අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – බුද්ධ ධර්මය
• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.
ජයමංගල ගාථා සහ නරසීහ ගාථා -CD
ජයමංගල ගාථා සහ නරසීහ ගාථා ඇතුළත් සංයුක්ත තැටියකි. මෙය සංගීතවත් කොට නව්‍ය ආකාරයෙන් නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි විසිනි.
උසස් පෙළ ගුත්තිල කාව්‍ය සංග්‍රහය
ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 511කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය.
සිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
The Dalada Chronicles
The book, Dalada Chronicle is basically written about the arrival of the Tooth Relic in our country. But this is written not as a report but as a novel. It is noteworthy that some facts which the historian did not find have been included here in the form of fiction.
BUY EBOOK VERSIONවෑත්තෑවේ හිමියන් විසින් විරචිත ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 227කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය. මෙම කෘතිය විශේෂයෙන් සම්පාදනය වී තිබෙන්නේ අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය වන ආකාරයටය. විෂය නිර්දේශයට අව්‍ය වන කවි සංඛ්‍යාව පමණක් මෙහි ඇතුළත් කොට තිබේ.
සඟරජවත
‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.
සොඳුරු ප්‍රජාපතී.
මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.
BUY EBOOK VERSIONසොඳුරු යසෝදරා
සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය අතර වූ සාංසාරික ප්‍රේමය මනා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන ලද කෘතියකි. සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධත්වය කරා ළඟා වන්නට යසෝදරා දේවිය කළ කැපවීම සෑම ගැහැනියකට ආදර්ශයක් ගත හැකි අයුරින් මෙහි අන්තර්ගත කොට තිබේ. යසෝදරා චරිතයට අදාළ ජනකවි ද මෙහි ඇතුළත් කොට තිබේ.
මාතාභාරි
‘මාතාභාරි‘ යනු දිළිඳු කම නිසා මැදපෙරදිග සේවයට ගොස් සිදු වන අනේක වූ අකටයුතු හමුවේ මානසික ආබාධයකට ලක්ව යළි අප රටට පැමිණෙන එක් කාන්තාවකගේ ඛේදවාචකය නිරූපනය කරනා නවකතාවකි. මෙහි කතුවරයාට හමු වූ මැදිපෙරදිග ගොස් පැමිණුණු විවිධ කාන්තාවන්ගේ අත්දැකීම් සමුදායක් එක් කොට මෙය නිර්මාණය කොට ඇති බව පෙරවදනේ සඳහන් ය. මැදපෙරදිග වහල් සේවය ගැටලුවක්ව පවතින වර්තමානයේ කාන්තාවන් පමණක් නොව සියලුම දෙනා විසින් කියවිය යුතු නවකතාවක් ලෙස මෙය සඳහන් කළ හැකිය.
BUY EBOOK VERSIONකණිෂ්ඨ ශ්‍රේණි සඳහා ජාතක කතා
ජාතක කතා යනු බෞද්ධ සාහිත්‍යයේ හමුවන අපූරු නිර්මාණයකි. ඒ අපූරු නිර්මාණයට මිනිස් සිත තුළ බොහෝ අපූරු දෑ කළ හැකිය. මේ එවන් වූ නිර්මාණ තෝරා ගෙන, වැඩෙන ළමාවියට ගැලපෙන ලෙස සරලව සම්පාදනය වුණු රසාලිප්ත කතා එකතුවකි.
BUY EBOOK VERSIONපන්සිය පනස් ජාතකය (විධුර – භූරිපඤ්හ)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (මහා සුත්සෝම – භූරිදත්ත)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (පණ්ඩරනාග – කුනාල)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (ජවහංස – උදකරක්ඛස)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (බක – සුබ්බච)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (කුම්මාසපිණ්ඩි – ඵන්දන)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (පංචායුධ – ස්වර්ණහංස)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
අපල සඳහා බෝධි පූජා
බෝධි පූජා පැවැත්වීමෙන් ග්‍රහ අපලවලින් සිදු වන සියලු උපද්‍රව දුරු කර ගන්නා ආකාරය මේ පොතෙන් විස්තර කෙරේ.
Dhammapada (English)
The Dhamma Pada is a great work that contains the essence of the Dhamma preached by the Buddha. It is a guide that helps people to make sense of everyday life. On the other hand, it is a form of Dhamma in which monks can choose themes for their sermons. The essence of the Dhamma Pada is common to the universe and Timeless.
මහ පිරිත් පොත – විශාල ප්‍රමාණය
පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් පොත පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්‍රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්‍රන්ථයෙන් මෙය යුක්ත වේ.
The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 2
සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි දෙවැනි වෙළුම මෙය වේ. මෙහි 201 – 400 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.
BUY EBOOK VERSIONඅසිරිමත් මල් පූජාව
සිත පහදවා කරන මල් පූජාවෙහි මහත්ඵල මහානිසංසත්, දස අකුසලයෙන් මිදුණා වූ සිතක හටගන්නා නිරාමිස ප්‍රීතියත් කැටි කරගත් මේ කුඩා කෘතිය දිවි මග එකලු කරන ප්රදීපාලෝකයකි.
BUY EBOOK VERSIONසිසිලියේ සදහම් සුවඳ
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන බොරැල්ලේ කෝවිද හිමිපාණන් විසින් සිසිලියේ බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමේ සද්කාර්යය අතරතුර විවිධ ස්ථානයන්හි දී දේශනා කරන ලද දේශනාවන් මෙහි ඇතුළත් වේ.
BUY EBOOK VERSIONප්‍රංශයේ සදහම් සුවඳ
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන බොරැල්ලේ කෝවිද හිමිපාණන් විසින් ප්‍රංශයේ බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමේ සද්කාර්යය අතරතුර විවිධ ස්ථානයන්හි දී දේශනා කරන ලද දේශනාවන් මෙහි ඇතුළත් වේ.
සතර කමටහන් භාවනා විධි
ප්‍රායෝගිකව භාවනාව වැඩීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.
BUY EBOOK VERSIONධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසාර ගැඹුරු දහම් කරුණු සරලව, සුගමව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැවෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.
දහම් දැනුමට අත්වැලක්
පාසල් සහ දහම් පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත දහම් කරුණු නිරවුල්ව, සරලව ඉදිරිපත් කරන මේ කෘතිය බුදුදහම හදාරනු කැමති සෑම අයෙකුටම වැදගත් වන්නකි.
BUY EBOOK VERSIONධම්මගවේසි
බුදුන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් වූ සිය ජීවිත කාලය පුරා විවිධ පුද්ගලයන් සමඟ සිදු කරන ලද ධර්ම සාකච්ඡා අභිධර්මයෙහි සූත්‍ර පිටකයට ඇතුළත් කොට තිබේ. මෙම ධර්ම සාකච්ඡා මැනවින් කියවා බලා අපගේ ජීවිතවලට දහම් එළියක් ලැබීමට සුදුසු ආකාරයෙන් සරල බසින් සංග්‍රහ කර දැක්වීමක් මෙම ‘ධම්මගවේසී’ ධර්ම සංග්‍රහයේ එයි.
BUY EBOOK VERSIONබෞද්ධයාගේ පිං පොත
බුදු දහමට අනුව අපි ඉපදෙමින් මියයමින් සසරේ නොනවතින ගමනක යෙදෙන්නෙමු. අපගේ මතු අත්භවය සැපවත් හෝ දුක්බරවීමට පුළුවන. නමුත් පින් දහම්හි නිරතවීමෙන් මතු අත්භවයේ දුක්ඛිත ස්වභාවයක් ලැබීමට ඇත්නම් එය වළක්වාගත හැකිය. මෙම කෘතිය ඒ සඳහා මග විවර කර දෙයි.
BUY EBOOK VERSIONයොවුන්විය, විවාහය හා බුදු දහම
තරුණ පරපුර ඉළක්කකොට ලියැවී ඇති මෙම කෘතිය බුදු දහම අනුව ජීවිතය හැඩගස්වා ගන්නා අන්දම විස්තර කරයි. විශේෂයෙන් සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීම පිළිබඳව බුදු දහමේ අඩංගු කරුණු මෙයින් සරලව පහදා දෙයි. මනසින් හා සිරුරින් සෞඛ්‍ය සම්පන්න පරපුරක් සමාජයට දායාද කිරීම මෙහි අවසන් අරමුණ වී තිබේ.
BUY EBOOK VERSIONධම්මපද ප්‍රදීපය
බෞද්ධයන්ගේ දහම් අත්පොත ලෙසත්, බුදු දහමේ සාරය ලෙසත් ප්‍රකට, ‘ධම්ම පදය’ ඇසුරින් සම්පාදනය කරන ලද මෙම කෘතියෙහි ධම්ම පදයේ ගාථා, ඒවායේ නිදාන කතා ආදිය පුළුල්ව විස්තරකොට තිබේ. ධර්මදේශනා සිදුකිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත්වන මෙය, ධම්ම පදය පිළිබඳ සැළකිල්ලක් දක්වන, ඒ පිළිබඳ අධ්‍යයන සිදුකරන සියල්ලන්ටම ප්‍රයෝජනවත්වන කෘතියකි.
වන්දනා ගාථා සහ දොළොස් පොහොය
වසරකට පොහොය දොලොසකි. පොහොය දොලොස පිළිබඳ කරුණු අවශ්‍ය වන්නේ උවැසි උවැසියන්ට ය. එබැවින් මේ කෘතිය එම පොහොය පිළිබඳ විස්තර මෙන්ම සිල්සමාදන් වීමේදී මෙන්ම වෙනත් බුද්ධ වන්දනා අවස්ථාවන්හි දී භාවිතයට ගත හැකි වන්දනා ගාථාවන් ද හඳුන්වා දෙයි.
BUY EBOOK VERSIONතිසරණ වන්දනා ගාථා
බුද්ධ වන්දනාවේ දී එය මානසික සහ චාරිත්‍රානුකූල වශයෙන් පරිපූර්ණ වන්නේ අවශ්‍ය වන වතාවත් නිවැරදිව අනුගමනය කිරීමෙනි. බෞද්ධයන්ට වුව ද ඇතැම් විට බුද්ධ වන්දනාවකට අදාළ ගාථා පිළිබඳ අවබෝධයක් නොමැත. ඇතැම් විට ඒවා පිළිවෙලක් නොමැත. ‘තිසරණ වන්දනා ගාථා’ කෘතිය ඒ සඳහා ඔබට මග පෙන්වයි. තැන තැන රැගෙන යා හැකි පහසු ප්‍රමාණයකින් ද මුද්‍රණය කොට තිබේ.
BUY EBOOK VERSIONThe Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 1
සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි පළමු වෙළුම මෙය වේ. මෙහි 1 – 200 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.
BUY EBOOK VERSIONසමථ භාවනා විධි
නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහා ද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත්, සම සතළිස් කර්මස්ථාන සහ ඒවා තෝරා ගැනීම පිළිබඳ සියලු විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ.
ආනාපානසති භාවනා විධි
දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංසවලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ, ඒකාග්රතාවයි. ඒ නිසා දාන සීලා දී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි.
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ
බුදුරදුන්ගේ අනන්ත ගුණ කන්දරාවත් හෙළ සාහිත්‍යයේ අපරිමිත රස කන්දරාවත් එකසේ දරාගත් සම්භාවනීය ග්රන්ථ රත්නය මෙසේ සැදැහැත් දෝතට පිදෙයි. සිතුවම් සහිතව තනි කාණ්ඩයක් ලෙස අගනා මංජුසාවක් සමගින් ප්‍රකාශයට පත්ව ඇති මෙය අති විශිෂ්ට නිමාවෙන් යුතු ය.
සෙත් පිරිත්
සෙත් ශාන්තිය පතා භාවිත වන සෙත් පිරිත් සියල්ලම ඇතුළත, පහසුවෙන් භාවිත කළ හැකි සේ කුඩා ප්‍රමාණයෙන් සම්පාදනය වූ කෘතියකි.
සුභාෂිතය
‘සුභාෂිතය‘ යන්නෙහි වචනාර්ථය ‘මනා ලෙස ප්‍රකාශ කරන දෙය’ යන්න ය. මේ කෘතිය පුරා ප්‍රකාශ වන්නේ ප්රශස්ත උපදේශාවලියකි. මේ උපදේශ සමූහය යහපත් සමාජ පැවැත්මක් උදෙසා වන පොදු ව්‍යවස්ථා පද්ධතියකි. එබැවින් කතුවරයා මෙය ‘නීති ශත’ යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. ‘සුභාෂිතය’ යන ග්රන්ථ නාමය කතුවරයා විසින් ම යොදන ලද්දක් ද, පසුව යෙදුනක් ද යන්න පැහැදිලි නැත.
BUY EBOOK VERSIONසද්ධර්ම රත්නාවලිය
‘දහම් නමැති රුවන් ඇමිණූ වැල’ යන අරුත් ඇති ‘සද්ධර්ම රත්නාවලිය’, දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත කෘතියකි. එම යුගයේ බිහි වූ කෘතීන් අතර ප්‍රමා’ණයෙන් මෙන්ම සාහිත්‍යමය අගයෙන් ද වඩාත් වැදගත් වන එකම කෘතිය මෙය බව සඳහක් කිරීමෙහි වරදක් නැත. මෙහි ඇති භාෂා විලාශය උගත් නූගත් සියලු දෙනාටම තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත ය. බෞද්ධ, අබෞද්ධ කාගේත් අවධානයට යොමු වූ කෘතියකි.
වෙස්සන්තර කතාව
වෙස්සන්තර කතාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මේ කතා පුවත ජනයා අතර ප්‍රකට ය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මේ කතා නිර්දේශිත ය. එයට සරිලන ලෙස මෙය සම්පාදිත ය.
ලෝවැඩ සඟරාව
වීදාගම මෛත්රය හිමිපාණන් විසින් රචිත මෙහි ත්‍රිපිටකයෙහි ඇතුළත් වැදගත් ධර්ම කරුණු රැසක් කවිවලින් දක්වා තිබේ. එබැවින් මේ කෘතිය ප්‍රගුණ කිරීමෙන් ත්‍රිපිටකය පිළිබඳව ද යම්තාක් දැනුමක් ලබා ගත හැකි වේ. කවි 140 කින් යුක්ත මෙහි 140 වැනි කවියෙන් මෙය වීදාගම මෛත්රය නාහිමිපාණන් විසින් සම්පාදනය කොට ඇති බව කියවේ.
BUY EBOOK VERSIONලෝකෝපකාරය
උපදේශාත්මක කාව්‍ය්‍යට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි ව තිබේ. සංස්කෘත සාහිත්‍යයෙහි පංචතන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය , නීති ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යයාවලියක් තිබේ. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැනක් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍යයන් අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරයයි.
මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනා
සතිය යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවිම සතිපට්ඨානයයි. සියලු දුක්ඛ දෝමනස්සයන් නසා නුවණ වැඩීමට මෙය ඉවහල් වෙයි. එබැවින් සතිපට්ඨානය වැඩීම සෑම බෞද්ධයකු විසින්ම මනාව වටහාගත යුතු ය. මෙම කෘතිය එයට මහඟු අත්වැලක් සපයයි.
මහ පිරිත් පොත (ඝන බැම්ම)
ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.
මහ පිරිත් පොත
ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.
බෞද්ධ නිවස
තමා තෙරුවන් සරණ ගිය හොඳ බෞද්ධයකු යැයි ප්‍රකාශ කිරීමෙන් පමණක් නියම බෞද්ධයකු වන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ දහමත් චරිතයත් අප මැනවින් දත යුතුය. නිවසක් බෞද්ධ නිවසක් වන්නේ එවිට ය. මේ කෘතිය සියලු බෞද්ධයන්ට ඒ සඳහා අත්වැල සපයයි.
බුද්ධ ගද්‍ය සහ සකස්කඩය
පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්ධ ගද්‍යය මහඟු බුද්ධස්තොත්‍රයකි. මෙය පද්‍යයක් බැවින් මෙයට විය යුතු නම ‘බුද්ධ පද්‍යය’ යනුයි. එහෙත් කලෙක සිටම ‘බුද්ධ ගද්‍යය’ යැයි ව්‍යාවහාර වී තිබේ. මෙය අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.
BUY EBOOK VERSIONබුද්ධ ඇදහිල්ල
සූත්‍ර, ව්නය, අභිධර්මය යන දැන ඉගෙනගැනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග්‍රන්ථය පරිශීලනය කළ හැකි ය.
බුදුහාමුදුරුවෝ
බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කර දෙයි.
බුදුගුණ අලංකාරය
දහම්ගැට මාලාව, හංස සංදේශය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි විවිධ ප්රස්තුත රැගත් පද්‍ය කෘති රචනා කළ වීදාගම මහානේත්‍රප්‍රාසාදමූළ මෛත්‍රෙය මාහිමිපාණන් විසින් ලින ලද තවත් කෘතියක් ලෙස ‘බුදුගුණ අලංකාරය‘ දකින්නට පුළුවන. බුදු රජාණන් වහන්සේ ගුණ කදම්භයේ සෞන්දර්යාත්මක භාවය යන අර්ථයෙන් මේ කෘතිය නම් වී තිබේ. එබැවින් කතුවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ බුද්ධ ගුණය වර්ණනා කිරීම බව පැහැදිලගි ය.
පූජාවලිය
බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය, පූජාවලියට මාතෘකා වී ඇත. හුදෙක් මෙය බෞද්ධ ධර්ම ග්රන්ථයක් පමණක් නොවේ. ලක්දිව ශාසන ඉතිහාසය මෙන්ම ඓතිහාසිත, දේශපාලනික, ආර්ථික හා සමාජයීය තතු මේ කෘතියෙන් හෙළි කෙරේ.
බුදු බව පතා
බුදු බව පතා සිද්ධාර්ථ තවුසාණෝ පුරා සයවසක් විඳි දුෂ්කර ක්‍රියාව, සංවේදී රිද්මයකින් සහ සරල බස් වහරකින් මේ කෘතිය තුළ ලියැවී ඇත.
BUY EBOOK VERSIONඅපේ බුදුහාමුදුරුවෝ
බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.
BUY EBOOK VERSIONප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2
ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.