Product Tag: Fiction Adult

Fiction Adult

Showing all 10 results

Show:

හීන අහුරු

Highlights:
“තමුසෙ ඔය කොට්ට උරේ ඇඳගෙනද පාර්ටියට යන්නෙ..? ඊටත් රතුපාට, මට පේන්නෙ මේක කවීන්ගෙ ඇට්හෝම් නෙමේ මෙයාගෙ හෝම් කමින් එක..” මම කිව්වම එයාටත් මල පැන්නා..

“මේක මාර වැඩක්නෙ.. මට කැමති දෙයක් අඳින්නත් නෑ.. මම කැමති කෙනෙක් එක්ක කතා කරන්නත් නෑ.. චූටිනංගි මෙන්න මෙයා දොස්තර කෙනෙකුට පෙන්නන්න.. මට පේන්නෙ එදා අර රොශේන්ද කාගෙද පස්සෙන් ගිහිං ගුටිකාපු වෙලාවේ අතට විතරක් නෙමේ ඔලුවටත් හොඳ පාරක් වැදිලද කොහෙද ..”

“මේමේ ඔය දෙන්නගෙ වලි ඔය දෙන්නා බලාගන්න.. මට බෑ ඔය පවුල් ප්‍රශ්නවලට අත දාන්න..” නංගි කිව්වෙ උරහිස් අකුලලා..

” පවුල් ප්‍රශ්න ? මෙයත් එක්ක පවුල් වෙන්න නම් මගෙ ඔලූවටත් පාරක් වැදෙන්න ඕනෙ..

“අනේ ඇත්තද.. කවුද හලෝ තමුසෙ වගේ බෝම්බයක් එක්ක පවුල් වෙන්නේ.. ඊට වඩා හොඳයි බෙල්ලෙ පිහාටුවක් බැඳගෙන කැළණි පාලමෙන් ගඟට පනිනවා..”

Point of Retreat

Highlights:
From the #1 New York Times bestselling author of All Your Perfects and It Ends With Us. Sometimes two people have to fall apart to realize just how much they belong together.

As Layken and Will’s emotion-packed story continues, a stunning and unforeseen revelation about Will’s past leaves them questioning everything that they thought they knew about each other. With the foundation of their relationship at risk, they must decide whether they are willing to fight for a future together, or to retreat back into solitude and heartache.

How far does Will have to go to prove to Layken his love for her will last forever? It will require something truly extraordinary to keep this couple together, and the decisions they make and the answers they find will change not only their lives, but the lives of everyone around them.

දොර දොර කළුවර

Highlights:

1793 Philadelphia නගරයට උණ වසංගතයක් එනවා. ඒක හරි භයානක වසංගතයක්. එකල උණ කටුව වගේම වෙද නලාව තිබුනෙත් නැහැ. මුළු නගරයම ගොදුරු උනා. ජනාදිපති Washington නගරය අතහැර ගියා. මේ නවකතාවේ කතා නායිකාව matilda නම් 14 හැවිරිදි දැරියක්. මෙම පොතෙන් කියවෙන්නේ matilda සහ නගර වැසියන් එම වසංගතයට මුහුණ දෙන ආකාරය. කුසගින්න, රෝගය හදුනාගෙන නොමැතිකම, දිනපතා දන්නා කියන උදවිය මිය යාම, හැම උදේකම මිනි ගෙනියන්න කරත්තයක් ගෙයක් ගානෙ පැමිණීම , වෙළද පොළ වැසි යාම , දොස්තරලා වගේම එහෙම නොවන අයත් බෙහෙත් දීම , සිරුරු වලින් රුධිරය ඉවත් කිරීම වැනි නොයෙක් දේවල් සිදු වෙනවා. මෙම නගර වැසියන් කිසිම නගරයකට බාර ගන්නේ නැහැ. එළවනවා.වසංගතයට සුදු කළු භේදයක් තිබුනේ නැත.අන්තිමට matildaට රෝගයෙන් මව මිය ගිය දරුවෙකුගේ මව වෙන්නට සිදුවෙනවා.

Matilda කියන්නේ මෙම අනුවේදනීය කතාවය.

සෞරි

Highlights:
 “මේ දෙන්නා එක්කෝ අධිකව ඩ්‍රින්ක්ස් අරගෙන ඉඳල තියෙනවා.නැත්නම් වැඩියෙන් ආහාර ගැනීම, නිදි වැරීම හෝ වෙනයම් හේතුවක් නිසා අධික නිදිමතින් ඉඳල තියෙනවා.ඒක තමයි දෙන්නා ගොඩ එන්න ලොකු උත්සහයක් දරපු බවක් පේන්න තිබුණෙ නැත්තෙ..”
මරණ පරීක්ෂකවරයා කීවේ ළග උන් සහයකයාට ය .
ගොඩගත් වාහනයේ මත්පැන් හා  කටගැස්ම තිනුණාට ඔවුන් ඒ වන විට බීමත්ව නොසිටි බව සායනික පරීක්ෂාවකින් පසු සැලසිණි.
“එහෙනං හේතුව නිදිමත වෙන්න පුළුවන්. ඒත් මේ තරම් අනතුරක් වෙද්දී කෙනෙක් සීට් බෙල්ට් එකවත් ගලවගන්න උත්සහ කරලා නෑ කියන්නෙ හරි පුදුමයක්..”
උදයන්ත සිය ආසන පටිය ගලවා තිබුණද පර්ල් ආසන් පටි තද කරගෙනම මියගොස් සිටීම ගැන සැකයෙන් ඔහු තව දුරටත් කීවේය.

රන් දෝලි

Highlights:
රෝස පාට හීන පොකුරු
ඉහ ඉද්දර පිබිදෙනකොට..
දෝත පුරා සුවද රැගෙන
නුඹ සිත ළග දැවටෙනකොට..
දෑස පිරුණු කදුළු බිංදු
සෙනෙහස දැක සැගවෙනකොට..
දාස් ගණන් පැතුම් මැදුරු
ඉදි වෙනු ඇත නුඹ වටකොට..වහන් වෙවී නෙතු පිය ළග
පැතුම් පිරූ යුගය නිමකොට ..
සිහින් මියුරු ගීතයක්ව
ගැයෙනු ඇසෙයි යුග සවනත..
පහන් දොරින් අදුරු තිමිර
ඉරා මගේ ලොව එළිකොට..
පහන් තාරුකාවක් වී
පායනු මැන සිත් අහසට…

දෑස්

Highlights:
“චූටි පුතේ.. චූටි පුතේ..”
ගජරාමෙට නින්දක් දාගෙන ඉද්දී කවුදෝ මන්දා මාව
එහාටයි මෙහාටයි හොල්ලන්න ගත්තා. ඇත්තටම මොකාද මේ
වසලයා…
“චූටි පුතේ…”
ඕං ආයෙත් පාරක් … මං ඇස් දෙකෙන් එක ඇහැක්
විතරක් ඇරලා බැලුවා. ම්හ්.. කට්ට කළුවරයි.
“කොලුවො .. නැගිටපං.. ආං අර ඉසකුඩිච්චිය ඇවිත්..”
දෙයියනේ … මට ඒ පාර තමයි වැඩේ මීටර් උනේ. මේ
අපේ ආච්චිනෙ. එයා ඇරුනම මට චූටි පුතේ කියලා කතා කරන්න
වෙන කෙනෙක් නැහැ.
ඒත් ආච්චි මොකද මේ ලයිට් එකවත් නොදා කාමරේට
රිංගුවෙ. අනේ අම්මපා කොල්ලෙක් නිදන් ඉන්න කාමරේට
මෙහෙමත් එනවද ගෑණු ළමයි…?
“කවුද ආච්චියෙ ඉසකුඩිච්චිය..? ”
නින්ද කඩපු තරහට කටට සුද්ධ සිංහල වචන පේළියක්
ගලාගෙන ආවත් ආච්චිට ඕවා කියන්න පුළුවනෑ . ඉතිං මං
දැහැමින් සෙමින් කතාවට බැස්සා.

විල්ලුවේ ප්‍රේමය

Highlights:

 

ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.

රස්පුටින් ඝාතනය

Highlights:
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය

මන්දිර

Highlights:
    “සීයා මැරුණෙ කොහොමද කියලා සීතා දන්නවද..?
ඒ කාලෙ ඔයාට කතා කරන්න පුළුවන්නද..?”
මැය වටිනා කියන කරුණු බොහෝමයක් දන්න බව වටහා ගත් තිසරණි
ඒවා එකින් එක ක්‍රමාණුකූලව අසාගෙන ගියාය.
“රළහාම් මැරුණ විදිය මං දන්නවා සුදු නෝනා.
ඒත් ඒවා කිව්වොත් මාවත් මරාම දායි.”
ඈ කොළයේ ලියූ අදහසට අනුරූපීව
ඇගේ මුහුණේ ඉරියව්ද වෙනස් වී තිබිණි .
“මරලම දායි.. කවුද..?
නමුත් ඈ නිහඩය.
“සීතා බය වෙන්න එපා. එහෙම වෙන්න ඒවා
සීතා කිව්වා කියලා මං කාටහරි කිව්වොත්නෙ.”
” ඒ කියන්නෙ සුදු නෝනා ඒවා පොලීසියට කියන්නේ නැද්ද..?
ජයම්පති මහතාගේ නොඑසේනම් සීයාගේ මරණය
ස්වභාවික මරණයක් නොවන බවට වන
පළමු ඉගිය සීතාගෙන් පිට වූයේ එලෙසය.
ඉන් ත්සරණී තරමක් කලබල විණි.”

අග පිපි මල්

Highlights:
 “මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය “බල්ලෙක්” එහා කොණින් අමාට ඇසිණ.”ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න.” ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.”කවුද” අසිතගේ හඬ රළු විය.”බල්ලෙක්” අමා පිළිතුරු දුන්නාය.”බල්ලෙක්” අසිත එයම ප්‍රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක.”
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping