Product Tag: සදීපා ප්‍රකාශකයෝ

සදීපා ප්‍රකාශකයෝ

Showing all 14 results

Show:

විශ්වයේ විශේෂිත සම්පත හා බලශක්ති

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. විස්මිත විශ්වයේ අපගේ ලොව
  2. ලොව පහළ වූ විශ්වයේ අතිශ්‍රේෂ්ඨ සම්පත
  3. අනන්ත විශ්වයේ උසෞ දෙව් මිනිසුන්
  4. බුදු දහමට පැහැදුණු විශේෂිත වාසනාවත්, විශිෂ්ඨ ජීවිත…..

10 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 10 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත

අතුරුදන් වන හොරු

Highlights:

“අපි රෑට ඔත්තු බලන්න ඕනැ නෑ. හවස පහට විතර ගිහින් ඔවුන්ව එක්කරගෙන එමු. මට හිතෙන හැටියට හොරු කට්ටිය ඔවුන්ගේ වැඩ කටයුතු ඒ වෙලාවට අහවර කරයි. හොරුන්ගෙ ප්‍රධානියා ඒ වෙලාවට පෙනෙන්න හිටියෙ නැත්නම් අපිට ඔහුව දකින්න ලැබෙන එකක්ම නෑ.. රෑ තිස්සෙ ඔත්තු බලන්න හේතුවක් නෑ. අපි ආයෙත් උදේම පටන් ගනිමු””ඒක හොදයි” චෙට් කීවේ ඔහුගේ ඇඳ මතට පනිමිනි.”මම නාන්න යනවා” කී ෆ්‍රෑන්ක්, වර්න් සිටි කාමරයේ සිට කාමර අතර වූ දොරෙන් හාඩ් සොහොයුරන්ගේ කාමරයට ඇතුළු විය.ඔහුගේ ඇඳුම් බෑගය බිත්තිය අසල කුඩා බංකුවක් මත විය. නා ගැනීමට පෙර අලුත් ඇඳුම් ගැනීම සඳහා ඔහු එය විවෘත කළේය. ඒ සමඟම දුම්‍ රොටු හා ගිනිදළු නංවමින් පිපිරුම් හඩක් නැගුණි !

නොපෙනෙන අමනුෂ්‍ය‍යන්ගෙන් සිදු වන විපත්

Highlights:

අමනුෂ්‍ය‍යන් යනු කවුරුන්ද? අමනුෂ්‍ය‍යන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? අමනුෂ්‍ය උවදුරින් මිදෙන්නේ කෙසේද? ඒ පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ කුමක්ද? යන්න ධර්මානූකූලව මෙම ග්‍රන්ථය තුළින් පහදා දී ඇත.

මනස දකින පියවි ලොව

Highlights:
  1. මරණාසන්න අත්දැකීම්වලදී හමු වූ මළගිය ඇත්තෝ
  2. සිරුර රෝහල් ඇඳේ තිබියදී මා එයට ඉහළින් සිටිනු දුටුවා
  3. මට ලෙඩක් දුකක් එන විට අම්මාට එය සිහිනෙන් පෙනෙනවා
  4. ශ්‍රී ලංකාවේ සිටි පුතාගේ මරණය අමෙරිකාවේදී මව මනසින් දකී….යනාදිය

අමනුෂ්‍ය‍යන් නිසා හටගන්නා රෝග (හොල්මන් අවතාර තුළ ඇති ධර්මානුකූල පදනම)

Highlights:

අමනුෂ්‍ය‍යන් නිසා හටගන්නා රෝග නමැති මෙම ග්‍රන්ථයෙන් විවිධ අමනුෂ්‍ය බලපෑම් නිසා මිනිසාට ඇතිවන කායික මානසික රෝග ගැන ක්‍රමාණුකූල පර්යේෂණාත්මක විස්තරයක් ඉදිරිපත් කර තිබේ.

අභිරහස් පුනර්භව

Highlights:

මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ ශාරීරික කොටස් අඩු වීම් පිළිබඳව පුනර්භව පර්යේෂණ මගින් හෙළි වු අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට පෙර බවය හෙළි කළ දරුවෝ තම සිරුරේ උපතින් ඇති අඩු පාඩු පෙර බවයට සම්බන්ධ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළහ.

අහිමි සෙනෙහස

Highlights:

අම්මා හිටිය කාමරේ හිටගෙන සෑහෙන වෙලාවක් අම්මා දිහා බලාගෙන
ඉඳල ආයේ ඉස්තෝප්පුවට ඇවිත් ටිකක් ඉඳගෙන ඉන්නවා, ආයෙත් තේ
කහට ටිකක් බීල ගිහින් අම්මා දිහා බලාගෙන ඉන්නවා. ඔය විදියට තමයි
රෑ දවස ගතවුණේ.

ඉස්සරහ ඉඩමට ගිහින් උඩින් මත්තෙන් කජුඇට අහුලගෙන ඇවිත් අම්මා
ළඟට ගිහින් බලන කොට වෙනසක් තිබුණේ නෑ. හොදින් හුස්ම ඉහළ පහළ
යනව ටිකක් සද්දෙන් ඇහෙනවා. අම්මට නින්ද ගිහිල්ල තිබුණෙ.

වෙනදා වගේම හොඳට ඉර පායල තිබුණ.වෙලාව උදේ නවයට විතර
ඇති. ආනන්ද බත් බෙදාගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ.පුටුවක වාඩිවෙලා
කන්ඩ පටන් ගත්ත. ඒ අතරෙ සුමන නංගි ආව. එයා තමයි දිනපතාම
වාගෙ ඇවිල්ල අම්මගෙ රෙදි හෝදල නාවලා එහෙම යන්නේ.

නිරෝගී දිවියකට අක්මා බද්ධය සඳහා අත්වැලක්

Highlights:

උතුරු කොළඹ අක්මා බද්ධ කිරීමේ අංශයේ වෛද්‍යවරුන් විසින් රචිත මෙම ග්‍රන්ථය අක්මාවේ සිරෝසිස් හෝ අනෙක් රෝග තත්ත්ව ඇති රෝගීන් සඳහා රචිත මෙම කෘතිය ඔස්සේ අක්මාව අශ්‍රිතව වැළඳෙන රෝග පිලිබඳ රෝගීන් හට අක්මා බද්ධ කිරීමට පෙර සහ පසුව අවශ්‍ය වන තොරතුරු දිර්ඝ වශයෙන් සඳහන් කර ඇත. මෙම කෘතිය රෝගීන්ට පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන්ටත් වෛද්‍ය සේවා සපයන පාර්ශවයන්ටත්, වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, උසස්පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා සාමාන්‍ය ජනතාවට අත්වැලක් වනු ඇත.

දත් සුරකිමු

Highlights:

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වර්තමාන මුඛ සෞඛ්‍ය
තත්ත්වය අනුව වඩාත්ම ඛෙදනීය ප්‍රතිඵලය
අත්විඳින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි කණ්ඩායමයි. වයස
කුමක් වුවද මිනිසකු ලෙස නීරෝගි දිවියක් ගෙවීම
සඳහා අවම ලෙස දත් 20ක් අවශ්‍ය වුවද, අපේ
රටේ අවුරුදු 65 වයසට පැමිණෙන විට සාමාන්‍ය
අගයක් ලෙස කෙනෙකුට ඇත්තේ දත් 13ක් පමණි.
සාමාන්‍ය අගය එය වුවද කටේ එක් දතක් වත් නැති
අයගේ ප්‍රතිශතය 22%කි. ඒ හේයින්ම වෛද්‍ය මාරසිංහයන්
මෙහිදී සිය මාධ්‍ය භාවිතය හසුරවන්නේ ගැබිනි මව
සිය දරුවා ඉපදෙන්නට පෙර සිටම ජීවිතය හැඩගස්වාගත
යුතු තැනින් පටන් ගෙන, උපදින දරුවා දිවිය පුරා හැසිරිය
යුතු ආකාරයද කියා දෙමිනි.

යොවුන් වියට ලිංගික අධ්‍යාපනය

Highlights:

ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍ය‍යේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.

සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍ය‍ය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.

ඇදුම හා ශ්වසන රෝග වළක්වාගනිමු

Highlights:

නුතන වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු
තත්ත්වයක පැවතුණත් මරණය කවදා
කෙසේ කොතනකදී සිදු වේදැයි කිසිවකුට
කිව නොහැකිය.එතෙක් නීරෝගිමත්ව සිටීම
ඕනෑම කෙනෙකුට කළ හැකි අතර,ඒ සඳහා
අවශ්‍ය වන්නේ දැනුම, අවබෝධය හා ඒ
අනුව ජීවන රටාව හැඩගස්වාගැනීමේ
අවශ්‍යතාව පමණි.

මෙම පොත් පෙළ ප්‍රකාශනය කිරිමේ ප්‍රධාන
අරමුණ වන්නේ ජීවිතයේ අවසන් මොහොත
දක්වාම ඕනෑම පුද්ගලයකුට කායික හා
මානසික වශයෙන් නීරෝගිභාවය
රැකගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා
කරුණු නිසි ලෙස ඔබ වෙත ලබාදීමයි.

Minieela – මිණිඊල

Highlights:

මෙම වෙන්දේසියේ විශාල ම මිලකට අලෙවි වුයේ රාජකීය උඩුකය සැට්ටයකි. එම උඩුකය සැට්ටය වෙන්දේසියේ දි හදුන්වා දෙන ලද්දේ ශ්‍රි ලාංකික රාජ පරම්පරවෙ මුල්කාලීන සිංහල රජකුගේ රාජකීය ඇදුමක් ලෙසින් ය්. මෙයට ලන්සු තබන්නන් අතරට මම ද එක් වන්නට සිතුවෙමි.එහෙත් මා සතු ව එවැන්නක් මිල දී ගැනිමට මුදලක් නො තිබිණි. මට මාගේ රටේ අතීත උරුමයක් දැකීමෙන් ලත් ප්‍රබෝධය පමණක් තිබිණි.
.

නයි ගලින් උපන් පුත්‍රයෝ

Highlights:

කුරුලු වෙළෙන්දා ගිරවාට ඇපල් ගෙඩියක් පෙන්නු පසු ඌ වහා කවුළුවකින් එළියට පියාඹා ගොස් පාර අයි අයිනේ ලෑලි තට්ටුවක ඇපල් ගෙඩි කිහිපයක් තබාගෙන විකුණන දුප්පත් වෙළෙන්දකුගේ පලතුරු තට්ටුව මත වැසුවේ ය.ගිරවා තමා ඉදිරිපිට මිහිරි නාද කරද්දි දුප්පත් වෙළෙන්දා ඌට වශි වි බලා සිටියේ ය.ඒ කෂණයෙන් ඇපල් ගෙඩියක් ඩැහැගත් ඌ අහසට නැගුනේය.දුප්පත් වෙළෙන්දා ලාභය ගැන දුක් වෙමින් ඉස අත බදාගනිද්දි ගිරා කුරුල්ලා කවුළුවෙන් ඇතුළු වී නැවතත් අමුත්තන් ඉදිරියේ පෙනී සිටියේ ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping