පටිඝ
”ඇයි අත්තම්මේ අපේ සීයට සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?”
”මගේ මේ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්.මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ දරුවෙක් අප්පච්චි කළුද සුදුද කියලා දැක්කේ නැහැ.ඒ දරුවට ලොකු අසාධාරණයක් වුනේ.මම පෘතග්ජන කෙනෙක්.එයා කරපු දේ අමතක කරලා සමාව දෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ මට.”
කතාව කියන තුරු කඳුලක් නොසැලූ සුභද්‍රාවෝ හඬා වැටෙන්නට වූහ. දිල්ෂාන් සහ සයුරිගේ ද දෑස් තෙමී ගියේය.
ගැහැණිය හඬා වැටෙන්නේ හඬා වැටෙන්නට අත්‍යවශ්‍ය තැන්වලදී යැයි දිල්ෂාන් සිතුවේය.
”මෙච්චර වෙලා ක්වීන් එලිසබෙත් වගේ නිර්භීතව ඉඳලා ඇයි මේ අඬන්නේ?අපටත් ශක්තියක් වුනේ ඔයානේ අත්තම්මේ.”
ඇසිල්ලක දුටු සිහිනේ
“අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා”
කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ
ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉගෙන ගත් පාසලේ
ක්‍රීඩා ගුරුවරයා වෙතට ගිය ඇය තම ගෙළට වැටුණු
මල් මාළයක් ඔහුට පළදවන ගමන් කීවාය.
ඔහුගේ අතින් අල්වාගෙන පැමිණ මාධ්‍ය
සාකච්ඡා මේසයේ අසුන් ගැන් වූවාය.
“හයේ පන්තියේ ඉඳලා මගේ දක්ෂතා හඳුනා
ගෙන මාව පුහුණු කළා.පුහුණු කළේ නිකම්ම නෙවෙයි
උණුසුම් බෝතලයකට තේ එකක් දාගෙන,
සමහර මඤ්ඤොක්කා පාර්සලයකුත්
අරගෙන ඇවිත් මට කන්න බොන්න දීලා
කිසිම අතිකාල දීමනාවක් නැතුව උදේ හයහමාර
ඉඳලා හවස හතරහමාර විතර වෙනකම් වැඩ.
ගුරු දෙවියෙක් මේ ඉන්නේ.”
ඇය මාද්‍යෙව්දීන් දෙස තෙත් වූ දෑසින් බලමින් කීවාය.
සිනාසෙමු අතීතෙට
“ඊයේ රෑ පුරාම මිනිහෙක් මගෙ කාමරේ දොරකඩ ගාව ඉඳගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බැන්නා.”
“ඒ ඇයි?”
“නැහැ ඊයේ ෆීල්ඩ් එකේ යන දවස.ඒ මනුස්සයාගේ ගෑණු මනුස්සයාට පස්වෙනි දරුවට මාස තුනයි ඊයේට
වැඩිමහල් ළමයාට අවුරුද්දයි. අනිත් ළමයාට අවුරුදු දෙකයි. වැඩිමල් ළමයට අවුරුදු පහයි. ඒ මනුස්සයා හොඳටම දුර්වලයි. පොඩි දරුවට දෙන්න කිරිත් නැහැ.
දෑරඟමිණ
“මොකක්ද නංගා අවුල?”
“මම දහයෙ ඉඳලා ඩාන්සින් දිගටම කරන්නද ඇහුවා කියලා.”
“කොහොමටත් අපේ තාත්තිට නැටුම් සංගීත පේන්න බැරි ලෙඩක් තියෙනවනෙ.”
“අම්මිටත් බැන්නා. මට ඉංග්ලිෂ් ලිට්‍රිච කරන්නලු. ඒක ලේසි සබ්ජෙක්ට් එකක් නෙවෙටිනෙ අයියා. අන්තිමට ඒ ගත්තත් මට ඒකට අනිවාර්යයෙන්ම සී.”
දිසාපාමොක් දියණී
පාසැල්වලට අයදුම් කරන්නට
කාළය ඒළඹි හෙයින් සුධර්මා තම
දියනිය ද කැටුව පෙර සිටි පාසැලට
ගියා ය. එහි අපොස සාමාන්‍ය පෙළ
හොඳ ප්‍රතිඵල තිබුණි. හොඳම
ප්‍රතිඵලය වුයේ නේරංජනාය,