Product Tag: සුජීව දිසානායක

සුජීව දිසානායක

Showing all 2 results

Show:

පියකු දුවට යැවූ ලියුම්

Highlights:

අවුරුදු දහයක් වයසැති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේ දී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවරදාක හෝ ලෝකයේ අනෙකුත් දූ දරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියාදෙන අත්පොතක් වනු ඇතැයි නොසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ, නේරු සිය දියණිය ඉන්දිරාට ලියු ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන් ම දරු දැරියන්ගේ ද කිත් පැසසුම් ගලා එන්නට විය. එනිසා ම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහ වහා පෙරළිණි. එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියනට ද අතිශයින් ප්‍රයෝජනවත් ය. “නේරු – පියකු දුවට යැවූ ලියුම් ” කෘතිය කියවීමෙන් ඔබට මෙහි සැබෑ වටිනාකම අවබෝධ වනු ඇත.

ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා

Highlights:

අවුරුදු 16 දී පාසල් සිසුවකුව සිටියදී පතල් කැනීම් කණ්ඩායමකට බැදුණු මිචෙල් හෙජස් කැනඩාවටත් නිව්යෝක් නුවරටත් මෙක්සිකෝවටත් ඉන්පසු කැරිබියානු දුපත් හා සීසෙල්ෂ් වලටත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා චාරිකා කළේය. පුරාණ මායා ශිෂ්ටාචාරය සොයා ගැන්මෙහි ලා ඔහු කළ මෙහෙය අන්තර්ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වුයේය. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය දෙසත් නුතන මානව දියුණුව දෙසත් පෙරළිකාර කෝණයකින් මිචෙල් හෙජස් ඉදිරිපත් කළ අදහස් එකල සාම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ගර්හාවට ලක්විය. එහෙත් එම අදහස් අද වනවිට මුළු ලෝකයාගේ ම පිළිගැනීමට ලක්ව ඇත.

මෙම කෘතිය එම අත්දැකීම් හා තොරතුරු ඉදිරිපත් කරන හුදු විවරණ ග්‍රන්ථයකට වඩා රසවත් නවකතාවක විලාශය ගන්නා බව මෙය කියවන ඔබට වැටහෙනු ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping