Product Tag: Dayawansa Jayakody & Co

Dayawansa Jayakody & Co

Showing all 24 results

Show:

රෝස්මරී පර්ල් හෙවත් මුතු

Highlights:

වර්ෂ 1842 වන විට මෙරට
මුල් බැස ගනිමින් තිබුණු
වැවිලි ආර්ථික රටාව පසුබිම්
කරගෙන අපේ ගැමි සමාජයේ
ආර්ථික, දේශපාලන, සමාජ,
සංස්කෘතික මෙන්ම භුගෝලීය
වෙනස්කම් සිදු වී ඇති අයුරු
වෙද පවුලක් කේන්ද්‍ර කර
ගනිමින් විමසා බැලීම
” රෝස්මරි පර්ල් හෙවත් මුතු”
නවකතාව තුළින් සිදුවෙයි.
එවකට සිංහල සමාජය තුළ පැවති
ආචාර ධර්මවලට පටහැනිව
චුටි වෙද රාලහාමි සිදු කරගත්
විවාහය ගැනද විසිතුරු රූපනයක්
මෙහිදී ඔබට හමුවනු ඇත.

අස්වැන්න

Highlights:

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළැ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.

Anne 6 මව සහ දරුවෝ

Highlights:

ඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!”
කියනු ඇත .

කාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.

ඈන් 5 සිහින මන්දිරය

Highlights:

දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.

පින්කෙත

Highlights:

රාහුල තෙරණුවෝ විමුක්ති සුව විඳිති.

“නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්ත්වයේ පසුවන්නේ පාලක පක්ෂය යි. තත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානක යි. මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතාකරකර හිටියෙ ඒ ගැන යි.”

“ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙසු සියලු මනුෂ්‍යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතු යි. එදා හොඳ ය, අද නරක ය කියා කම්පා විය යුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්ත යි. අඳුරට දොස් නොනඟා එයට පහනක් වනු නම් අගේ නොවැ.”

සුදු නෙළුම

Highlights:

“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”

“ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.”

“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”

“මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.”

මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.

“අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”

සුන්දර සහ දේවින්ද

Highlights:

එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’
නමින් කවි පෙළක් ලියා තිබිණි.

සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
“සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.

තෙර තරණය (සුදු නෙළුම – 2)

Highlights:

“අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා ! මම උස්සාගෙන ඇවිත්….”

“මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?”

“උන්නාන්සේ ම යි මට කතාකළේ. මම පරිස්සමෙන් එක්කං ගියා. බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කෙළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියා සිටියාය! ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවෙ. විහාර මළුවේ දී බොහෝ දෙනා සමඟ කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා.”

“ඕවා නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?”

“පේන්න තුවාලයක් නම් නැහැ. ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නත් බැහැ.”

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

අරලිය මල් ආරාමය

Highlights:

“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”

“ඒක තමයි මට උනෙත්…”

“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”

“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”

“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”

“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”

අඹු දරුවෝ

Highlights:

“ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට.” බබුන් කීවා ය.
“කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?”
“ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න.” බබුන් නැවත යෝජනා කරයි.
“පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩි කාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?”
ඉහ වහා ගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පැස ඔසවාගෙන නැන්දනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.

සිල් සුවඳ

Highlights:

“ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?”

“මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.”

“බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?”

SIL SUWANDA

උපේකා

Highlights:

පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය. පැවදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්‍රශ්න කෙළේ ය. “අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවූ රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුලක් නැත.” තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති දීර්ඝ රස වෑහෙන නවකතාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක සංකාදියෙන් හා භය සංත්‍රාසයෙන්, පාඨකයා සසල කරවා ලොමු දැහැ ගන්වන සුලු ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නවකතාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතයට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගේන ගහන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

Highlights:
“Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි දෙ වැනි වෙළුමයි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි.ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන” මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.”

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නවකතාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

බණ්ඩාර මැරූ උන්

Highlights:

චිත්‍රශිල්පය, ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබඳ ගැඹුරින් සාකච්ජා කරන මෙම නවකතාව, ඉතා අභිරහස් ලෙස මහවැලියේ ගිලී මියගිය, ගිරිදේව නම් චිත්‍රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද්‍ර අභද්‍ර සිදුවීම් අඩංගු අනුවේදනීය දීර්ඝ කතා පුවතකි. අප රටේ චිත්‍රශිල්පීන් ට හා චිත්‍ර ගැන උනන්දුවක් දක්වන අයට මෙම පොත ගොඩක්ම දැනෙනු ඇත. ගිරිදේව, තේනි, කුඩාදේව, රතුමහත්තයා හා මහාචාර්ය වටපාන යන චරිත වටා මෙම කතාව ගෙතී ඇත. දරුවන් පිටරට යවන දෙමවිපියන්ගේ අනාගත ඉරණම හා තමාට ආදරය කරන දුප්පත් යුවතිය අතහැර ඉහල තනතුරක් හොබවන ‘මැඩම්’ කෙනෙකු කසාද බඳ ගන්නා මෝඩ මිනිසුන්ගේ අනාගත ඉරණම ගැන ද. උගතුන් විසින් තමා නොදැනුවත්ව වර්තමානයේ කරනු ලබන මෝඩ ක්‍රියාකලාප කර්තෘ විසින් මානව ඉදිරිපත් කර ඇත.

රතු ඉද්ද

Highlights:

සාමාන්‍යය තුළ ඈ උමතු ගැහැනියකි. එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි. සාමාන්‍යය තුළ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමුවෙයි. විශේෂත්වයේ සැරිසරන්නෝ ප්‍රඥාවන්තිය දකිති. එහෙත් විශේෂිතයෝ විරලය හ. එහෙයින් ම ප්‍රඥාවන්තිය කළ එළි නොබසී. එළි පෙහෙළි ලෝකයක කැලෑව සුවිශේෂ ය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටී. කැලෑව එළි කළ විට ද ඇය දැකිය නොහැකි ය. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍යය බවට පත්ව ඇති හෙයිනි.

එහෙත් මෙය උමතු ගැහැනියක් පිළිබඳ කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැනුන් දෙදෙනකු පිළිබඳ කතාවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවීම සිදුවෙයි.

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

නරලොව හොල්මන් 2

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 2” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping