Product Tag: ප්‍රගීත් මධුරංග අලුවත්ත

ප්‍රගීත් මධුරංග අලුවත්ත

Showing all 12 results

Show:

කොඳුරන දුපතේ දවසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 20

Highlights:

කොඳුරන දූපත නොයෙක් අබිරහස් සිදුවීම් වලින් පිරුණු ගුප්ත තැනක් බවට කටකතා පැතිරී තිබුණා. ඒ කතා ඇත්තක් ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට හොර රහසේ ම කොඳුරන දූපතට ඇතුළු වුණා. දූපතේ පොළොව යට පිහිටි රහස් උමගක්..! පැරණි පිළිම සමූහයක්..! මේ අපූරු සොයාගැනීම් වලින් ළමුන් පුදුමයටත් සතුටටත් පත් වුණා..! මේ අතර ම තවත් පිරිසක් කොඳුරන දූපතේ සැරිසරමින් කුමක් හෝ රහස් කටයුත්තකට අර අදින බව පෙනෙනනට තිබුණා..! ඔවුන් ගේ අරමුණ කුමක් ද? ඔවුන්ගෙන් සමන්ට යම් කිසි කරදරයක් සිදු වෙයි ද?

ගොවිපළේ අපූරු නිවාඩුවක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 18

Highlights:

ගිනි ගෙන දැවී සහමුලින් ම විනාශ වූ ආදි කාලේ මන්දිරයක්..! ඒත් ඒ මන්දිරයේ නටඹුන් කලකට පෙර ගොවිපළේ පොළොව යට වැළලී ගොස් තිබුණා. වටිනා පුරා වස්තු පිරී තිබෙන පොළොව ‌යට පිහිටි රහස් උමගක්..! මේ අපූරු සොයා ගැනීම් නිසා ළමුන්ට දැනුණේ නිම් හිමි නැති සතුටක්..! ඒත් නොසිතූ විරූ ලෙස ඔවුන් උමග තුළ සිර වුණා..! මේ අතර තවත් පිරිසක් ඒ වටිනා පුරා වස්තු සොයමින් සිටියා…! ඒවා කවුරුන් අතට පත් වෙයි ද? ළමුන්ට උමගෙන් පිට වී එන්නට පුළුවන් වෙයි ද?.

හිම යායක සැඟවුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 17

Highlights:

හිම යායකින් වැසී ගිය පාළු කඳුකරය හරිම අපූරු දසුනක්..! ඒත් හිටි හැටියේ ම ඒ පළාතේ පොළොව යටින් නැගෙන අබිරහස් දෙදරුම් හඬ කුමක් ද? කඳුකරය සිසාරා පැතිරි යන වර්ණවත් මීදුම ඇති වන්නේ කොහොම ද? ළමුන් පුදුමයට පත් වුණා..! කඳු පාමුල හුදෙකලාව පිහිටි නිවසේ ගුප්ත බව ළමුන් ව තව තවත් කුතුහලයට පත් කළා. හිමෙන් වැසුණු මේ අපූරු පළාතේ සැඟ වී ඇති රහස් එකින් එක අනාවරණය කර ගන්නට ළමුන්ට හැකි වෙයි.

නටඹුන් අතරේ වැළලුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 15

Highlights:

මිනිසුන් අත හැර දමා ගොස් වල් බිහි වූ පිටිසර බද පාළු නිවසක්..! මහ රෑ අඳුරේ පාළු නිවසේ සැරිසරන්නේ කව්ද? හදිසියේ ම එක් දිනක් මහ රෑ පාළු නිවස අවට අඳුරු ගස් අතරීන් අත්භූත වර්ණවත් එළි අහසේ එහා මෙහා පාවෙන්නට පටන් ගත්තා..! මේ ගුප්ත සිදුවීම් වලින් ළමුන් කලබලයට පත් වුණා. නොපෙනෙන බලවේග වලින් ළමුන්ට යම් අනතුරක් සිදු සිදුවීම් අනාවරණය කර වෙයි ද? මේ අබිරහස් සිදුවීම් අනාවරණය කර ගන්නට ඔවුන්ට හැකි වෙයි ද.

අබිරහසින් පිරි සැණකෙළියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 14

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දාහතරවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

මීදුම් තැන්නේ රැයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 13

Highlights:

මීදුම් තැන්නේ ගුප්ත කාලගුණය ගැන නොයෙක් කට කතා පැතිර තිබුණා..! මැදියම් රැයේ දී මීදුම් තැන්නේ සිට අහසට විහිදෙන අබිරහස් එළියක්..! ඒ එළිය වටා ඉහළ අහසේ අඳුරේම සැරිසරන අත්භූත ගුවන් යානයක්..! ගුවන් යානයෙන් බිමට හෙළූ මලු වල ඇත්තේ මොනවාද? ළමුන් මේ අබිරහස් සිදුවීම් ගැන විපරම් කරන්නට පටන් ගත්තා. ඒත් මීදුමින් වැසී ගිය පාළු පරිසරයේ නොසිතූ විරූ ලෙස ඔවුන් අතරමං වුණා. ළමුන්ට මීදුම් තැන්නෙන් පිට වී එන්නට මග සොයා ගන්නට හැකි වෙයි ද? මේ අත්භූත සිදුවීම් වල සුලමුල කුමක් ද?

කුණාටු රැයේ අබිරහස් එළියක්..!

Highlights:

” මට ඊයේ රෑ කියන්න අමතක වුණා. ” ජුලියන් කිව්වා. ‘අපි මුහුදු කොල්ලකාරයින්ගේ රහස් පාරෙන් ඇවිත් මඩුවෙන් එළියට චීන කොට ගවනර් ඒ ළඟම තැනක හැංගිලා බලාගෙන හිටියා. එයා බලාගෙන ඉන්න ඇත්තේ අර මිනිස්සු දෙන්නා ඒ පාරෙන්ම ඇවිත් එයාට හොර බඩු ගෙනත් දෙනකල් වෙන්න ඕනේ.”

“ගවනර් මුලින්ම ඒ මිනිස්සු දෙන්නා කියලා අපිට රැවටිලා” ‘මම මෙහේ…!’ කිව්වා. ඒ වෙලාවේ අපි එයා ගැන සැක හිතුවේ නෑ. අපි පෙනේන්රුත්ලන් මහත්මයා එක්ක කුස්සියට වෙලා කතා කර කර ඉන්න අතරේ මඩුවේ ලෑලි පියන උඩින් දාලා තිබුණු ගෝනි අයින් කරලා අර.

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දොලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

විල්තෙරේ බියකරු රැයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 10

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දහවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

අත්භූත දුම්රියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 07

Highlights:

“හොල්මන් කෝච්චිය ගැන කතාව අහලා ඇන්ඩෲස් මහත්මයා නම් හොඳටම කලබල වුණා. ” ජුලියන් කිව්වා. “අපිට ඒ පැත්ත පළාතකටවත් යන්න එපා කියලා එයා කීප සැරයක්ම කිව්වා. එයා නම් හොල්මන් කෝච්චිය ගැන කතාව හොඳටම විශ්වාස කරනවා වගේ තමයි අපිට පෙනුණේ…”

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් හත්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

අරුම පුදුම පරීක්ෂණයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 06

Highlights:

“මම උමග දිගේ වනකොට මට පොඩි සද්දයක් ඇහුණා.” ජෝර්ජ් ව කැඳවාගෙන ආ මිනිසා ඇගේ පියා අසල සිටි අනෙක් මිනිසාට පැහැදිලි කරන්නට පටන් ගත්තා. ” මම ගිහින් බැලුවේ නැත්නම් මේ ළමයා තව පොඩෙන් බල්ලව ලිහලා දානවා. එහෙම වුණා නම් ඉතින් මට වෙන්නේ බල්ලට වෙඩි තියන්න තමයි….!’

ඒත්…… මේ ළමයා මේ මහ රෑ දෙගොඩහරියේ උමග ඇතුළට

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් හයවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

කැරවෑනයකින් චාරිකාවක් –

Highlights:

” අපි කොහොමටත් හෙට උදේම මෙහෙන් යන්න තමයි ඉන්නේ…9″ ජුලියන් කිව්වා. ” හැබැයි අපි ඔහේලට බයේ දැන්මම මෙහෙන් යයි කියලා නම් හිතන්න එපා.! මේ විල ඔහේලගේ බූදලයක් නෙමෙයි. ඔහේලට විතරක් නෙමෙයි අපිටත් මෙහේ ඉන්න අයිතියක් තියෙනවා. දැන් ඉතින් අපිට කරදර නොකර මෙතනින් යනවලා යන්න.!”

“මේ කොල්ලගෙ කට වැඩියි. මම අද හොඳ පාඩමක් උගන්නලා තමයි පස්ස බලන්නේ…” කියමින් ලෝව් තරහින් පුපුරමින් ආයෙත් වතාවක් කැරවෑනයට අත මිට මොළවා පහරක් ගැසුවා. ඉන් පසුව බඳ පටියත් ගලවාගෙන ජුලියන්ට පහර දෙන්නට ඉදිරියට ආවා.

ඒත් එක්කම ටිමී බුරමින් ලෝව්ගේ ඇඟට පැන්න. ලෝව් ටිමීට බඳ පටියෙන් පහර දුන්නා. ටීමි වහා ඉවතට පැන ඉන් බේරුණා. ලෝව් ආපසු පහර දෙන්නට හැරෙනවාත් එක්කම ටිමි ඔහුගේ කලිසම් කකුලේ එල්ලුණා. ලෝව්ගේ කලිසම ‘කක්රාස්….” හඬින් ඉරේ ගියා. ඔහු ටේමිගෙන් ගැළ වී ඉවතට පැන ගත්තා.

විශ්මිත නවාතැනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 4

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping