ගැමි සිතුම් පැතුම් පොදි බැඳගෙන දිවි ගෙවන අනුෂා දෙස ඕනෑම කෙනෙක් උවමනාවෙන් යුතුව බලයි. උසට සරිලන මහත නළල, දෙබෑම මේ සියල්ල ඇගේ සුන්දරත්වය වැඩි කිරීමට සමත් ය. එවැනි ගැමි සිතුවිලිවලින් හැඳී වැඩුණු අනුෂා විසල් කෙරෙහි තම සිත වැඩියෙන් යොමු කිරීම පුදුම සහගත ය. එහෙත් එය පුදුම වීමට කරුණක් නොවේ.