Product Tag: Dayawansa Jayakody and Company

Dayawansa Jayakody and Company

Showing all 5 results

Show:

උප්පුතලම්

Highlights:

“උප්පු” යනු දෙමළ භාෂාවෙන් ලුණු යන අදහසය. තලම් යනු කන්දය. ගොඩගසා ඇති ලුණූ කදු යන අරුතින් එදා ඉන්දියානු ශ්‍රමිකයන් “උප්පුතලම්” යන නමින් හැදින්වුයේ වර්තමාන පුත්තලමය. ගත රිදුම් දෙන, ගිනි ගහණ අව්වේ මුහුදු වතුර හෙවත් කාරම් ජලය පාත්තිවලට හරවා ලුණු හැදීමද ලුණු කැඩිමද අතිශය දුෂ්කර රාජකාරියකි. මේ බිමේ බීමට වතුර නැත. පොළවට මිශ්‍රවන බැවින් වැසිකිළි ද නැත. අපේ බත් පත රස කරන්නට ඔවුන් ලුණු නිෂ්පාදනය කරන්නේ මේ සියලු දුෂ්කරතා මැදය.

“උප්පුතලම්” ලුණු ලේවා ආශ්‍රිත මිනිසුන්ගේ ජීවිත කතාවය

වීර ගජබාහු මහ රජතුමා

Highlights:

රජය යනු කුමක් ද රජු යනු කවරෙක්ද ? එහි සහ ඔහුගේ කාර්යභාරය කෙබඳු ද ? රාජ්‍යශ්‍රිය යනු ජනතාව හමුවේ මහානීය ව පෙනී සිටීම නොවේ. ජනතාව සුඛිත මුදිත කිරීම, ඔවුන්ට ආරක්ෂාව සැපයීමට, ඔවුන්ට සතුට සම්පත ළංකිරීමය.

ගජබා මහ රජතුමාගේ පැවැත්ම එබඳු විය. ඔහු කුල පැවැත්ම වෙනස් කළේය. වහල් සේවය ඉවත් කළේය. සියලු ම ජනතා කොටස්වලට සමාන ව සැලකුවේය.

සතුරු උවදුරු ජයගත හැක්කේ ස්වශක්තිය පිළිබඳ ආත්ම විශ්වාසය ඇතිවිට පමණක් බව ගජබාහු කුමාරයා පෙන්වා දුන්නේය. ඔහු තුන්සිංහලය ජයගත්තේ යුද්ධ කිරීමෙන් නොවේ. යුද්ධ සුදානමෙන් පමණකි. ඔහු සෝළී රාජ්‍ය‍ය ආක්‍රමණයට කැටුව යන්නේ මහානීල සෙනෙවි පමණකි.

විශ්මයෙන් හා ප්‍රසාදයෙන් කියවිය හැකි වීර ගජබාහු රජුගේ මෙම ඓතිහාසික වෘත්තාන්තය අපේ තරුණ පෙළෙට ඔවුන්ගේ භූමිකාව වටහා දෙන්නකි. ත්‍රස්තවාදය හමුවේ ගැහෙන නායකයන්ට කළ යුත්ත පෙන්වා දෙනු ඇත.

මහ අනඳ හිමි

Highlights:

අප මහා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවත්, ලෝ සත කෙරෙහි අනුකම්පවෙන් දරා සිටීමේ හැකියාවත්, ඒ ඇසුරේ කල් ගෙවන මහා ආනන්ද හිමිගේ විනීත චර්යාවත් කියවන්නා තුල ශ්‍රද්ධාව ඉපදවීමට සහ උපන් ශ්‍රද්ධාව වැඩි දියුනුවටත් හේතු වෙයි. ආනන්ද චරිතය ගැන පෙර අසා නොමැති සිදුවීම් රැසක් මෙහි ඇතුලත්‍කොට ඇත. ආනන්ද හිමි සේම බුදුන් වහන්සේත් අතිශය සාමන්‍ය මනුශ්‍යයින්සේ කතුවරයා හැඳින්වීම ඉතා සිත් ගන්නා සුලුයි.

“මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීනි, මා නොමග හෙළුවෝ ඔබ වහන්සේගේ මධුර ස්වරයට, රන්වන් පැහැයට, සුපිපි වත කමලට, විනීත පැවතුමට, ප්‍රණීත බැල්මට මා වශීව ගියේ ය. අනේ ස්වාමීනි, ගිනිගෙන දැවෙන මට අනුකම්පාකොට එකම එක් වරක් මා වැලඳගන්න! මට ඒ ඇති ය. නො එ සේ නම් ම දිවි නොරැඳේ!…

“සුවය රැඳෙන්නේ ඇලීමෙන් නොවේ නැඟණිය, අත්මිදීමෙනි. ගිනි නිවනු සඳහා ළංකළයුත්තේ දර නොවේ දිය ය. මවෙත දිය මිස දර නොමැත.”

ඕලු 1

Highlights:

“අර සිල්වා කියන වල් බල්ලා. මට සිද්ධ වෙන්නේ ඒකව මරාගෙන මැරෙන්න….

” ඇයි? ඒ මිනිහ අම්මට මොකුත් කීව ද?..

“ඌ හේවාරාළ අතේ ප්ණිවිඩයක් එවලා අපි දෙන්නට හෙට හවස බංගලාවට
එන්ට කියලා. එදා ඕකා වැවේදී මුලිච්චි වෙච්ච වෙලාවේ මම හිතුවා මහා
වින්නැහියක් වෙන්ට තමයි එන්නේ කියලා….

ඕලු බියපත් දෑසින් බලා සිටින්නට වුවා ය. දැන් ඉතින් කුමක් කළ යුතු ද?
මේකෙන් බේරෙන්නේ කොහොම ද? අනේ දෙයියනේ…..? මගේ අම්මට
මාව රැක ගන්න බෑ. අපි මොන තරම් අසරණ ද?

Anne 6 මව සහ දරුවෝ

Highlights:

ඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!”
කියනු ඇත .

කාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping