Product Tag: සී/ස සරසවි ප්‍රකාශකයෝ

සී/ස සරසවි ප්‍රකාශකයෝ

Showing all 12 results

Show:

පුළුවන්නම් අල්ලන්න

Highlights:

පුළුවන් නම් අල්ලන්න ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් සුපතළ Catch Me If You Can නමැති චිත්‍රපටයට පාදකවු ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි.Catch Me If You Can යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තික වූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය

ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය.

වයස අවුරුදු විසි එකේදී අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදු කරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.

රජ කුමරියකගේ දිනපොත 01

Highlights:

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

පියෙකුගේ කතාවක්

Highlights:

ලයනල් ඩාමර්ගේ දරුවා වසර 11 ක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේ ය. අඳුරු කාමර තුළ සිරකොට, වධ දී, අතපය වෙන්කොට මරා දැමුවේ ය. ඇමෙරිකාවේ මිල්ටෝකි හි නිවෙස් අහිංසක දෙමවුපියන්ගේ විලාප හඬින් පිරවී ය.

ලයනල් ඩාමර්ගේ බිඳුණු හදවතින් ගලා ආ කඳුළු අකුරු, වෙවුලන වචන පේළි වල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමඟ ඔබේ හිත සුසර වූ තැන දී ඔබේ දැස් බොඳ වනු ඇති බව මම සඵත කරමි.මම පොත, ජීවිත 17 ක් බිළිගත්, මිල්ටෝකි හි යක්ෂයා ලෙස ලොව ම හඳුනන, වසර 941 කට සිර දඬුවම් ලැබූ ජෙෆ්රි ඩාමර් යන දාම ඝාතකයාගේ ජීවිතය ඔහුගේ පියාගේ ඇසින් දකින ලේ වැකුණු, සත්‍ය කතාවකි.

වැඩිහිටියෝ නීතිය හා රැකවරණය

Highlights:

වගන්ති 44 කින් සමන්විත 2000 වසරේ පැණවූ අංක 09 දරණ පනත වැඩිහිටි තැනැත්තන්ගේ රැකවරණය හා අයිතීන් මෙන්ම දරුවන්ගේ හා රාජ්‍ය‍යේ වගකීම් ක්‍රියාවට නැංවීම සඳහා යොදා ඇති යාන්ත්‍රණය හා වැඩ පිළිවෙළයි.

වැඩිහිටි වයසට පත්වන තැනැත්තන්ට නිසි රැකවරණ පසුබිමක් නොමැති වූ විට නොයෙකුත් සමාජමය අකරතැබ්බයනට මුහුණ දීමට සිදුවේ. වියපත් වැඩිහිටියනට දරුවන්ගෙන් සිදුවන ගැහැට වියවුල් ගැන කොතෙකුත් සිද්ධි අසන්නට ලැබතත් ඒවායේ පසුබිම් කරුණු හා ඒවාට විසඳුම් දුන් අයුරක් හෝ පිළිවෙලක් අසන්නට නොලැබේ.

ළමා කාලයේ සිට

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. පාසලේ මුල් දවස හා සොයිසා ගුරුතුමිය
  2. පහේ ශිෂ්‍යත්ව විභාගය හා ඉන් පසු පාසල් ජීවිතය
  3. සිංහල අවුරුදු සතුට සමග වෙසක් සැරසිලි
  4. ඉරිදා දහම් පාසල
  5. මැදි විදුහලට ඇතුළුව ඉගෙනීම ඇරඹීම….යනාදිය

ජයන්

Highlights:

“මම කවදාවත් ගිහින් නෑ. කමක් නෑ යමු” කියලා ජයන් කිව්වා.

ඒවා ජයන්ලාගේ කුස්සිය තරම්වත් නැති ටකරන් හෙවිල්ලපු, සිමෙන්ති ගලෙන් බැඳපු පොඩි ගෙවල්. ගෙමිදුල්වල කහ පාට දහස්පෙති, වද මල්, කූඩළු වර්ග හෙම වවලා. ඒ ගමේ වැලි පාරවල් දෙපැත්තෙ කඳු බෑවුම්වල මීවන වර්ග වැවිලා. ඒ අතර හුදකලා වුණු පුංචි වන මල් පිපිලා.

සම්මුකී

Highlights:

විශ්ව දණ්දෙනිය අතීතය සමඟ ගනුදෙනු කරනා අයෙක්ද? ඒ පැනය මා මගෙන්ම අසාගත් වාර ගණන අපමණය. විශ්ව මුණගැසීමට අතීතයේ සිට ආදරණීය පණිවිඩකාරියක් පැමිණියාද? එලෙස ආවා නම්, ඇය ඔහු වෙත රැගෙන ආ අමුතු පණිවිඩය කුමක්ද? විශ්වගේ මේ අතීතය හා කෙරෙන ගනුදෙනුව, හුදු ඇබ්බැහියක්ද? එසේත් නැතිනම් කිසියම් ව්‍යාධියක්ද?

මග බලා හිඳිමි මම

Highlights:

විරාජිනී හා කාන්ති වෙත
මාරුවෙන් මාරුවට බැලූ ඔහු
වීරසිරිය. ඔහුගේ පෙනුම
එදාට වඩා අද හාත්පසින්ම
වෙනස්ය. වෙනදා තිබූ
අහිංසක පෙනුම වෙනුවට
ඇත්තේ හමුදා නිලධාරියෙකුටම සරිලන
ප්‍රතාපවත්, තේජස් ගතියකි.
“විරාජිනී…..කාලෙකට
පස්සෙ….”
ඔහු දිගු කළ අතට විරාජිනී
සිය සුරත දුන්නාය. ඔහු
දෑතින්ම ඒ අත අල්වා
සෙලවීය.
“හරි සන්තෝෂයි.
හමුවුණාට….”

විජයබා කොල්ලය

Highlights:

මහ වැස්සට අහස කළු කර ගෙන ,සුළං වැර කර ගෙන, විදුලි කොටා ගෙන, හෙණ පුපුරා ගෙන, එන්නේ යම් සේ ද, ජයවර්ධනපුරය මහා යුද්ධයකට සැරසෙන ලකුණු ද, එසේම පහළ විය. යුද්ධය ඉතා ම ආසන්නය. ඒ කෙ සේ වත් වැළැක්විය නො හැක, ද ලසර්දා කිසි සමගි සංදියකට නො එන්නේ ය.

කොළඹයා සහ ෂැංහයියා

Highlights:

ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොළොවට ද අභියෝග කරන පශ්චාත් නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ විසල් ප්‍රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව, දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයකට අවතීර්ණ වී ඇත; එහෙත් ක්‍රමයෙන් විශාල වන පාරිසරික ප්‍රශ්න හා ඇති නැති පරතරය හ සසඳන විට ෂැංහයි ද කොළඹ හා සමානය.

මේ කෘතිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළිබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත්‍රය පිළිබිඹු කරන්නකි.

මංජු (මරණය හා ස්මරණය)

Highlights:

සාහිත්‍ය කෘතියක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
දාර්ශනික කෘතියක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
පර්යේෂණ ග්‍රන්ථයක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
මේ අමුතු පොත,
ජීවිතයේ ඉම්පෙදෙස් හා මරණයේ තීර්ථය හරහා
ඔබ රැගෙන යයි.
සුනඛ සුරතලුන් දෙදෙනකුගේ ජීවිතය හා මරණය පිළිබඳ
සරල කතාවකින් ඇරඹෙන එය,
දිය බිඳුවක් සිතුවම් කෙරෙන කුඩා පින්සලකින්
මහසයුරක් චිත්‍රණය කරයි.

පොදු පුරුෂයා

Highlights:

අප පරම්පරා ගණනාවක් පොදු ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ දේශපාලන මායාවට දැන දැනම රැවටුණු රටකි. දේශපාලන වශයෙන් ද සමාජීය ගතික තුළ ද වැඩි නැඹුරුව විශාල බොරුවක අග්‍ර ඵලය වීම ය. සම්මතය ද සම්මානය ද විචිත්‍ර මායාවක් වී ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping