Product Tag: බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය

බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය

Showing all 10 results

Show:

නිවීම අපතුලමය

Highlights:

අප සාදාගත් ලෝකය කියා දෙයක් නැතිබව තේරුම් ගත් වහාම ලෝකය පිළිබඳව ඇති හැඟීම, දැනීම අවසන් වනු ඇත. ලෝකය පවත්වන අපගේ සිතුවිලි වලින් මිදෙන “මේ මොහොත”, අප පතන්නාවූ නිවන සාක්ෂාත් කරනවාමය. සිතිවිලි යනු අප විසින් ලබා දුන් නම් (නාම) සහ ඉන් මවාගන්නා විවිධාකාර මනෝ රූප පමණකි.

අපේ සැබෑ නිවහන

Highlights:

මහලූ වයසට පත්ව, මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන් චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදය මෙම කුඩා පොතේ දැක්වේ

කැලේ ගහක්

Highlights:

“කැලේ ගහක් ” උපමා එකතුවකි පූජ්ය අචාන් චා හිමි ගෙන හැර දක්වා ඇති හැම උපමාවක් ම උන්වහන්සේගේ වනගත ජීවිත කාලය තුළ දී ලත් පුළුල් අත්දැකීම අනුසාරයෙන් මතු වී ඇත. උන්වහන්සේ ලබාදෙන පුහුණුව නම් තම අභ්‍යන්තර මෙන් ම බාහිර ක්‍රියාකාරකම් හා හැඟීම් ගැන විවෘත මනසින් විමසා බලා ඒ කෙරෙහි නිති අවධානය යොමු කිරීමය.

ජීවිතයේ ආහාර වර්ග සතර බෞද්ධ සූත්‍ර පාඨ සංග්‍රහයකි.

Highlights:

තථාගතයන් වහන්සේ ආහාර වර්ග හතරක් පිළිබඳ දේශනා ක‍ළා. උපන්නාවූ සත්ත්වයා ගේ සහ උපදින්න සිටින්නා වු සත්වයාගේ අනුග්‍රහ පිණිස ආහාර වර්ග හතරක් තිබෙනවා. ඒ ආහාර හතර මොනවා ද? ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ කබිලිංකාර හෝ කැබලි වශයෙන් අනුභව කරන ආහාර වර්ගයයි. බත් කැවිලි පලතුරු සහ බීම වර්ග කැබලිංකාර ආහාරය ගණයට ඇතුළත් වෙනවා.

මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවා ලමු.

Highlights:

මේ ලෝකයේ ජිවත් වන අප හැමදෙනා ම
මියයන බව ඔව්හු නොදනිති.
එය දන්නෝ ඒ හේතුව නිසාම අන් අය හා
හැටුම් ඇති කර නොගනිති.

– බුදුන්වහන්සේ, ( ධම්මපදය )

හුදු ඇවිදින සෙවණැල්ලක් බඳු ජීවිතය,
දුප්පත් නළුවෙකි,
වේදිකාව මත, භූමිකාව මත,
උඬඟුව රඟ පෑ කාන්තාරයකි,
මෝඩයෙකු තෙපළු,
වියරු හැඬති මුත්, හිස් බව මිස රැදි

ශේක්ෂ්පියර්, ( මැක්බර්ත් )

මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු – කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරු සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි.

කර්ම විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්

Highlights:

කර්ම විපාකය, බුදු දහමේ සඳහන් වන ඉතා වැදගත් ඉගැන්වීමෙකි. බෞද්ධයකුගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදයේ මුලින්ම ඉගැන්වෙන්නේ පුද්ගලයකු කර්මානුරූපව භව ගමන සිදු කර ගන්නා බවය. අපිරිසිදු මනසින් යමක් කියයි නම් හෝ යම් ක්‍රියාවක් කරයි නම් හෝ එම පුද්ගලයා කළ කර්මය ඔහුට පීඩා දෙමින් ඔහු පසුපස ගමන් කරයි.

ආනාපානසති සූත්‍රය

Highlights:

මෙම කෘතියට ඇතුළත් වනුයේ අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන්ගේ “පියකරු හුස්ම” නමැති ග්‍රන්ථයේ ආනාපාන සති සූත්‍රය විස්තර කෙරෙන නවවන පරිච්ජේදයයි.

භාවනා ප්‍රවේශය

Highlights:

ලෝකයෙහි පහළ වුන සත්වයන් අතුරෙන් බුද්ධිමත් ම මිනිසාය. ගල් යුගයේ පටන් මෙතෙක් ක්‍රමයෙන් දියුණු වූ මිනිසා අද සඳ තරණයට පවා සමත් ව සිටියි. එතෙක් මෙතෙක් කාලය තුළ මිනිසා කෙරෙහි අහිංසාව කරුණාව, සමානාත්මතාවය, කොතෙක් දුරට දියුණු වී ඇත්දැයි සිතන විට සංවේග උපදී.

සජීවී දහම

Highlights:

බුදු දහම සංනිවේදනය කිරීමේ වඩාත්ම එලදායී ක්‍රමය සන්නිවේදකයාත් ග්‍රාහකයාත් මුහුනට මුහුන හිඳ සන්නිවේදකයා විසින් ග්‍රාහකයාට ධර්මය දේශනා කිරීමයයි මට සිතේ. සන්නිවේදකයාගේ දේශනා ප්‍රාතිහාර්ය කුසලතාවය, අන් අයගේ චරිත ලක්ෂණ හැඳිනීමේ හැකියාව, සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය වැනි සාධක ඉස්මතු වන්නේ මෙවැනි ක්‍රමයකදීයි.

අචාන් චා නැත

Highlights:

“ලෝකය පවතින්නේ ඉතා තදින් කැළඹුණු ස්වභාවයකිනි.
මනසෙහි පහළ වන කැමැත්ත
අකමැත්තක් බවට පත් වෙමින්
එය වෙනසකට භාජනය වන්නේ
ලෝකයේ පවතින මෙම
කැළඹීම් ස්වභාවය නිසාය.
අපි අපේ මනස නිශ්චල කිරීමට
ඉගෙන ගනිමු නම් අපෙන්
ලෝකයට කෙරෙන මහත්ම උපකාරය එයයි.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping