Product Tag: buddhist poems

buddhist poems

Showing all 4 results

Show:

සුභාෂිතය

Highlights:

‘සුභාෂිතය‘ යන්නෙහි වචනාර්ථය ‘මනා ලෙස ප්‍රකාශ කරන දෙය’ යන්න ය. මේ කෘතිය පුරා ප්‍රකාශ වන්නේ ප්‍රශස්ත උපදේශාවලියකි. මේ උපදේශ සමූහය යහපත් සමාජ පැවැත්මක් උදෙසා වන පොදු ව්‍යවස්ථා පද්ධතියකි. එබැවින් කතුවරයා මෙය ‘නීති ශත’ යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. ‘සුභාෂිතය’ යන ග්‍රන්ථ නාමය කතුවරයා විසින් ම යොදන ලද්දක් ද, පසුව යෙදුනක් ද යන්න පැහැදිලි නැත.

BUY EBOOK VERSION

ලෝවැඩ සඟරාව

Highlights:

වීදාගම මෛත්‍රය හිමිපාණන් විසින් රචිත මෙහි ත්‍රිපිටකයෙහි ඇතුළත් වැදගත් ධර්ම කරුණු රැසක් කවිවලින් දක්වා තිබේ. එබැවින් මේ කෘතිය ප්‍රගුණ කිරීමෙන් ත්‍රිපිටකය පිළිබඳව ද යම්තාක් දැනුමක් ලබා ගත හැකි වේ. කවි 140 කින් යුක්ත මෙහි 140 වැනි කවියෙන් මෙය වීදාගම මෛත්‍රය නාහිමිපාණන් විසින් සම්පාදනය කොට ඇති බව කියවේ.

BUY EBOOK VERSION

ලෝකෝපකාරය

Highlights:

උපදේශාත්මක කාව්‍ය්‍යට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි ව තිබේ. සංස්කෘත සාහිත්‍යයෙහි පංචතන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය , නීති ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යයාවලියක් තිබේ. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැනක් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍යයන් අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරයයි.

බුද්ධ ගද්‍ය සහ සකස්කඩය

Highlights:

පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්ධ ගද්‍යය මහඟු බුද්ධස්තොත්‍රයකි. මෙය පද්‍යයක් බැවින් මෙයට විය යුතු නම ‘බුද්ධ පද්‍යය’ යනුයි. එහෙත් කලෙක සිටම ‘බුද්ධ ගද්‍යය’ යැයි ව්‍යාවහාර වී තිබේ. මෙය අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping