Product Tag: සරසවි ප්‍රකාශකන

සරසවි ප්‍රකාශකන

Showing all 7 results

Show:

පුළුවන්නම් අල්ලන්න

Highlights:

පුළුවන් නම් අල්ලන්න ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් සුපතළ Catch Me If You Can නමැති චිත්‍රපටයට පාදකවු ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි.Catch Me If You Can යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තික වූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය

ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය.

වයස අවුරුදු විසි එකේදී අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදු කරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.

රජ කුමරියකගේ දිනපොත- 04 (කුමරිය පෙම්වතෙක් පතා)

Highlights:

මම මගේ නියපොතු කෑම නවතා දමමි. මා වෙනුවෙන් ජයඝෝෂා නඟන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි. අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොට්ටිස් ගැන සිහින මවමින් පසුවෙමි. ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය. ඈ දැන් ඇයගේ පැවැත්මට සැබැවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සූදානම්ය.

රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය

Highlights:

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.

අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්‍රසිද්ධියේ විවාහ වෙති.

රජ කුමරියකගේ දිනපොත 01

Highlights:

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

පියෙකුගේ කතාවක්

Highlights:

ලයනල් ඩාමර්ගේ දරුවා වසර 11 ක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේ ය. අඳුරු කාමර තුළ සිරකොට, වධ දී, අතපය වෙන්කොට මරා දැමුවේ ය. ඇමෙරිකාවේ මිල්ටෝකි හි නිවෙස් අහිංසක දෙමවුපියන්ගේ විලාප හඬින් පිරවී ය.

ලයනල් ඩාමර්ගේ බිඳුණු හදවතින් ගලා ආ කඳුළු අකුරු, වෙවුලන වචන පේළි වල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමඟ ඔබේ හිත සුසර වූ තැන දී ඔබේ දැස් බොඳ වනු ඇති බව මම සඵත කරමි.මම පොත, ජීවිත 17 ක් බිළිගත්, මිල්ටෝකි හි යක්ෂයා ලෙස ලොව ම හඳුනන, වසර 941 කට සිර දඬුවම් ලැබූ ජෙෆ්රි ඩාමර් යන දාම ඝාතකයාගේ ජීවිතය ඔහුගේ පියාගේ ඇසින් දකින ලේ වැකුණු, සත්‍ය කතාවකි.

සිරවූ කිරිල්ලිය

Highlights:

ළා නිල් පාට අහස් තලයේ කැටි ගසන වලාවන්
නොයෙක් හැඩ රුව ගන්නා තැන මම කවියක්
දකිමි.
වැස්ස වහිනා විට ගස්වල අතුපතර ඔස්සේ
වු වැහි බිඳුවල රේඛා චිත්‍ර අතරේ මම කවියක්
දකිමි.
රෑ අහසේ නිතර බබළන තරු අතුරින් වඩා
නිසලව රශ්මි ධාරා විහිදුවන්නා වූ සිකුරු,
බෘහස්පති වැනි ග්‍රහ තාරකාවන් අතරේ
මම කවියක් දකිමි.
එබැවින් කවිය යනු කුඩා කිවිඳියක වන මට
සාහිත්‍ය අංගයක් නොවන ජීවිත හැඟීමකි.

සිතුලි සඳගෝමි.

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Highlights:

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping