Product Tag: Dayawansa Jayakodi and company

Dayawansa Jayakodi and company

Showing all 12 results

Show:

හක්ල්බරිගේ හපන්කම්

Highlights:

“නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. ”

-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංචේ.

ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.

සුන්දර සහ දේවින්ද

Highlights:

එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’
නමින් කවි පෙළක් ලියා තිබිණි.

සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
“සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

කන්ද පාමුල

Highlights:

“ඔබේ දරුවන් ඔබේ නොවේමැයි!
ඔව්හු ජිවිතය ඉල්ලන දු පුතුන් වෙති!
උපත ලද මුත් උන් ඔබෙන්
ඔබේ දරුවන් නම් නොවේ.
ඔවුන් ඔබ හා සමඟ සිටිමුත්
ඔබට ඔවුන්ගේ අයිතියක් නැත.
ලබන මුත් උන් ඔබෙන් පෝෂණ
ඔබේ සිතිවිලි හිමි නොවේ.
උන්ගෙ සිතිවිලි උන් සමඟ වේ.
නිවහනේ රැඳිය හැකි වෙතත්
උන්ගේ සිරුරු උන්ගේ ආත්ම
එහි රැඳුම හැකි නොවේ.”

අඹු දරුවෝ

Highlights:

“ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට.” බබුන් කීවා ය.
“කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?”
“ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න.” බබුන් නැවත යෝජනා කරයි.
“පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩි කාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?”
ඉහ වහා ගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පැස ඔසවාගෙන නැන්දනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.

සිල් සුවඳ

Highlights:

“ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?”

“මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.”

“බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?”

SIL SUWANDA

උපේකා

Highlights:

පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය. පැවදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්‍රශ්න කෙළේ ය. “අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවූ රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුලක් නැත.” තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.

මිළිඳු රාජ ප්‍රශ්නය 03

Highlights:

“මහරජාණෙනි” යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරු දෙනමක් එක්වර නුපදින සේක් නම් මේ කාරණය ත් එහිලා අර්ථ වශයෙන් ගත මැනැව.

ඒසේ වුව ද “මහරජාණෙනි” එක ම බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයෙහි එක්වරකට පහළ වෙති යන මෙකරුණ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවික වු ත්, ප්‍රකෘති වූ ත් ධර්මතාවකි. ඒ කවර කරුණක් නිසා ද යත්, සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ ගුණය අතිශයින් ම මහත් බැවිනි.

මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න.

උපවාන මහා රහතන් වහන්සේ

Highlights:

“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකටය.

චුන්ද මහ රහතන් වහන්සේ

Highlights:

චුන්ද මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ හතළිස්අට වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම සඳහන්ව ඇත.ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේගේ සොහොයුරෙකු වු මුන් වහන්සේ “චුන්ද මහා චුන්ද, චුන්ද සාමණේර” ආදී නම් කිහිපයෙන් ම හදුන්වා ඇති බව පෙළ අටුවා විමසීමෙන් පෙනෙයි. ථෙර අපදාන පාළියේ චුන්ද ස්ථවිරාවදානයේ එක් තැනක “චුල චුන්ද” යන නම දක්නට ලැබේ.

උතුම් කාන්තා රත්නයක් වූ යශෝධරා තෙරණිය

Highlights:

තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයට පත්වීම සදහා සාරාසංඛ්‍ය කල්ප ල්කෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේධ තාපසව සිටිමින් පළමු විවරණ ලැබ එකී සාරාසංඛ්‍ය කල්ප ලකෂ්‍යය තුළ බෝසත්වරෙයෙකු වශයෙන් කිසිදු අඩුවක් නැතිව දසපාරමී පෙරුම්පුරා බුද්ධත්වයට පත්වූ සේක.
යශෝධරා දේවිය ද සුමේධ තවුසා බුද්ධත්වයට පත්වීමට ඉහත කී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගැනීමෙන් අනතුරුව සුමිත්තා නම් පරිබ්‍රාජිකාව වූ වර්තමාන යශෝධරා දේව්ය ද, කාරණා තුනක් ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා කළාය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping