Globe in a Nutshell
Globe in a Nutshell is an attempt to explore the many dimensions of geopolitics which encompasses a concise presentation of facts on geography, politics, history, culture, demography and international relations with reference to spatial politics. Seldom found together in one book, the facts presented range from the level of state to international which help deciphering the present day. This publication is meant to present itself as pertinent collection of facts for students of geopolitics and for other reader whose interest lie exploring geopolitics and its diverse aspects.
අපේ ජන ක්‍රීඩා
සමාජ, සංස්කෘතික හා තාක්ෂණික දියුණු වීම් ඉදිරියේ සිංහල ජන සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින ඔලිඳ කෙළිය, පොර පොල් කෙළිය, චක්කුඩු හා ගුඩු කෙළිය සහ අං කෙළිය යන ජන ක්‍රීඩා පිළිබඳ මතකය නැවත අවදි කරවන්නට සමත් කෘතියකි. පාසල් යන දරුවන්ගේ සිට අප සංස්කෘතියට ආදරය කරන සියල්ලන් විසින් කියවිය යුත්තකි.
BUY EBOOK VERSIONෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය ලියුමේ අභිරහස
සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of the Gloria Scott හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.
BUY EBOOK VERSIONෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් ලිපිකරුවා
සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of the Stockbroker’s Clerk හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.
BUY EBOOK VERSIONජන කවි මුතුහර
ජන කවි බිහිවූයේ ජනයා අතරින් ය. මේවා පඬිවරු විසින් ලියන ලද කවි හා ගී නොවන අතර ජන ජීවිතයේ විවිධ රැකියා කටයුතුලදීත් විවිධ සිදුවීම් අවස්ථාවලදීත් සහ ජන ක්‍රීඩා ආශ්රයෙනුත් ජන කවි නිර්මාණය වූ බව පෙනේ. මෙහි ප්‍රාථමික පන්තිවල දරුවන්ට අවශ්‍ය ජන කවි රාශියක් ඇතුළත් ය.
සිංහල ජන කවි
සිංහල ජනශ්රැති අතර ජන කවිවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රකට සේම අප්‍රකට ජන කවි වර්ග මේ කෘතියේ අන්තර්ගත වී ඇත. පාසල් සිසුන්ගේ සිංහල ජන කවි පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
BUY EBOOK VERSIONහෙළ ජන ගී
ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.