Product Tag: සත් මිතුරන්ගේ වීර ක්‍රියා 09

සත් මිතුරන්ගේ වීර ක්‍රියා 09

Showing all 4 results

Show:

බාර්ස් ගබඩාවේ රහස් කල්ලිය – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 06

Highlights:

” ඔයා මට අදහසක් දුන්නා. මම පඹයෙක් වගේ ඇඳගෙන වෙස් මුහුණක් දාගෙන හිටියොත් කොහොම ද…? ඔයාලගෙන් කෙනෙකුට පුළුවන් මාව සිඩ් කැෆේ එක ළඟ තැනක ගිහින් තියන්න. දැන් මේ පඹයා ඉන්නවා වගේ. කවුරුවත්ම හිතන්නෙ නැහැ මම ඇත්ත කෙනෙක් කියලා. මට ඕන තරම් වෙලාවක් එතනම ඉන්න පුළුවන් කාගෙවත් අවධානයට ලක් වෙන්නෙ නැතුව.”

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.

වාසනාවන්ත බ්‍රවුනි – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 15

Highlights:

” හොඳයි… ඊළඟට මම නැගිටලා බාග දොර තල්ලු කරගෙන
මොනවද වෙන්නෙ බලන්න ගියා. මම දැක්කා මැජෝගෙ කුටියෙ
දොර අරින මිනිහෙක්ව. ඔහු වයසක මැජෝරාව පිටතට ගන්න
හැදුවා. එයා ඉස්තාලෙන් එළියට ගන්න හදන කොට කෙඳිරි ගාන්න,
සද්ද කරන්න පටන් ගත්තා. එක පාරම මිනිහා ඒ කුටියෙන් එළියට
විසි වුණා.. මම හිතන්නේ මැජෝර් එයාට පයින් ගැහුවා… මිනිහා
උඩින් ඉගිලිලා වගේ ගිහින් ඉස්තාලයේ එක කෙළවරක ඉඳන් අනිත්
කෙළවරට වැටුණා. ගොඩක් හොරු ඉන්නවා දැක්කම මම උමතු වුණා.
මම පිස්සු මිනිහෙක් වගේ සවලක් හොයා ගත්තා. එයාලාට ඒ පරණ
සවලෙන් පාරක් කන්න උවමනා වුණේ නැහැ.”

ගරාවැටුණ මන්දිරයේ අභිරහස – සත් මිතුරන්ගේ වීර ක්‍රියා – 12

Highlights:

බයිසිකල් නවතා තිබූ ස්ථානයට සියලුම සප්ත සුමිතුරෝ
දිව ආවා. ඒ වන විට පීටර්ගේ සිතේ බිය පහව ගොස්
ඇතිව තිබුණේ ලැජ්ජාවක්. පිරිමි ළමයෙකු බිය වී දිව
යාම ලැජ්ජාවක් බව ඔහු සිතුවා.

” පිරිමි ළමයි විතරක් ආපහු මන්දිරයට යමුද අර සද්දෙ
ගැන හොයලා බලන්න…….? ඒවා වෙඩි ශබ්ද වෙන්න
විදිහක් නැහැ. මොකද වෙඩි ශබ්ද ඊට වඩා සද්දෙන්
ඇහෙන්න ඕන..”

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින් ළමුන්
සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන් එකක්
වන ද සීක්‍රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.

වෙස් වළාගත් පාසල් දැරිය – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 09

Highlights:

“මේකෙ ජායාරූපයකුත් තියෙනවා….” පුවත්පත ඔවුන්ගේ
දෙසට හරවමින් ඇගේ පියා පැවසුවා.”

ඒක ඒ තරම් පැහැදිලි නැහැ… ඒත් ඇගේ පාසල් නිල
ඇඳුම බලා ගන්න පුළුවන්…” පීටර් හා ජෙනට් පුවත්
පතේ තිබූ ඡායාරූපය දෙස හොඳින් බැලුවා. ඡායාරූපයේ සිටි
ගැහැනු ළමයා සිනහවකින් සැරසී ගත් මුහුණ වටා හිසකෙස්
සහිත අයෙක් බව ඔවුන්ට පෙනුණා. ඇය පෙනුමෙන් යහපත්
අයෙක් බව ඔවුන් හිතුවා.

ජෙනට්ට සිතුණේ ඇය සැබවින්ම මුදල් සොරකම් කළ පලා යාමට
නොහැකි බවයි. ඇය ඇගේ පියා වෙතට හැරුණා.

“එයාගෙ ආච්චි ජීවත් වෙන්නෙ බෙලින්ග් ගමේ කොහේද…? ”

“ඒ ගැන තියෙනව ද බලමු… නැවතත් පුවත්පත අතට
ගනිමින් ඇගේ පියා පැවසුවා.”

” ඔයාලාට මේ පත්තරය කියවලා උවමනා කරන තොරතුරු ගොඩක්
හොයා ගන්න පුළුවන්. ළමයා එයාගෙ ආච්චි ළඟට ගියා නම් දැනටමත්
එයාව හොයාගෙන. ඒත් එයා ඒ ළඟම කොහේ හරි හැංගිලා ඇති.
ඔයාලට පුළුවන් එයාව හොයා ගන්න.”

ඔව් අපිට පුළුවන්..” පීටර් කිව්වා.

සප්ත සුමිතුරන්ට කාලෙකින් වැදගත් දෙයක් කරන්න ලැබුණෙ නැහැ.
අපි හෙටම රැස්වීමක් කැඳවනවා. හෙට සෙනසුරාදාවක් වුණ එකත්
හොඳයි…. එදින සවස ජෙනට් පසුදින පැවැත්වෙන රැස්වීම පිළිබඳව
දන්වන්නට සප්ත සුමිතුරන් සියලු දෙනාටම සටහන් ලිව්වා. හැම
ලිපියකින්ම කියවුණේ එකම දෙයක්.

“ආදරණීය සප්ත සුමිතුර.

හෙට උදේ (සෙනසුරාදා) දහයට මඩුවේ දී රැස්වීමක් පවත්වනු ලැබේ.
ඔබේ ලාංඡන පැළඳගෙන රහස් වචනය මතක තබාගෙන පැමිණෙන්න.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping