- You cannot add "සාපරාධී ගංගාව" to the cart because the product is out of stock.
මැකී යන වන පෙත්
මීට වසර ගණනකට පෙර මිනිස් ඇසට අසු නොවී මිනිස් පහසක් හෝ මිනිස් කටහඬක් නොඇසු හුදකලා මහ වනය අදපොළොවන් මැකී ගොස් ඇත.
වන රජදහන
ප්රභාමත්ව වූ අරුණෝදය හිරු කිරණ විචිත්‍ර ලෙසින් පරිසරය සිසාරා ගියේය. ඝන අන්ධකාරයෙන් පීඩිතව සිටි සියොතුන් හිරු එළිය පැතිරීමත් සමගම සුකුමාල ලාලිත්‍යයෙන් ඔකද වී ඒ මේ අත පියඹන්නට විණි. ගස් වැල් හඹාගෙන ආ මද සුළග තුරින්තුරට ළං වෙමින් ඒ මේ අත ගියේය.උදා අසිරිය අතිශයින් චමත්කාරජනකය, සුන්දරය, මනස්කාන්තය, සෝභනය.
මේ පැහැබර දිනයේ වන මැදින් වැටුණු අඩි පාර දිගේ පෙරට යන යෞවනයන් තිදෙනෙකි. ඔව්! සම වයසේ දගකාර යෞවනයන් තිදෙනෙකි. වනාන්තරයටම ආවේණික ඇදුමින් සැරසී ඔරොත්තු නොදෙන තරමේ භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන ඔව්හු පෙරට ම යති. සමහර විට ඔබට ඔවුන් තිදෙනා මතක ඇති. ‘නෙල්ලි කැලේ වීරයෝ’ හා ‘ගල්ගේ කන්ද ‘ වික්‍රමයන් තුළින් ඔබට සමීප වූ මේ තිදෙනා සුනිල්, සමන් හා ප්‍රියන්ත ය.
සෝබමාන වූ රුවින් ද, නොපසුබට අධිෂ්ඨානයෙන් ද, උට්ඨාන වීර්යයෙන් ද හෙබි, මේ තිදෙනා පුදුම උපදවන සුළු කාර්යය සම්පන්නය. මාපිය අවසරය මත ,දෙටු පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගමන් කරන ගවේෂණ චාරිකාවකි මේ…..
රේගු පුරාණය
රේගුවේ ආරම්භය සහ විකාශය, එහි වැදගත්කම හා ආර්ථීකය කෙරෙහි වූ බලපෑම ආදිය පිළිබඳ සිත්ගන්නාසුළු තොරතුරු මෙහි ඇතුළත් වේ.
රන්ගිරි අරණ
“අපිත් මාස ගණනාවකින් ගෙදර ගියේ නෑ” සිරිපාල පැවසුවේ නෝක්කාඩුවක් ලෙසිනි. චාලි ඒ සියලු දේට සිනාවෙන් පිළිතුරු දුන්නා විනා කිසිවක් කීවේ නැත.
පසුදා උදයේම ලකලෑස්ති වූ චාලි හෝටලයෙන් පිටවන විට ඔහුගේ මාසයේ පඩියට අමතරව තවත් මුදලක් එඩ්වඩ් ලබාදුන්නේ මවට අවශ්‍ය දෙයක් රැගෙන යාමට උපදෙස් දෙමිනි.
මිණි බැඳි දොර
“ඒත් මේ මෑතකදි මං දැනගත්තා, මහත්තයා
නීතීඥයෙක් ය කියන කාරණේ. ඒ විතරක්
නෙවෙයි, මං කාලයක් තිස්සේ ටයිප් කරලා
තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන
දේවල් ය කියලා.”
කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක්
ගත්තා. ආයෙමත් කතාව පටන්ගත්තා.
වන සංග්‍රාමය
“අහෝ, විල්ප්‍රද්! කුණාටුවකට මැදිවූ සින්දුර තුරක් මෙන් මා තනි කර-දා පලායන්නට තොපට සිත් දුන්නේ කෙසේදැ”යි දුක් මුසු පහත් හඬෙකින් පවසා, නැවත අසුන් ගෙන විෂණ්ණ චින්තාවලියෙක පැටළුණ හ.
වන සිරියක අසිරිය
ජාතික වනෝද්‍යානවල පිහිටීම, ගමන් මාර්ග, සංචාරක බංගලා සහ සත්ත්ව හා ශාක ප්‍රජාව පිළිබඳ තොරතුරු මෙම කෘතියේ අන්තර්ගතය.
ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්
“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE – A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.
සාපරාධී ගංගාව
වසර දහයකට පසු සිය රටට පැමිණෙන වංශාධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම්කළ දුප්පත් දැරියක, දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳෙද්දී, තරුණයා දෛවය විසින් බිහිසුණු අත්දැකීම් සමූහයකට ගොදුරු කරයි. අවසානයේ මරණයේ දොරකඩ හමුවේදී ඔවුන්ගේ ඉරණම කෙසේ සටහන්ව තිබේද?..
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝ පතළ ශල්‍ය වෛද්‍ය විලියම් හල්ස්ටඩ්ගේ සැබෑ ජීවිතය ඇසුරින්…
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම්වලට බඳුන් වන මිනිසුන් සැත්කමේ දී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය.
මනෝකාය, විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව
සම්මුතිය එකකි. විශ්වයථාර්ථය තවෙකකි. සම්මුතියක් ඇතිවී ඇත්තේ විශ්වයථාර්ථය මුහුණදීමට සත්වයාට ඇති නොහැකියාව නිසාය. මෙම නොහැකියාව සත්වයාගේ සහජ ගතිලක්ෂණයකි.
මෙහි අවසන් ප්‍රතිඵලය නීතිය නැමැති තවත් සම්මුතියක් මායාලෝකය තුළ බිහිවීමයි. එමනිසා නීතිය යනු සත්වයාගේ සියලු සහජ ගතිලක්ෂණයන් තාවකාලිකව යටපත් කිරීමට ගත්තාවූ දුබල උත්සාහයක් පමණි.