Product Tag: dinusha weerarathna

dinusha weerarathna

Showing all 5 results

Show:

මන්දාර සුළඟ

Highlights:

“කොහෙද ඉන්නේ?”
සිත රිදුනු තරමටම මම නිහඬ වීමි.
“ඔයා දන්නවද?. දැන් ඔය ප්‍රශ්නෙ මං ඔයාගෙන්
ඇහුවනම් ඔයා මට දෙන උත්තරේ ඕක…”
ඔහු හැඟීම්බරව වචන පිට කළේය. ඒ වචනයක්
ගානේම දුරකතනය කම්මුලට තෙරපුනි. මට ඒ වචන
දැනුණු තරම්ය.
“ඔයා එහෙම අහන්න කව්ද, ඇයි අහන්නෙ, මොන
අයිතියකටද කියලා…
ඔයා මට කියයි…”
“මන්දාර”

ඔබ ආයේ එනවානම්

Highlights:

මම බලන් ඉන්නවා
ඔයාව දැකපු තැන
ඔය සුවඳ දැනුණු තැන
නුඹ මාව අතැර ගිය තැන
තවම මම බලන් ඉන්නවා
ගෙවෙන කාලය
ගෙවුණු කාලය.
හැම තප්පරයකම විඳ විඳ
තාම එතැන මම

My Dear ක්‍රෂ්

Highlights:

කඳුළු වලට ලිංග බේදයක් නෑ බන්
කඳුළු වලට වර්ග බේදයකුත් නෑ
පිරිමියෙක්ගේ දුක ගෑනියෙක්ගේ දුක කියලා
දෙයක් නෑ….
මොකද ඔය කොයි දේත් දරා ගන්නේ
කාටත් තියෙන වම් පැත්තේ
ගැහෙන මස් කෑල්ලක් විතරයි..
හැබැයි උඹලා හිතුවට
අර දුක කඳුළු ඔක්කොම දරාගෙන
ලවක් දෙවක් නැතිව ඔය ගැහෙන මස් කෑල්ල
හැමදේම කන්ට්‍රෝල් කරනවා..
ඔකත් මැෂින් එකක් බන්..
ඔය හැමදේම දරාගෙන එයා එයාගේ ගමන යනවා..
මටත් ඕන ඇන්න එහෙම පිරිමියෙක් වෙන්න..
හැමදේම දරාගෙන මගේ ගමන යන්න..
මොකද මේ පාර කවුරුත් කපලා දීපු
පාරක් නො‍වෙන නිසා..

උන්මාදිනී

Highlights:

එක වරම අකුණක් පුපුරා ගියා වාගේ හැඟීමක් සිතට දැනුණි. ඇසු පුවතින් සතුටු වෙන්න මට තත්පරයක් දෙකක් ගෙවුණි.දෙතොල් පුපුරා මන්දස්මිතියක් එහි ඇතිල්ලෙන විට රශ්මි තවත් මට සමීප විය. මනෙත්ගේ හදිසි පැමිණීමත් භානුක පැවසු කුලී නිවසත් පිළිබඳව මට සිතාගත නොහැකි විය.රිසිවරය දුරකථනය මත තබා මම විගසින් අත්බෑගයේ වූ දුරකථනය ඉවතට ඇද්දේ කලබලයෙනි.

බොල් පිනි

Highlights:

“මේ අහන්න අකී…අපි දෙන්නම දන්නවා මේ දේවල්වලින් අපිට ලැබෙන දෙයක් නෑ කියලා.ඔයා දන්නවා ඔයා ඉන්න තත්වේ. ඇත්ත කොච්චර දුකක් වුණත් අපි ඒකට මුණ දෙන්න ඕන නේද? මට බෑ අම්මට මේවා තේරුම් කරන්න.ඒත් ඔයා දන්නවනේ…ඔයත් මෙහෙම අම්මගේ මනස්ගාතවලට කැමති වෙද්දී මම අසරණයි ළමයෝ…”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping