Product Tag: සමීර ප්‍රකාශන

සමීර ප්‍රකාශන

Showing all 11 results

Show:

රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්

Highlights:

රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.

ගුත්තිල කාව්‍ය‍ය ( 91-317 පද්‍ය )

Highlights:

ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.

ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.

සිංහල ජනකවි

Highlights:

ජනකවිය තරම් ජනතාවගේ ජීවන සුවඳ වහනය වන තවත් කවි වෙසෙසක් නැති තරම්‍ . එයට ප්‍රධානම හේතුව වනුයේ ජනකවි යනු ජනතාවගේ එදිනෙදා ජිවිතයේ ඔවුන් අත්දුටු සැබෑ අත්දැකීම් පදනම් කර ගෙන කියැවුණු, ලියැවුණු ඒවා වීමයි.

ඉසුරුමුණිය

Highlights:

බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. හතර වැනි සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය.

ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකකි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදි වූ මේ විහාරගෙයට පිවිසීමට ගලින් නිමකළ පඩි කිපයක් ඇත.

අනෙක් විහාරගෙය මෑතක දී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ.

සංදේශ විවරණය

Highlights:

ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍ය‍යන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.

11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම

Highlights:

11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.

පීකිං පෙම්පත

Highlights:

“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍ය‍යක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.

පියකු දුවට යැවූ ලියුම්

Highlights:

අවුරුදු දහයක් වයසැති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේ දී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවරදාක හෝ ලෝකයේ අනෙකුත් දූ දරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියාදෙන අත්පොතක් වනු ඇතැයි නොසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ, නේරු සිය දියණිය ඉන්දිරාට ලියු ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන් ම දරු දැරියන්ගේ ද කිත් පැසසුම් ගලා එන්නට විය. එනිසා ම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහ වහා පෙරළිණි. එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියනට ද අතිශයින් ප්‍රයෝජනවත් ය. “නේරු – පියකු දුවට යැවූ ලියුම් ” කෘතිය කියවීමෙන් ඔබට මෙහි සැබෑ වටිනාකම අවබෝධ වනු ඇත.

රතු කිමෝනාව

Highlights:

ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තවමත් උසුලාගෙන දිවිගෙවන කාන්තාවන්ට ජපන් සංස්කෘතිය තුළ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ඇසුරින් මෙහි අන්තර්ගතය සකස් වී තිබේ.

මිගුවල් වීදිය

Highlights:
මිගුවල් වීදිය’ නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping