වැඳීම පිදීම මිනිසුන් අතර මෙන්ම දිව්‍ය බ්‍රහ්මාදීන් අතර ද පවත්නා දෙ සිරිතකි. සමහරු මෙලොව සෙත පතා ද සමහරු මෙලෝ පරලෝ යන දෙලෙව්හිම සෙත පතා ද සමහරු ලෞකික සැප හා සදාකාලික සැප පතා ද ඇතැමෙක් එබඳු කිසි සැපක් සෙතක් ලබන අටියෙන් නොව දැයෙහි කුලෙහි සමාජයෙහි දේසයෙහි ප්‍රදේශයෙහි සිරිත් ගරු කිරීම් වසයෙන්ද වැඳුම් පිදුම් කෙරෙති.