Product Tag: Buddhist Cultural Centre

Buddhist Cultural Centre

Showing all 13 results

Show:

The Buddhist Series Life of the Buddha Level 1

Highlights:

This Series is written and produced to make available to children suitable Buddhist books. The primary objective of the Series is to bring the sublime teaching of the Buddha Dhamma in a structured and systematic manner to children during their formative ages.

තුන්පනෙන් ඇමරිකාවට

Highlights:
“තුම්පනෙන් ඇමරිකාවට” බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරත්නාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිත කතාවයි. මේ ස්වයං ලිඛිත චරිතාපදානය උන්වන්සේගේ සිය ජීවිතයේ පුරසාරම් කියමින් අත්තුක්කංසනයෙහි යෙදීමට යොදා ගන්නා ලද්දක් නොවේ. හුදෙක් කර්මයේ හැටි මෙයයි එළිදැක්වීම පිණිස ලියන ලද්දකි. ඒ බව පොතේ මුලත් අගත් සදහන් වෙයි. ඒ අනුව වසර හැත්තෑපහක ජීවිත කාලය තුළ තමන් කළ දේ, ලැබූ පලවිපාක, අත්දුටු දුක් දොම්නස්, වදවේදනා, තර්ජනගර්ජන, බියසන්ත්‍රාස, දිළිදු දුප්පත්කම් පැකිළීමෙන්, වසං කිරීමෙන් තොරව අනාවරණය කොට තිබේ. එමගින් උන්වහන්සේගේ නිරහංකාර නිහතමානි බවත් අභිප්‍රායත් මැනවින් ප්‍රකට වෙයි. බෝසත් සිරිතේ මිහිරි පැති මෙන්ම අමිහිරි පැතිත් නොසගවා ඉදිරිපත් කොට කර්මයේ ස්වරූපය දක්වා පශ්චිම ජනතාව තුළ පහන් සංවේගය දැනවීමේ අදහසින් ජාතක කතා නිර්මාණය කළ පෞරාණික බෞද්ධ ආචාර්‍යවරයන්ගේ මග ගනිමින් ආචාර්ය ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය ජීවිත කතාව ගෙනහැර දක්වා ඇති බව කිව යුතුය.

ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ

Highlights:

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමය යි කියනුයේ ඒ පිළිගැනීමට ය. රත්නත්‍රයේ එක ගුණයකුදු නො දැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්‍ය්‍ය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නො හැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් ම තරමකින්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

පිරුවානා පොත් වහන්සේ

Highlights:

‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය.

සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය

Highlights:

ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.

ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.

පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්‍රන්ථයකි.

උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.

සප්තාර්ය පුද්ගලයෝ

Highlights:

” සද්ධාව, සීලය, ලැජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ.”

ධනය යන වචනය ඇසූ සැණින් ම අප මතකයට නැගෙනුයේ මිල මුදල් හා ඒවා භාවිතයෙන් ලබාගන්නා නිවාස, ඉඩකඩම්, යාන වාහන ආදී දේ පිළිබඳවයි. ලෞකික හෙවත් මෙලොව ජීවිතයට පමණක් අයත් වන මේ සියල්ල තාවකාලික ය.

පහසුවෙන් සිහිය වඩන මග

Highlights:

මෙම කෘතියෙ කතුවර හේනේපොල ගුණරතන හිමියන් විසින් රචනා කර ඇති පැහැදිලි ගුණය ලෝකයේ ඕනෑම ආගමික සමාජීය පසුබිමක් ඇති පුද්ගලයෙකු කියවා බැලීමට දිගු කරයි.

අද ලෝකයේ ජනප්‍රිය විෂය මාතෘකාවක් බවට පත්ව තිබෙන ” කරුණාව පැතිරවීම” පිළිබඳව නව පරිච්ජේදයක් ඇතුළත්‍ ය. මෙම ග්‍රන්ථයම භාවනාවක් වැනිය. අප හිතනවාටත් වඩා ඉතාම සරලය.

සද්ධර්මාලංකාරය

Highlights:

පොළොන්නරු සමයේ වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින් පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. කුරුණෑගල සමය වනවිට පන්සිය පනස් ජාතකය ද සම්පූර්ණයෙන් සිංහලට නැගී තිබීම නිසා තවත් විවිධ කෘති උදෙසා පඬිවරු උත්සුක වී ඇත්තාහ. ඊට නිදසුනක් සේ දැකිය හැකි සද්ධර්මාලංකාරය කථා පුවත් රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.

පිරුවානා පොත් වහන්සේ

Highlights:

පිරුවානා පොත් වහන්සේ

මුල් බුදු දහම

Highlights:

මුල් බුදු සමය අළලා කරන ලද මෙම කුඩා ග්‍රන්ථය එම ධර්මය ගැන දැනීමක් ලබා ගැනීමට රුචියක් දක්වන සාමාන්‍ය මහජනයා සදහා අදහස් මෙහි අන්තර්ගත වෙයි.මුල් බුදු සමය පිළිබදව විමසිල්ලක් නොකර බෞද්ධ දර්ශනයට යාමට තරමක් අසීරු බව ග්‍රන්ථයෙන් හෙලිදරව් කරයි.බුදු දහමෙහි විශිෂ්ඨතවයත්,දුරවබෝධය ලැබීමටත් මෙය මහත් සේ උපකාරී වේ.

පූජාවලිය

Highlights:

බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් බිඳක් පාඨක පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරන මේ සම්භාව්‍ය කෘතිය පුරාණයේ පටන් බෞද්ධයින්ගේ ආදර ගෞරවයට පාත්‍ර වුවකි. සෑම බෞද්ධයකු විසින්ම කියවිය යුත්තකි…

මිලින්ද ප්‍රශ්නය

Highlights:

මිලින්ද ප්‍රශ්නය -සාහිත්‍ය හා දර්ශන දෘෂ්ටි කොණයෙන් ථෙරවාදී බෞද්ධ ධර්මයට විශාල ගෞරවයක් ලබා දෙයි.

මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නගන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසේන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානූකූල පිළිතුරු සංග්‍රහ කොට කරණ ලද පාළි ග්‍රන්ථය මිලින්ද පඤ්හ ය යි ප්‍රසිද්ධ ය.

මේ ග්‍රන්ථයට හිමි වන්නේ පාළිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රෙෂ්ඨස්ථානයකි.

Life Of The Buddha 4 ( Buddhist Series)

Highlights:
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping