උත්තරේට ඔයා මොන වගේ ප්‍රතිචාරයක් දුන්නත් ඔයාට දවසක හිතෙයි… මේ මූසල කෙල්ල එදා මගෙ ජීවිතෙන් ගිය එක කොච්චර හොඳද කියලා. මට සමාවෙන්න ජෙනුෂ්…”
අසම්මතයද අහිමි නුඹ
“මොහොකටද අනේ ඔයාලා හිනා වෙන්නෙ.. කවුද සමනලයා…”
මම තරහෙන් එහෙම ඇහුවෙ කේශ්ගෙ හිනාවන් කලින්ට වඩා
ටිකක් වැඩියි කියලා දැක්ක නිසයි…
“ඇත්තමයි කේෂ්.. උඹ කෙල්ලෙක්ව සෙකට්‍රි පෝස්ට් එකට
ගත්තට වඩා හපන් වෙනවා මේකිව ගත්තු එක.. එහෙම උනානම්
අහන්න වෙන්නේ දෑරංගල ඇමතිට හොර ගෑනු ඇත.. කියන පදේ විතරයි..
ඒත් කමක් නෑ… හොර වුනත් ගෑනියෙක්නේ කියල ඉවසන්න පුළුවන්.
ඒත් දැන්. මේකිව දකිද්දි ඔය ගොසිප් කාරයො උඹට හොඳ හොඳ
කතා හදයි ඇමති පුතේ. මට මැවිලා පේනවා.
ගොසිප් පේජ්වල හෙඩ්ලයින් යන හැටි.”
මාරුතයේ ගීතය
එතකොට මිස් යුහන්සා දන්නවද… මීට අවුරුදු දහයකට කලින් ඔයා හදිසියේම අතුරුදන් උන බව.. ඒ වගේම ඒක තවමත් නොවිසඳුන ගැටලුවක් වෙලා තියන බව…
වසර දහයක්? යුහන්සාගේ සිතට නැගුනේ පුදුමයකි… ඈ බොහෝ කලක් නින්දේ හා අවදිවෙමින් සිටි බව ඇය දැන උන්නාය… නමුත් ඒ වසර දහයක් බව කෙසේ විශ්වාස කරන්නද? අතුරුදන් වූයේ කෙසේද? ඒ කුමක් නිසාද සහ අද මෙවන් කාමරයක් තුල සිටින්නේ මන්දැයි ඇයට සිතාගන්නට නොහැකි වී තිබුනේ සියල්ල පටලැවිල්ලක් මෙන්දැනෙන නිසාමය.
ඒ වගේම… අපිට දැනගන්න ඕන ඔයාට මොකද උනේ වගේම හදිසියේම ඔයා අතුරුදන් උන තැනට නගර ගානක්දුරින් එකපාරටම මතු වුනේ කොහොමද කියලා..
අපූර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුඹට තියෙද්දී
මා නුඹට තවකෙකුගෙ විය…
ජීවිතේ ලැබූ ලොකුම හිමිවීම
අහිමිවීමක් කර නුඹ විඳවන්නේය…
නුඹ නුඹටම ඊරිසියා කර
ඒ ඊරිසියාවේ උපතට නුඹ ආදරය කරන්නේය…
ඉතිං මම නුඹේ බව නොදැන
නුඹ අන්සතු වී හිඳින්නේය..
මන්දාරා…
අත් (අසෙනි වර්ෂා)
“සමාව දීලා හැම දෙයක්ම හරි
ලේසියට අමතක කරන්න මම
දෙවියෙක් නෙමෙයි. මම
මනුස්සයෙක්. ඉතින් සාමාන්‍ය
මිනිස් ආවේග මටත්
තියෙනවා.ඒක පෙන්නන
විදිහෙන් ප්‍රතිචාර දක්වන
විදිහෙන් මම වෙනස්
වෙන්න ඇති. ඒත් ඒකෙන්
අදහස් වෙන්නෑ මට
මගෙම කියලා හැඟීම් නෑ
කියන එක. ඔව්.. මම පළිගත්තා…
වැහි බිංදු
“මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර..”
ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ
ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..
මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්,
තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,
ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,
බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..
මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..
මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා
මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්..”මම රහසින් මුමුණමින් කීවෙම්.
“ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු…ඒ දඩුවම ලොකු එකක්..”