Product Tag: සුදත් රොහාන්

සුදත් රොහාන්

Showing all 5 results

Show:

මගේ ආදර රොබෝ පෙම්වතී

Highlights:

මයික් රොබෝ කාන්තාව දෙස දෙනෙත් නොසෙල්වා විපරම් කරන්නට විය. රොබෝ කාන්තාවගේ කෙස් කළඹෙහි කළු පැහැති ඇහි බැමි යුවලක් සහ දිගු ඇසි පිය යුවලක්ද රොබෝ කාන්තාවට හිමිය. ඇගේ මුහුණ ඔහු සැළසුම් කළ ආකාරයටත් වඩා සුන්දරය. හුරුබුහුටිය. විශාල නිල් පැහැති දෙනෙත රවුම් හැඩැති නාසය, රෝස පැහැති මහත දෙතොල ඇගේ මුහුණේ සුන්දරත්වය තව තවත් ඔප් නංවයි.

රජදහනේ රන් සන්නස

Highlights:

“කුරුස යුද්ධ කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට.

නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධවූ දේශයේ

ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා.

“ඇත්තටම අපේ නයිට්වරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක් භාරදෙන්න.

යුද්ධයකට නෙවෙයි.”

බෙත් කියු කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා.

“මොකක්ද ඔයාලගේ සංදේශය?.

“ඔයා ළඟ තියෙනවා වාගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.”

වයිකිං නෞකාවක සවාරියක්

Highlights:

‘කවුද මේ එරික්?.”

“එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට.

මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි.

මෙහාට එන්න කලින් එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ”

“එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියෙන්නේ?”

පැට්‍රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්.

“අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට

අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා.

රතු කඳවුරේ රණ හඬ

Highlights:

බිම වැටී සිටි රතු නයිටිවරයා අපහසුවෙන් නැගී සිටියා.

ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇවිදගොස් සෑදලයේ තිබූ
කඩුවක් සුරතට ගෙන වියරුවෙන් බෙරිහන් දුන්නා.

“එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණල කඩුවට
කඩුව”

ශ්‍රීමත් ඇන්ඩෘෘ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා
අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා.

“තරඟයේ නීතිරීති වලටගරු කරනු. මේක සාමයේ සංග්‍රාමයක්”

“මේක සාමයේ සංග්‍රාමයක් නෙවෙයි. යුද්ධයක්. යෝක් පිලට
එරෙහිව

ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේයුද්ධය කෙළවර වෙන්නේ
මරණයෙන්”
රතු නයිට්වරයා වියරුවෙන් බෙරිහන් දුන්නා.

රණමඬලේ වික්‍රමය

Highlights:

“ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට
කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා
කියලා මට විශ්වාසයි.”

ඒක නම් ඇත්ත… තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම
වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.”
පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින්
අමිහිරි හඬක් නඟමින්.

“ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා
හොඳටම බඩගින්නේ ඉන්නේ”

මොකද හෙට තරඟයට සූදානම් කරලා තියන්න එපායැ. බැරි
වෙලාවත් කොටියා ඔහේව කෑවා නම් මම ලොකු අමාරුවක
වැටෙනවා.”

“ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින් ම නෙවෙයිද?”
“මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක්
වෙන්න.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping