Product Tag: fast publishing

fast publishing

Showing all 17 results

Show:

මහා පරිනිබ්බාන සූත්‍රය

Highlights:

විශාලා නගරයෙන් නික්මුණු උන්වහන්සේ භණ්ඩගම හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම පසුකොට භෝග නගරයට වඩියි. එම නගරයේදී සතර මහා පදේශ දේශනා කළේය. එම නගරයෙන් පිටත් වූ උන්වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනේ නතර වෙයි. මේ බව ආරංචි වී බුදුරදුන් හමුවීමට පැමිණි චුන්ද හෙට දානය සඳහා මාගේ නිවසට වඩින ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.

පසු දින භික්ෂුන් සමඟ ඔහුගේ නිවසට වඩියි. එහිදී සූකර මද්දව නැමති සිනිදු ආහාරයක් බුදුරදුන්ට පිළිගන්වයි. මෙම සිනිඳු ආහාරය තමාට පමණක් පිළිගන්වා ඉතිරිය වළදමන ලෙසටත් මෙම ආහාරය දිරවිය හැකි වන්නේ තමාට පමණක් බවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට මෙය දිරවන්නේ නැති බවත් උන්වහන්සේ පැහැදිලි කළේය. මෙම සූකර මද්දවය වැළදීම නිසා උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවූ අතර බුදුරදුන් එම අසනීප තත්ත්වය යටපත් කර ගත්තේය. (සමහරු විශ්වාස කරන අන්දමට සූකර මද්දවය යනු ඌරු මස්ය. එය වැරදි විශ්වාසයකි. මද්දවය යන වචනයෙන් සිනිදු යන අදහස ලැබෙයි. ඌරු බිම්මල් හෝ වෙනත් සිනිදු ආහාරයක් මෙයින් අදහස් කරන බව බොහෝ උගතුන්ගේ අදහසයි. සියලු දෙනාටම මෙම ආහාරය දිරවන්නේ නැත.)

ඉන්පසු බුදුරදුන් කුසිනාරා නුවරට වඩියි. අතරමඟදී කලන්තය සෑදී ගසක් මුල වාඩිවෙයි. වතුර පිපාසය සෑදී ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලයි. එම ස්ථානයේ තුබූ ජල මාර්ගයකින් කරත්ත ගමන්කර තිබූ නිසා ජලය බොරවී තිබුණි. තුන් වතාවක් උන්වහන්සේ ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලීය. බොර වතුර පෑදෙන තුරු උන්වහන්සේට ජලය නොලැබුණි. මෙදින ආලාර කාලාමගේ ශ්‍රාවකයෙකු වූ පුක්කුස නැමැත්තා බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ සමඟ කථා කරයි. ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේට වස්ත්‍රයක් පූජා කරයි. එම වස්ත්‍රය බුද්ධ ශරීරයට ලංකල විට ශරීරය රන්වන් විය. බුද්ධත්වය ලබන අවස්ථාවේදී හා මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සිරුර රන්වන් පාට වූ බව පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි.

වින්දිතයෝ

Highlights:

තමා රජෙකි යන හැඟීම මුල දී මිත්තසේනට හැඟුනේ විහිළුවක් පරිද්දෙනි. එය විහිළුවක් නොවන බවත් තමා විහිළුකාරයකු නොවන බවත් ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ, රාජභරණයෙන් සැරසී රාජකීය උත්සව ආදියට බිසව ද  සමග සහභාගී වෙද්දී ය. එහෙත් සමහර දේ ඔහු අතින් සිදුවන්නේ පුරුද්දට මෙනි. ඔහු මිත්තසේන ව සිටිය දී වැඩිහිටියන් හා ප්‍රභූන් ඉදිරියෙහි නැගී සිට ආචාර කිරීම පුරුද්දක්ව තිබිණි.

මුගුරු

Highlights:

සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැන‍ගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද?

ALIDOLE – අලිඩෝලේ

Highlights:

අලි – මිනිස් ගැටුමට

මුතුන් මිත්තන් සතු

අත්දැකීම් ඔස්සේ

සැබෑ උත්තරයක් සොයන

යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ

පරිසර ගවේෂණය….

මිහිතලයේ දැවැන්තයා අසරණයකු බවට පත්කර ඇත.අලියා අසරණයකු නොවේ. එහෙත්, අලි – මිනිස් ගැටුම අලියාට ඛේදජනක ඉරණමක් උදාකර දී තිබේ.

වැලපෙන්නි අවකන්නි – Walapenni-awakanni

Highlights:

කලක සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය……

රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය…. තාලිබාන් පාලනය

යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ.

ඔවුන්ගේ මේ ‘ ඔල්මොරොන්දම් ’ නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?

පුස්ලෝඩං

Highlights:

ලාංකේය සංස්තික නිෂ්පාදනයක් වන නූතන මිනිසා සහ ගැහැනිය භෞතික වශයෙන් ද, භාවමය වශයෙන් ද, සයිමන් නවගතේගමයෝ ගැඹුරින් ස්පර්ශ කරති. එය නවකතාව, කෙටිකතාව මතු නොව වේදිකා නාට්‍ය යන ත්‍රිවිධ ඉසව් උදෙසා වලංගු ය.

‘පුස්ලෝඩං’ නාට්‍ය‍යේ අප හමුවන මිනිසා සහ ගැහැනිය නවගතේගමගේ පරිකල්පන ලෝකයට පමණක් සීමා නොවේ. ඔවුන් අප හඳුනන, අප සමඟ දිවිගෙවන ගැහැනිය සහ මිනිසා ම වේ. මෙකී යථාව ‘පුස්ලෝඩං’ නාට්‍ය පෙළ විශද කරනුයේ නවගතේගම නාට්‍ය රීතිය පාඨකයා හමුවේ තබමිනි.

නඟුලේ වගතුග

Highlights:

සිංහල නගඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපුර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වු පොළෝ පස සාරවත් කරගැනීමට භාවිතා කළ හැකි සරල, එමෙන් ම පිරිපුන් තාක්ෂණයෙන් අනුන මෙවලම නඟුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නඟුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නඟුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි.

සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව

Highlights:

“ෆැරැන්ක්ෆට් විශ්වවිද්‍යාල ගුරුකුලයේ මැක්ස් හෝතයිමර් (Max Hortheimer) තියොඩෝර් ඇඩෝර්නෝ (Theodor Adovno) වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) හා හර්බට් මාර්කස් (Herbert Marcuse) ජනප්‍රිය මාධ්‍ය ආකෘතිය ධනේෂ්වර හා පාරිභෝගිකත්වය පදනම්ව බිහිවුවක් බවට විවේචනය කරයි.එසේම සංස්කෘතික කර්මාන්ත නිර්මාණ හා වෙළඳ සේවා අතර ඇති මිත්‍යාව හා යථාර්ය මහජනතාවට හඳුනාගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. සංස්තික නිෂ්පාදන මිලදී ගැනීමට මාධ්‍ය පාරිභෝගිකයාව පොළඹවයි. මාධ්‍ය ධනේෂ්වරයේ හැසිරීම් විශ්ලේෂණය කිරීමට ෆැරැන්ක්ෆට් ගුරුකුලය උපයෝගී කර ගන්නේ මාක්ස්වාදයයි. ධනේෂ්වර ආර්ථිකය තුළ ඔවුන්ට ආවේනික ආධිපත්‍ය‍ය සහ පීඩනය පවත්වාගෙන යාම සඳහා අන්තර්ගත පාලනය කරමින් ජනතාවට ඔවුන්ගේ අදහස් අලෙවි කරයි. ජනතාවට ඇත්තේ මාධ්‍ය බලපෑම් සහිත කනස්සල්ලකි.”

සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව

Highlights:

“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟිය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”

සුබ සහ යස

Highlights:

මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්

Highlights:

තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්‍යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.

ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්‍රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.

ලෝක සිනමා ඉතිහාසයට නොමැකෙන නිර්මාණ රැසක් එක්කළ මෙම විශිෂ්ට අධ්‍යක්ෂවරයා වෝර්සෝහිම පිහිටි පොවාස්කි සුසාන භූමියේ බිම් අංක 25 හි සැතපෙන්නේ සිය අධ්‍යක්ෂ භූමිකාව දසැ’ඟිලිවලින් සංකේතවත් කරවමිනි.

පිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද

Highlights:

කවි ලිවීම අභියොගයක්.
ස්ත්‍රීයක් කවි ලිවීම වඩාත්ම අභියෝගාත්මක වුවක්.
කවිය කියන්නේ සුවිශේෂී භාව ප්‍රකාශන මාධ්‍ය‍යක්.
ඒ වගේම එය නිර්මාණකරුවෙකුගේ විෂය ලෝකයෙහි
සවිඥානක ප්‍රකාශනයක්.
එහෙයින් ඇය අතින් ප්‍රතිනිර්මිත ‘අනෙකා’ නැතහොත්
‘පුරුෂයා’ වෙත පිවිසෙන්නට ඉරාණි නිල්මිණී අබේකෝන්
“පිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද” යන කාව්‍ය
සංග්‍රහය සමග සිංහල කවියෙහි කිවිඳියන්ගේ සම්ප්‍රදානය
දුර්ලභ නොවු මොහොතක අර්ථ කවියක් සොයා යමි.

පුංචි කෝච්චිය – තිස්ස අබේසේකර

Highlights:

මෙම පොත “පුංචි කෝච්චිය” යනුවෙන් නම් කරඇත්තේ “Bringing Tony Home” යන්නට සුදුසු සිංහල නමක් සොයා ගැනීමට පරිවර්තකට නොහැකි වු නිසයි”පුංචි කෝච්චිය” යන්න මෙහි එන තුන්වැනි කථාංගයට තිස්ස අබේසේකරයන් දී ඇති නාමයයි.එසේම”පුංචි කෝච්චිය”යන්න මෙහි එන කථා ත්‍රිත්වයේම යටි පෙළ නියොජනය කරන රූපයක් සේ හැඟීයයි.

නිරෝධායන චාරිකාව

Highlights:

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය‍යන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.

වී බිස්ස ( ජනශ්‍රැති පර්යේෂණය )

Highlights:

‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්‍රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..
ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්‍රැති පර්යේෂණයයි.

පඬුරු බඳින ගස්

Highlights:

මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

හයිඩි Heidi

Highlights:

`හයිඩි’ මුල්වරට පළවුයේ, 1980 දි ජර්මාණු භාෂාවෙනි. මේ වන විට එය ලොව පුරා, විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී, පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ. සොබාදහම හා සබැදි, ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුව යි. `හයිඩි’ නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්‍රි ලාංකේය අපේ දරුවන්ට ද සමීප ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping