ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්රිත ග්රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.
ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.
පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්රන්ථයකි.
උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.