Product Tag: Disna P. Sooriyahetti

Disna P. Sooriyahetti

Showing all 2 results

Show:

හිතුමතේ හිත පුරා මල් පිපේ

Highlights:

පුංචි අම්මා කියවන්නේ බෝසත් ගානටය. ඇය මල්ලීටත් මටත් කළ වෙනස් කම මට සිහිපත් වෙයි. හැමදේම වෙන්නේ හොඳටයි කියන්නේ සැබෑවකි. පුංචි අම්මා වෙනස්කම් නොකළා නම් අප ගම හැර යන්නේ නැත. ගම හැර නොගියා නම් මට මෙවන් වාසනාවක් පෑදෙන්නේ ද නැත. මා එම නිවසේ වැඩකාරියක බව සැබෑවකි. එහෙත් කිසිදු විටෙකත් ඒ වග මට දැනෙන්නට ඔවුන් ඉඩ හැරියේ නැත.

පරිස්සමින් ගිහින් එන්න

Highlights:

සිහිනයක් වී ඇහැට බර වැඩි
ඇවිත් තුන් තිස් පැයේ වද දී
යද්දි නොකියම දුකයි මතකය
නොවුණි අමතක තවම තැවෙමි
නැතත් අද නුඹ එයි ද හෙටවත්
තව ම මග බල බලා හිඳිමි
එන්න ඇවිදින් යන්න මගෙ ළඟ
ඉන්න බැරි නම් යන්න හරිමි…

හුඟාක් සුන්දර සිහිනයකි නුඹ
තවත් එක් වාරයක් කියමි
මගේ සිත රැදි පැතුම නුඹමයි
ඒක හින්දම බලන් හිඳිමි
කියා දුන් ජීවිතේ ලස්සන
ටිකෙන් ටික යයි හිතෙන් ගිලිහී
තවත් එකමෙක වරක් ආවොත්
ඉතින් මම හිත හදා ගනිමි…

මලානික ඇස් පියන් පැටලෙයි
වසන්තය සොය සොයා වෙහෙසි
වෙච්චි වරදක් දන්නේ නෑ මං
නුඹත් මුනිවත ර්කී හිනැහී
මගේ හිරු සඳු නුඹයි මා හැර
ගියත් නොපෙනෙන දුරක සැඟවී
කියමි නොකියා බැරිම හින්දම
මගේ සැනසුම ගියා සුන් වි…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping