Product Tag: Dilhani Wikramarathna

Dilhani Wikramarathna

Showing all 3 results

Show:

ඉරත් තාරකාවක්

Highlights:

යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ”ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..”ඔහුගේ හඬේහි වූයේ වෙනස්ම රිද්මයකි. ”ඇයි සර් එහෙම කියන්නේ. කොච්චර චූටි ප්‍රශ්නයක් ද මං ඇහුවේ.”යසිරුගේ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. වචනවලට පෙරළිය නොහැකි හැඟීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණ.

සිඳු රළ ගීතේ

Highlights:

“ඔව් එයාල ළඟ අඩු තරමෙ නිදාගන්නකොට පොරවා ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ.. එයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ වැඩ කරන්න.. කෙනෙක් රටකින් රටකට එන්නේ වඩා හොඳ ජිවිතයක් හොයාගෙන.. කොහොම හරි.. ඒ දෙන්නා දැන් අපේ උඩ තට්ටුවට වෙලා හොඳින් ජීවත් වෙනවා.. මෙහෙ නවාතැන් ගන්න ආව හැමෝටම වඩා හොඳ ජීවිතයක් ගෙවනවා..”

“ඔව්..ඒ බව පේනවා..”

ඊට මාස ගණනාවකට පෙර හිඳ කපා දැමිය යුතුයැයි විවියන් මැසිවිලි නගමින් උන් ගසක විශාල අත්තක් ඔසවාගෙන යන තෝමස් දෙස බලමින් ඇනා පැවසුවා ය.

“මේ ගෙදර උඩ තට්ටුවේ වැඩ ටික කරගන්න රෙබෙකාත් මට උදව් කරනවා.. එයාලා දවසක යනවා දකින එක මට දුකක් වෙයි.. මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා.. මට විතරක් මේ ගෙදර හොඳට ම ලොකු වැඩියි.. ඔයා දන්නවනේ අනිත් අය වටේ ඉන්දැද්දි මං කොයි තරම් සතුටු වෙනවද කියලා..”

“කවදද එයාල ආපහු යන්නේ..?

කප් සුවහස් කල්

Highlights:

හීන ගේන හිත අස්සේ
ඔබ ඉන්නේ උඩු මහලේ
ආදරේට කවුළු පියන් නෑ…
හිත ළඟ හිත
මිස දොරගුළු නෑ…

ප්‍රේමණීය අබිසේස් ලැබ
නොදැනුණු සේ සිත අරගෙන
ඔබව දමා දුර ගියාට
මේ හැටි දඬුවම්…
අහංකාර ආදරියට
තවමත් දඬුවම්…
මියෙන තුරා විඳවන්නට
ලැබුණා දඬුවම්…

අහිමි වුණත් හිමි නොවුණත්
මතක් වුනත් අමතක මුත්
තවමත් මේ හිත් මැදුරේ
ඔබට නවාතැන්…
බොඳව ගියත් පෙම් සිහිනේ
මටද නවාතැන්…
සසර කොහේ හෝ හමු වී
ගනිමු නවාතැන්….

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping