Product Tag: පහන් ප්‍රකාශකයෝ

පහන් ප්‍රකාශකයෝ

Showing all 11 results

Show:

උත්තම නිහඬතාවය

Highlights:

අප නිහඬතාව නැමැති මනසින් සවන් දෙන්නේ නම් පක්ෂීන්ගේ
සෑම නාදයක්ද, සුළඟට ළෙල දෙන තුරු ලතාවන්ගේ සෑම කෙඳිරීම්
හඬක්ද අපට යමක් කියනවා ඇත. මේ සියල්ලක්ම අපට කියන්නේ
කුමක්ද ? අර්ථ ගන්වන්නේ කුමක්ද ? ඔබ කතාබහින් තොරව සවන්
දීම කළ යුතු බව නොවේද ? කතාවට වඩා සවන් දීම ඔබේ ජීවිතයට
අර්ථයක් ගෙන එයි.

ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද ?

Highlights:

සතුටුදායක හා පිරිපුන් ජීවිතයක් සකස් කර ගැනීමට ඉවහල් කර ගත හැකි කරුණු කරණා ගණනකින් සමන්විත මේ පොත ධනාත්මක චින්තනයේ අග්‍ර ඵලයක් ලෙස හැඳින්විය හැක.

ඒ රූ කාගේද…

Highlights:

බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න. කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කරන්නෙවත් නැත. ඇතැම්විට ඒ රහස් බොහෝ වේදනාකාරීය. ඒවා කොතරම් ගැඹුරින් වළලා ඇති දැයි කිවහොත්,ඒවා ඒ පවුලේ අයටම අමතකව යයි.

මේ මැන්ඩිගේ කතාවයි. අර්බුදයක් විසින් ඒ රහසෙහි දොර විවර කරන තෙක්ම තම පවුලේ බියකරු රහසේ යතුර ඇත්තේ තමා අත යැයි නොදැන වුන් මැන්ඩිගේ කහතාවයි.

නායකයෙක් ඕනෑකර තිබේ

Highlights:

වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස කතුවරයා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. ඔහු අහදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේදවලින් ලැබූ දැවැන්ත අත්දැකීම් සමුදාය තුලින් ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වන වටිනා කෘතියකි.

පෞද්ගලික කාරණයක්

Highlights:

කෙන්සබුරෝ ඔඑ විසින් රචිත “පෞද්ගලික කාරණයක්” ( A Personal Matter ) 1989 දී ප්‍රික්ස් යුරෝපාලියා සම්මානයත්, 1994 දී සාහිත්‍ය‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයත්, ජපානයේ ෂින්චෝෂා සාහිත්‍ය සම්මානය සහ ජුනිචිරෝ තනිසාකි සම්මානයත් වැනි බොහෝ සම්මාන “පෞද්ගලික කාරණයක්” කෘතිය සඳහා හිමිකරගෙන ඇත.

හිට්ලර්ගේ දින සටහන්

Highlights:

Selling Hitler’ නමැති කෘතිය බ්‍රිතාන්‍ය‍යේ මාධ්‍යවේදියෙකු වන රොබට් හැරිස්ගේ කෘතියකි. හිට්ලර් විසින් වර්ෂ දහතුනකට ආසන්න කාලයක් අවිචාරවත් ඒකාධිපති පාලනයක් ගෙන යමින් මිලියන හැටක පමණ ලෝක ජනතාවක් අකාලයේ මියයාම හා ගණන් හිලවු බැලිය නොහැකි දේපළ විනාශයක් සිදුකිරීම සම්බන්ධ සියළු තොරතුරු හා ඔහුගේ ජීවිතය සම්බන්ධ අනෙකුත් තොරතුරු අලලා සිරිසේන රත්නායක විසින් මෙය “හිට්ලර්ගේ දින සටහන්’ ලෙස පරිවර්තනය කර ඇත.

කවුරුන්ද නුඹ මගේ

Highlights:

දිග හුස්මක් හෙළපු මං ආපහු
ඇඳෙන් නැගිටලා රෙදි ටික නවන්න
ගත්තා.හැබැයි එක අතකින් මට
මෙහෙන් ටික දවසකට හරි ඈත්
වෙලා ඉන්න තියෙන එක හොඳයි…
මොකද ගමේ හිටියොත් අර
ධනුෂ්කගෙන් තවත් කරදර.එහෙම
බැලුවම අම්මත් සතුටු වෙයි මං මේ
ගමන යන එක ගැන.

මද්දුම දෝණියේ

Highlights:

ප්‍රේමා සුරවීර රූපසිංහ විසින් රචිත
මෙම “මද්දුම දෝණියේ” නම් කෘතිය
මවක විසින් තම මදුම දියණියට දෙනු
ලබන අවවාදවලින් සමන්විත ය.
මෙම කෘතිය දියණියන් සිටින මවුවරුන්
විසින් දියණියන්ට පරිශීලනය කිරීමට
දිය යුතුම කෘතියකි.

දිසාපාමොක් දියණී

Highlights:

පාසැල්වලට අයදුම් කරන්නට
කාළය ඒළඹි හෙයින් සුධර්මා තම
දියනිය ද කැටුව පෙර සිටි පාසැලට
ගියා ය. එහි අපොස සාමාන්‍ය පෙළ
හොඳ ප්‍රතිඵල තිබුණි. හොඳම
ප්‍රතිඵලය වුයේ නේරංජනාය,

නුඹයි මගේ සදවති

Highlights:

හිරු ඒළිය හොදින් වැටි තිබුණු උදෑසනක්
වුවද තවමත් සීතල පහව ගොස් නොතිබුනි.
බැලු බැලු අත තිබුනේ කදු වැටි හා පල්ලම් ය.
නෙත් වලට හසු වුයේ කොළ පැහැය පමනක්මය.

වැවිළි බෝගයක් ලෙස තේ වගාකල මේ ප්‍රදේශය
රසවත් තේ වලට ඉතාමත් ප්‍රසිද්ධ විය.

විනාවි ගේ තාත්තා තේ වත්තක
රැකියාවක් කලේය.

ඇගේ මට ගෘහණියකි.
එකම මල්ලී තවමත් පාසල් අධ්‍යාපනය හදාරයි.
ඉතා රමණීය පෙදෙසක තනා තිබුණු ඔවුන්ගේ
නිවස බෙහෙවින් සිත්ගන්නා සුළු ස්ථානයක් විය.

කළු සුදු යාළුවෝ

Highlights:

එක් ජන කොටසක් කුසගින්නේ, දුගීකමින්, බල රහිතව කළු පැහැයෙන් විසූහ. අනෙක් පිරිස හොඳින් පෝෂණය වී පාලක පන්ති බවට පත්ව සුදු පැහැති ජනයා ලෙස වාසය කරයි.

වර්ණවාදයෙන් උණුසුම් වු දකුණු අප්‍රිකාවේ විසු සුදු හා කළු දරුවන් දෙදෙනෙකුගේ චරිත ඇසුරින් මනුෂ්‍යත්වයට සුදු හෝ කළු භේදයක් තිබිය නොහැකි බව කියන්නට ලේඛිකාව දරා ඇති ප්‍රශංසනීය වැයමකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping