ඔබම වේ මට සැනසුම්
මාසයක් ගෙවී ගියා අම්මලා දූලාට තෙරුනේවත් නැත. දුක වේදනාව තනිකම නැති සතුට පමණක්ම ඇති ඒ දින තිහ ඔවුනට මහමෙරක් වගේය. අසේකා කුමලි සමඟ උන්නේ දරාගත නොහැකි වේදනාවෙනි. අක්කටත් නංගීටත් වෙන බැඳීම් නැත. තාත්තා ඉන්නේ හදවතට බොහෝ ඈතිනි. එකම සහ ලොකුම බැඳීම මේ අම්මාය. ඇගෙන් තොර ලොවක් දෙන්නටම නැත. ” අනේ මට යන්න බෑ අම්මේ…. මං යන්නේ නෑ…. ” “මටත් ඔයාලා නැතුව ඉන්න බෑ රත්තරනේ….” අම්මලා දූලාගේ හැඬුම් එහා කාමරයේ උන් සේනකට ඇසේ. ඔහු ඉන්නේ බොහෝ දේවල් සිතමිනි. ජීවිතය ඉදිරියේ වෙන සමහර දේවල් මොනතරම් කුරිරුදෑයි සේනක සිතුවේය.
නෙත්ම පූර්වී
“මොන දේ උනත් නෙත්ම මට බලපෑමක්
කළේ නෑ… ඒත් මට මෙහෙම හැමදාම
නෙත්මගෙන් හැංඟෙන්න බෑනේ…
හෙට ඉඳන් මං නෙත්මගේ ගෙදර…
නෙත්ම කියන්නෙත් කොල්ලෙක්…
ඔය වගේ ඉවසන්නේ නෑ හැමදාම…
එහෙම කියලා මං කොහොමද නෙත්මට
ළං වෙන්නේ… මං එයාට ආදරේ කරන්නේ
නෑ දෙයියනේ… මේ හැම දෙයකින්ම අසරණ
වෙලා ඉන්නේ මමයි.. ඇයි අක්කේ මට
මෙහෙම දෙයක් කළේ… ඔයා සතුට
හොයාගෙන ගියේ මාව බිල්ලට දීලා… හිතන්න
එපා ඒකට ඔයාට කවදාවත් මං
සමාව දෙයි කියලා නම්.. නෙත්මගේ
අම්මත් බලන් ගියහම මහ කපටි
අම්මණ්ඩියෙක්… මොනදේ වුනත්
මං නෙත්මට මාව එපා වෙන
විදිහට හැසිරෙන්න
ඕන… වෙන කරන්න දෙයක් නෑ…”
මගේ මිතුරු කළු නරියා
නගරයේ වෙසෙන දරුවෙකු වන ටොමීට ගම්බද ගොවිපළක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව උදා වේ.ඔහු එම ගමනට දැඩි අකමැත්තක් දක්වන්නේ උණුසුම් ගිම්හානයේ පිටිසර ගොවිපොළක ගෙවන ජීවිතය බොහෝ නීරසවන බව සිතාය.නමුත් එහිදී හමුවන කළු නරි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ලද අවස්ථාව ඔහුට ජීවිත කාලය පුරා මතකයේ රැඳෙන සිදුවීමක් බවට පත් වේ.
මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑමෙන් සත්වයින් මෙන්ම මිනිසා ද අසරණ වන අන්දම කියවෙන මෙම නිර්මාණය පාසල් වියේ දරුවන්ට කියවීම සඳහා අගනේය.
ඇසිල්ලක දුටු සිහිනේ
“අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා”
කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ
ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉගෙන ගත් පාසලේ
ක්‍රීඩා ගුරුවරයා වෙතට ගිය ඇය තම ගෙළට වැටුණු
මල් මාළයක් ඔහුට පළදවන ගමන් කීවාය.
ඔහුගේ අතින් අල්වාගෙන පැමිණ මාධ්‍ය
සාකච්ඡා මේසයේ අසුන් ගැන් වූවාය.
“හයේ පන්තියේ ඉඳලා මගේ දක්ෂතා හඳුනා
ගෙන මාව පුහුණු කළා.පුහුණු කළේ නිකම්ම නෙවෙයි
උණුසුම් බෝතලයකට තේ එකක් දාගෙන,
සමහර මඤ්ඤොක්කා පාර්සලයකුත්
අරගෙන ඇවිත් මට කන්න බොන්න දීලා
කිසිම අතිකාල දීමනාවක් නැතුව උදේ හයහමාර
ඉඳලා හවස හතරහමාර විතර වෙනකම් වැඩ.
ගුරු දෙවියෙක් මේ ඉන්නේ.”
ඇය මාද්‍යෙව්දීන් දෙස තෙත් වූ දෑසින් බලමින් කීවාය.
නිදූ
“මොනවද බන් මගෙ අවුල් වෙන්නෙ?
අවුල් වෙන්න මට ජීවිතයක් තිබුනාද?
උඹව මම මලක් වගේ හැදුවෙ ඒ නිසයි.
මට නොලැබුනු ලෝකයේ උඹ
රැජිනක් කරන්න…”
මේ අහිංසක සිහිනය වෙනුවෙන් ඔහු කළ
දේවල් නිදූ දනී. මේ තරම් වරදක් තමා අතින්
උනේ කොහොමදැයි ඇය හුස්ම ගන්නා වාරයක්
ගානේ තැවුනාය.
“අයියා යනවා නේද?”
තාලියා
“මට මොනවද වෙලා තියෙන්නේ… සමහර වෙලාවට මං හැසිරෙන හැටි මටම ලැජ්ජයි.. ඇත්තටම මට පිස්සු හැදිලද..? ඒ කොල්ලා කවුද මගේ..? මං දැකලා දවස් කීයද..? කිසිම විස්තරයක් නොදන්න කොල්ලෙක් ගැන මං මොකටද මෙහෙම හිතන්නේ.. මට ඇයි මාව පාලනය කරගන්න බැරි… මගේ පේන්ටින් එකයි ඒ කොල්ලගෙයි අතර කිසිම සම්බන්දයක් නෑ..