Product Tag: ෆාස්ට් ප්‍රකාශකයෝ

ෆාස්ට් ප්‍රකාශකයෝ

Showing all 12 results

Show:

ප්‍රේමසූත්‍ර

Highlights:

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්‍ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබු කලාපයකි. ඔහු හා සමග සමීප ඇසුරක් ඇරඹු දා සිට සිය හැගීම් සමග සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගීම් සමුදායකි.

එදා සිට ම ඔහු ඇසුරෙහි උණූසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොදුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමග සහවාස ජීවිතය පිළිබද අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඩරු පිඩක් ව දියව ගියා ය.

මහා පරිනිබ්බාන සූත්‍රය

Highlights:

විශාලා නගරයෙන් නික්මුණු උන්වහන්සේ භණ්ඩගම හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම පසුකොට භෝග නගරයට වඩියි. එම නගරයේදී සතර මහා පදේශ දේශනා කළේය. එම නගරයෙන් පිටත් වූ උන්වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනේ නතර වෙයි. මේ බව ආරංචි වී බුදුරදුන් හමුවීමට පැමිණි චුන්ද හෙට දානය සඳහා මාගේ නිවසට වඩින ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.

පසු දින භික්ෂුන් සමඟ ඔහුගේ නිවසට වඩියි. එහිදී සූකර මද්දව නැමති සිනිදු ආහාරයක් බුදුරදුන්ට පිළිගන්වයි. මෙම සිනිඳු ආහාරය තමාට පමණක් පිළිගන්වා ඉතිරිය වළදමන ලෙසටත් මෙම ආහාරය දිරවිය හැකි වන්නේ තමාට පමණක් බවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට මෙය දිරවන්නේ නැති බවත් උන්වහන්සේ පැහැදිලි කළේය. මෙම සූකර මද්දවය වැළදීම නිසා උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවූ අතර බුදුරදුන් එම අසනීප තත්ත්වය යටපත් කර ගත්තේය. (සමහරු විශ්වාස කරන අන්දමට සූකර මද්දවය යනු ඌරු මස්ය. එය වැරදි විශ්වාසයකි. මද්දවය යන වචනයෙන් සිනිදු යන අදහස ලැබෙයි. ඌරු බිම්මල් හෝ වෙනත් සිනිදු ආහාරයක් මෙයින් අදහස් කරන බව බොහෝ උගතුන්ගේ අදහසයි. සියලු දෙනාටම මෙම ආහාරය දිරවන්නේ නැත.)

ඉන්පසු බුදුරදුන් කුසිනාරා නුවරට වඩියි. අතරමඟදී කලන්තය සෑදී ගසක් මුල වාඩිවෙයි. වතුර පිපාසය සෑදී ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලයි. එම ස්ථානයේ තුබූ ජල මාර්ගයකින් කරත්ත ගමන්කර තිබූ නිසා ජලය බොරවී තිබුණි. තුන් වතාවක් උන්වහන්සේ ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලීය. බොර වතුර පෑදෙන තුරු උන්වහන්සේට ජලය නොලැබුණි. මෙදින ආලාර කාලාමගේ ශ්‍රාවකයෙකු වූ පුක්කුස නැමැත්තා බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ සමඟ කථා කරයි. ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේට වස්ත්‍රයක් පූජා කරයි. එම වස්ත්‍රය බුද්ධ ශරීරයට ලංකල විට ශරීරය රන්වන් විය. බුද්ධත්වය ලබන අවස්ථාවේදී හා මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සිරුර රන්වන් පාට වූ බව පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි.

හලෝ හලෝ

Highlights:

බෘෘම් ෂ්‍යාම් ප්‍රියංක ඒෂ රාධිකා ආමි අංකල්

මේ හය දෙනා කෝල් සෙන්ටර් එකක එකම සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය.

මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්

කෝල් එක ආවෙ දෙයියන්ගෙන් …..?

ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න……?

එහෙනම් දැන් ‘හලෝ! හලෝ!!’ කියවන්න පටන්ගන්න.

නිහැඬියාවේ ගීතය

Highlights:

ඔහු ඇයට සමීප විය. ලෝරි දෙපාවලට අගුළු වැටුණාක් මෙන් කිසිවක් කර කියාගත නොහැකි තත්තවයකට පත්වී සිටියාය. ඔහු අතේ වූ ඇඳුම බිම දමා ඇයව තුරුලු කරගත්තේ උමතුවෙන් මෙනි. සති කීපයක් තිස්සේ යටපත් කරගෙන සිටි හැඟීම් සියල්ල පිටකර හැරීමට ඔහුගේ මුළු ගතම සූදානම් වී තිබිණි. ඇගේ දෙතොල ඔහුගේ දෙතොල් පහස අපේක්ෂාවෙන් විවරව තිබිණි.

මුගුරු

Highlights:

සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැන‍ගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද?

වැලපෙන්නි අවකන්නි – Walapenni-awakanni

Highlights:

කලක සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය……

රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය…. තාලිබාන් පාලනය

යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ.

ඔවුන්ගේ මේ ‘ ඔල්මොරොන්දම් ’ නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?

සිම්පල් සයිමන්

Highlights:

මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්‍තු වෙන එක වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට. මුණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති පෙරලලා අරං කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න.

නඟුලේ වගතුග

Highlights:

සිංහල නගඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපුර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වු පොළෝ පස සාරවත් කරගැනීමට භාවිතා කළ හැකි සරල, එමෙන් ම පිරිපුන් තාක්ෂණයෙන් අනුන මෙවලම නඟුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නඟුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නඟුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි.

සන්නිවේදන ප්‍ර‍වණතා

Highlights:

සන්නිවේදන ප්‍රවණතා මාධ්‍ය සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා විකල්ප ශාස්ත්‍රීය ප්‍රවේශයක්

එදා නඩු පොතෙන්

Highlights:

මෙම ග්‍රන්ථයේ කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘ‍තියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම, 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභීයෙකි. මේ කෘතිය සකස් කිරීමේ දී ඔහුට අධිකරණයේ විභාග වු නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.

මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද, නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත, නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘ‍ත්තිකයන්ට ද අතිශයින් වැදගත් වේ.

සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව

Highlights:

“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟිය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”

සුබ සහ යස

Highlights:

මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping