Product Tag: සංඛ ප්‍රකාශකයෝ

සංඛ ප්‍රකාශකයෝ

Showing all 16 results

Show:

සන්තාන සිත්තම්

Highlights:

“ඔව් දෙව්… මටත් ඕන ඒ වගේ ආදරයක්… ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”

“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්… මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්… ඒත් මට සැකයි… ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”

දෙනෙත් – තුමායා

“හොඳයි අප්පච්චී… ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්… මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන… ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.

බිඟුන් – පවීන්

උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ… උඹ මොකද්ද මට කිව්වේ… උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද…. තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි… දෑවැද්දට බඩත් එක්කම” “මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි… මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ… එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා ”

බැසිල් – ගර්ලි

තරු දෙව්ලි

Highlights:

“ඒ කෙල්ලගේ අම්මා තාත්තා තව ජීවත්ව ඉන්නවා… මාත් මැරුණේ නැහැ.. මතක තියා ගනින්.. උඹ ඒ කෙල්ලව රවට්ට ගත්තත්… උඹට ඕන විදිහට පාවිච්චි කරලා ඒ විදිහට ප්‍රයෝජන ගන්න නම් බැරි වෙයි… පුළුවන් නම් උත්සහ කරපන්… මම කොහෙත්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ” ඔහු කෝපයෙන් වෙව්ලමින් කෑගැසුවේය.

සිත්මි

Highlights:

…සිත්මි ජීවිතයේ පළමු වතාවට ආදරය කරන්නට ඇත්තේ ජයේට වෙන්නට ඇත. ජයේගේ හැසිරීමේ ඒ ආදරය මරා දැමුවා නම් පුදුමයක් නැත. වේදනාව ඇද බැඳ තබා ගන්නට කිසිවකුටත් අවශ්‍ය නැත. බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඒ වේදනාව දුන් දෙයින් ඈත් වන්නටය. ඒ නිසා සිත්මි ජයේගෙන් ඈත්වන්නට දරණ උත්සාහය පුදුමයක් නොවේ.

නැවත කිසිම දිනෙක ජයේව මුණ ගැසෙන්නට නම් ඇය නොසිතනු ඇත. ජයේ මතක් වෙද්දී ඇය දකිනවා ඇත්තේ තම සිත බොහෝ සෙයින් රිද වූ කෙනෙකු පිළිබඳ මතකය පමණක් වන්නට ඇත.

රාධා

Highlights:
“මම මේ විදහට අදින්න ආසයි.. මගේ ජාතිය ගැන මට තියන අභිමානය නැති කර ගන්න මම කැමති නැහැ.”
” අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා.”
“මම දන්නවා ඔයා මම මේ විදිහට අදිනවට කැමැති නැහැ කියලා.. මම දෙමළ කෙල්ලක්.. මගේ ඇගේ දුවන්නේ දෙමළ මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි ලේ.. මම.. මනෝරත්නම් මීනක්ෂි ශ්‍රී රාධා.. මම සිංහල විදිහට ඇන්දා කියලා මගේ උපත වෙනස් කරන්න බැහැ නේනූ”
“හරි ..කටවහ ගන්නවා” මීනක්ෂි නිහඩ වූවාය.
නිවසට යන තෙක්ම ඔවුන් ගියේ නිහඩවයි. වාහනය නැවතූ නෙත්නු වාහනයෙන් බැස මීනක්ෂි වෙතට ආවේය.
” ඊයේ ජාති දෙකක් කලවම් වුණා.. සිංහල කොල්ලෙකුයි… දෙමළ කෙල්ලෙකුයි.. මම දූල්වල ආරච්චිලාගේ නෙත්නු පහන්සිළු දූල්වලාඅරච්චි.. මගේ ලෙයින් උපතක් සිද්ධ වුණොත් ඔයාගේ බඩ දෙමළ කෙල්ලක්ගේ බඩක් කියලා ඒ උපත නැවතෙන්නෙත් නැහ මීනූ..”ආවේගයෙන් පැවසු නෙත්නු නිවසට ගියේය..

ඒ මගේ සඳයි

Highlights:

“මතුපිටින් ලෝකෙට පේන ජීවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් ම්න්දෝදරී ..”
යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද්‍යා බියටම වෙව්වලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය.

නුඹ හිදී සිතේ සොදුරුම තැනක

Highlights:
“මුරණ්ඩු ගෑනු ළමයි අවංකලු..”
“ආම් කාරයෝ නපුරුයිලු..”
“එච්චරද..?”
රාජේන්ද අයියා විමසුවේ මදෙස බලාගෙනය.
මට සිනා නැගේ.
“මම අහලා තිබුණේ නෑ”
“මොනාද..?”
“මුරණ්ඩු ගෑනු ළමයා අවංකයිලු කියලා..”
“ඒ මගෙ නිර්මාණයක්නේ”
ඔහු හිනැහුනේ මහ හඩිනි.
මසිත උපන්නේ අමනාපයක් විය හැකිය.
“මොකද හැම එකටම බක බක ගාන්නේ”
ඔහු කළේ මගේ විරසකය
මායිම් නොකොට තවත් හිනහීමය.

නිරාමිස ප්‍රේමී

Highlights:
උපදින්නටත් පෙර ජීවිතය ලියා දෙන දෛවය ඒ කතාවට හාස්කම් ද එක් කරන්නේය. ඒ හාස්කම් නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම පෙරළියට ලක් වන්නේය.
අරලියා රුව මෙන්ම ගුණ ද,
අරලිය මලක් මෙන්ම චාම් විය.
සුන්දර විය.
පාරිශුද්ධ විය.
සුවදවත් විය.
තැළි පොඩි වී පරවී යන්නට තිබුණ ජීවිතයට පණක් ලැබුණේ
ඇගේ පින්සාර ගුණ මහිමය නිසාය.

වසරකට පසු කෙටි කතා සංග්‍රහය

Highlights:

-ගුරු දෙවියෙක්

-වසරකට පසු

-මතක සුවඳ යළි අවදිව

-සම්මානය

-දුරකතන ඇමතුම

-මොනාලිසා

My ගෝඩ්

Highlights:

“වළ පයයි, ගොඩ පයයි තියා දරු සුරතල් බලන්ට ලැබෙන එකත් නරක නැහැ..”

“අවකැපෙන වචන කියන්ට එපා..සදෙව් ලෝකෙ හැමෝටම වගේ මේ දවස්වල දාඩිය දානවා. සමහරවිට ඕසෝන් ස්ථරය නිසා ඇතිවෙන ප්‍රශ්නයක් වෙන්ටත් බැරි නැහැ..”

හොයමු මානසික සතුට ඔබ තුළින්ම (ඔබ සොයන සතුට ඇත්තේ ඔබ ළගමයි)

Highlights:

සතුට අප කාගේත් ජීවන ඉලක්කයකි. සතුට ළඟ නොනැවතී සන්තුෂ්ඨීය අත්විඳීමටත් එතැනින් ද නොනැවතී සැනසීම, සුවය දක්වා වූ පරම විමුක්තිය වෙත එළඹීමටත් අපි බොහෝ දේ කරමු. කවරක් සිදු කළත් සතුට ඇත්තේ අප තුළය .

සුළඟ හෙමින් හැමුවාවේ

Highlights:

“දෙවියනේ ඔයා කොහෙද මෙහෙ…?”

දෑස විසල් කරගත් මා ඇසුවේ අතිශය පුදුමයෙනි. උස් වූ මගේ ස්වරය අභියස ඔහුට තව තවත් සිනහ පහළ විය. කාර්යාලීය ඇඳුමෙන් සැරසී සිටි ඔහු වෙතින් වෙහෙසකර බවක් පළවුනද ඒ දුඹුරුවන් දෑසේ වූ නොසැලෙන බව බිඳකුදු නොවෙනස්ව පැවතුණි.

දේදුණු සේයා

Highlights:

“උඹ හිතන්නේ මම මේ දේදුණුව අමතක කරලා ආපු ගමනක් කියලා නම් උඹට හොදටම වැරදිලා පොඩි. අනික මම ආවේ සේයා හිංදාත් නෙමේ අද..”

“මම කියන දේ අහපන් අයියේ. මම දන්නවා උඹට චුටීව අමතක කරන්න බෑ කියලා. එත් පොඩ්ඩක් හිතපන් දැන් සේයා ඉන්න තත්වේ.

හුස්මක් දුරින්

Highlights:

“ඒ වුණාට මං ඇරෙන්න වෙන කෙනෙක් ඔයාගේ හිතේ ඉන්නවට මං කැමති නෑ. මැරුණු කෙනෙක් වත්. ඊට වඩා හොදයි මං මැරෙනවා.”

ඇය ඒ ටික කීවේ කවදාවත්ම නැති තරම් ආදරයකින් ය. ඒ වචන වලින් උතුරා ගියේ ඇයගේ අයිතිය ය. නැවත කිසිම දවසක එහෙම දේවල් නොකර ඉන්නට ඔහු හිතාගත්තේ ය.

ලියා

Highlights:

ප්‍රතාපවත් පෞරුෂයක් හිමි ඔහු දුටු කඩවසම් තරුණයා බව සහතිකය. කෙතරම් රළු පෞරුෂයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරම් ආදරණීය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක්, සෙනෙහසක් ඔහු සිතේ වන්නේය.

මැහුම් මෝස්තර

Highlights:

මැහුම් මෝස්තර

අහස සේ ඔබ

Highlights:

”ආදරේ කියන්නෙ ලොකු පරිත්‍යාගයක් සර්….”

”ඒ පරිත්‍යාගය මහ දුකක් කාංචනා….”

”මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ …ආපහු….”

”ආදරේ වෙනුවෙන් කරන පරිත්‍යාග මහ මෝඩකමක් කාංචනා….එදා
ඔයා මං එක්ක යන්න ආව නම් අද අපි කොහේ හරි සතුටින්
ඉන්නවා..ජූඩිගේ වයසේ දරුවෝ තුන්හතර දෙනෙකුත් එක්ක….ඔයා
මැරෙන්නෙත් නෑ..අර අම්මා තනි වෙන්නෙත් නෑ.. මං කාලකන්ණි
දුකක් විදින්නෙත් නෑ….අපේ ජීවිත අපරාදේ….”

“එහෙම ගියා නම් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් ඔයාට
ලැබෙන්නෑ… ඔයා අපිත් එක්කම වැටිලා දුක් විදියි….”

“මොන දුක වින්දත් අපි එකටනේ …මං එඩ්නට හැම යුතුකමක්ම
වගකීමක්ම කළා… දුටත් එහෙමයි…. නමුත් මං පතපු ජීවිතේ මට
ලැබුනෙනෑ…දෙමව්පියො මොනතරම් ආර්මාර්ථකාමී උනාද ?”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping