Product Tag: Fiction Novels

Fiction Novels

Showing all 31 results

Show:

රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

Highlights:

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‛අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්,

රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?

අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?

ඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

A Court of Frost and Starlight

Highlights:

In this companion tale to the bestselling A Court of Thorns and Roses series, Feyre, Rhys and their friends are working to rebuild the Night Court and the vastly changed world beyond after the events of A Court of Wings and Ruin.
But Winter Solstice is finally near, and with it a hard-earned reprieve. Yet even the festive atmosphere can’t keep the shadows of the past from looming. As Feyre navigates her first Winter Solstice as High Lady, she finds that those dearest to her have more wounds than she anticipated – scars that will have a far-reaching impact on the future of their court.

හිම කිරිල්ලී

Highlights:
එය ශීත ඍතුවේ ආරම්භය ළගාවෙමින් පැවැති දිනයක් විය. ඉතාමත් සැහැල්ලුවෙන් වීදියක් දිගේ ඇවිද යන තරුණයෙකි. හේ පාංශු දේහධාරි සිරුරට ගැලපෙන ලෙස හණ නූලෙන් කරන ලද කමිසයකිනුත්  ගොවි කලිසමකිනුත් සැරසී සිටියේය. කිඹුල් සමින් සාදන ලද සපත්තු කුට්ටමත් කළු උල් තොප්පියත් ඔහුගේ කඩවසම් බව වැඩි කළේය. මද ශීත සුළගින් කුල්මත් වූ දෑසින් වටපිට බලමින් හේ ගමන් කළේ සැහැල්ලු සිතින් යැයි බැලු පමණින්ම කෙනෙකුට සිතිය හැක.
කලිසම් සාක්කුවෙන් එළියට ආ බදින ලද සූරියකාන්ත ඇට අහුරක් ඔහුගේ ගමනේ විඩාව නිවා දැමුවේය. පාර පසෙක වූ කුඩා බොරළු කැට වලට පයින් ගසමින් සැහැල්ලුවෙන් ඇවිද ගිය ඔහු හිටිවනම එක තැන නතරවිය…..

මිගුවල් වීදිය

Highlights:
මිගුවල් වීදිය’ නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.

රෝස විලාවේ අබිරහස

Highlights:
ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල – නොයෙකුත් තුරුලතා පිරි වත්ත – පොල්, කොස්, අඹ, ජම්බු ගස් – සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැවුණු රෝස පඳුරු – අවට වැවෙන මීමන හා අන්දර වැට – එයින් ඔබ්බේ පෝටිකෝව – එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව – රතු සිමෙන්ති දැමූ පොළොව – රතු උළු වහල – දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් – එතැනට යන්නට වෙනම පඩි පේළියක්……….

අලුතින් විවාහපත් වී රෝස විලාවට එන හේමා මේ  බිත්ති මැද ජීවත්වෙන වෙරෝනිකා, එඩ්මන්, නීලා, පොරොන්සිනා, ගිමාරාහාමි වැනි චරිත මධ්‍යයේ සැඟවුණු අබිරහස් අතරේ සැබෑ ආදරයක් සොයන්නී ය. අසාමාන්‍ය සිදුවීම්වලින් ගහන අද්භූතජනක කතාවක් කියන, ‘රෝස විලාවේ අබිරහස’ පාඨකයාව කුතුහලයෙන් පිිරි වෙනස් ම ලොවකට කැඳවාගෙන යයි.

මහායොද්ධ කල්කි : ශිව අසිපත

Highlights:
සියල්ල හමාර කරගෙන ආපසු ඉන්ද්‍රගරයට පැමිණෙන කල්කිට දැනගන්නට ලැබෙන්නේ තම සොහොයුරාත්, තම ආදරවන්තියත් අසරණ අඩියකට වැටී සිටි බවය. ඔවුන් බේරා ගන්නට ද, වරක් වඳ වී ගියා යැයි සැලකුණු දැවැන්ත ධානවයන්ද අවදි කරගෙන සටන් කරන දුෂ්ට කාලිගෙන් මේ නගරය බේරා ගන්නටද ,නපුර හෙවත් අධර්මය පරාජය කරන්නට ද දැන් කල්කිට සිදුවෙයි. එහෙත් එක සිතුවිල්ලක් පසුපසට ගැනීමෙන්  මුළු ලෝකයම විනාසයට පත්වීමේ අවදානමක්ද ඇති බව කල්කි නොදන්නවා නොවේ.

ඉරණම තීන්දු කරන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට ලැබෙන්නේ මහායොද්ධ කල්කි – ශිව අසිපත හමාර කතාවේදී ය.

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Highlights:

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින
මහා කවියා වයෝවෘධ ය ;
බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම
දුබල ය.
බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක
ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ
පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක
ඔහු කියුබිසම්  ආරේ චිත්‍ර අඳී..  ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ
ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන්
චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක
ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී.
ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු
මත්පැනට ඇබ්බැහි වේ.
කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක්
නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි.
කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ.
ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා
කථිකාචාර්යවරියක විසින්
කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ.
තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර
කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.
සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට
ලක් කළේද?  ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික
හැසිරීමට රුකුල් දුන්නී ද?

ප්‍රේමාක්ෂර

Highlights:
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.

සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.

ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.

වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.

සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.

“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.

මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

GIRAYA

Highlights:
A giraya is a familiar object in most Sinhala homes. Fashioned out of brass, steel, silver or gold it comes in a variety of shapes and sizes according to the status of it’s owner. Sometimes it comes in a human shape with a woman’s face and palms clasped in mute worship. A giraya could be called upon to play a dual role… …in this story, recorded in a diary, a sensitive young woman is caught like an arecaunt between the blades of giraya. Surrounded by twisted, abnormal characters, in an atmosphere of frustration, passion and thwarted desire, living in a crumbling old walauwe which is hostile to a fast changing society, where she is desperate.

නික්ම නොයන්නෙමි

Highlights:

“මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් මාධ්‍ය කේෂ්ත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ් තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වු සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වනු ඇතැයි මග බලා සිටින්නෙමි .”

 

හිරිකඩ

Highlights:
දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන….

“මට නම් බෑ ඕව කරන්න… මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න”

එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය.

“ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ… දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි… අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන් දැනගන්න ඕන මේ රට දියුණු කරන්න. අන්න එහෙම උනොත් නම් උඹට වීරයෙක් වෙන්න පුළුවන්. නැතුව අතපය අකුළගෙන බුදියගෙන හරියන්නෑ බොල. කුඹුරු කොටල්ලා… වගා කරපල්ලා… එවුව මෙව්වා හදපල්ලා… ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හිතපල්ලා. දවසෙන් දවස දියුණු වෙයල්ලා. දැන් ඉතිං නිදහසේ හුස්ම ගනින් මයෙ පුතේ. මේ අහස යට උඹල දැන් නිදහස්!   “

රාධා

Highlights:
“මම මේ විදහට අදින්න ආසයි.. මගේ ජාතිය ගැන මට තියන අභිමානය නැති කර ගන්න මම කැමති නැහැ.”
” අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා.”
“මම දන්නවා ඔයා මම මේ විදිහට අදිනවට කැමැති නැහැ කියලා.. මම දෙමළ කෙල්ලක්.. මගේ ඇගේ දුවන්නේ දෙමළ මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි ලේ.. මම.. මනෝරත්නම් මීනක්ෂි ශ්‍රී රාධා.. මම සිංහල විදිහට ඇන්දා කියලා මගේ උපත වෙනස් කරන්න බැහැ නේනූ”
“හරි ..කටවහ ගන්නවා” මීනක්ෂි නිහඩ වූවාය.
නිවසට යන තෙක්ම ඔවුන් ගියේ නිහඩවයි. වාහනය නැවතූ නෙත්නු වාහනයෙන් බැස මීනක්ෂි වෙතට ආවේය.
” ඊයේ ජාති දෙකක් කලවම් වුණා.. සිංහල කොල්ලෙකුයි… දෙමළ කෙල්ලෙකුයි.. මම දූල්වල ආරච්චිලාගේ නෙත්නු පහන්සිළු දූල්වලාඅරච්චි.. මගේ ලෙයින් උපතක් සිද්ධ වුණොත් ඔයාගේ බඩ දෙමළ කෙල්ලක්ගේ බඩක් කියලා ඒ උපත නැවතෙන්නෙත් නැහ මීනූ..”ආවේගයෙන් පැවසු නෙත්නු නිවසට ගියේය..

නුඹ හිදී සිතේ සොදුරුම තැනක

Highlights:
“මුරණ්ඩු ගෑනු ළමයි අවංකලු..”
“ආම් කාරයෝ නපුරුයිලු..”
“එච්චරද..?”
රාජේන්ද අයියා විමසුවේ මදෙස බලාගෙනය.
මට සිනා නැගේ.
“මම අහලා තිබුණේ නෑ”
“මොනාද..?”
“මුරණ්ඩු ගෑනු ළමයා අවංකයිලු කියලා..”
“ඒ මගෙ නිර්මාණයක්නේ”
ඔහු හිනැහුනේ මහ හඩිනි.
මසිත උපන්නේ අමනාපයක් විය හැකිය.
“මොකද හැම එකටම බක බක ගාන්නේ”
ඔහු කළේ මගේ විරසකය
මායිම් නොකොට තවත් හිනහීමය.

නිරාමිස ප්‍රේමී

Highlights:
උපදින්නටත් පෙර ජීවිතය ලියා දෙන දෛවය ඒ කතාවට හාස්කම් ද එක් කරන්නේය. ඒ හාස්කම් නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම පෙරළියට ලක් වන්නේය.
අරලියා රුව මෙන්ම ගුණ ද,
අරලිය මලක් මෙන්ම චාම් විය.
සුන්දර විය.
පාරිශුද්ධ විය.
සුවදවත් විය.
තැළි පොඩි වී පරවී යන්නට තිබුණ ජීවිතයට පණක් ලැබුණේ
ඇගේ පින්සාර ගුණ මහිමය නිසාය.

හීන අහුරු

Highlights:
“තමුසෙ ඔය කොට්ට උරේ ඇඳගෙනද පාර්ටියට යන්නෙ..? ඊටත් රතුපාට, මට පේන්නෙ මේක කවීන්ගෙ ඇට්හෝම් නෙමේ මෙයාගෙ හෝම් කමින් එක..” මම කිව්වම එයාටත් මල පැන්නා..

“මේක මාර වැඩක්නෙ.. මට කැමති දෙයක් අඳින්නත් නෑ.. මම කැමති කෙනෙක් එක්ක කතා කරන්නත් නෑ.. චූටිනංගි මෙන්න මෙයා දොස්තර කෙනෙකුට පෙන්නන්න.. මට පේන්නෙ එදා අර රොශේන්ද කාගෙද පස්සෙන් ගිහිං ගුටිකාපු වෙලාවේ අතට විතරක් නෙමේ ඔලුවටත් හොඳ පාරක් වැදිලද කොහෙද ..”

“මේමේ ඔය දෙන්නගෙ වලි ඔය දෙන්නා බලාගන්න.. මට බෑ ඔය පවුල් ප්‍රශ්නවලට අත දාන්න..” නංගි කිව්වෙ උරහිස් අකුලලා..

” පවුල් ප්‍රශ්න ? මෙයත් එක්ක පවුල් වෙන්න නම් මගෙ ඔලූවටත් පාරක් වැදෙන්න ඕනෙ..

“අනේ ඇත්තද.. කවුද හලෝ තමුසෙ වගේ බෝම්බයක් එක්ක පවුල් වෙන්නේ.. ඊට වඩා හොඳයි බෙල්ලෙ පිහාටුවක් බැඳගෙන කැළණි පාලමෙන් ගඟට පනිනවා..”

උත්තමාවී

Highlights:

උඹ මට යශෝදරාවක් නංගි. තමන්ගේ ස්වාමිපුරුෂයා යහමඟට ගන්න එයා ආපහු එනකම් බලන් හිටපු උඹ මට යශෝදරාවක් බත්. උඹට මාව දාලා යන්න තිබුනා. වෙන එකෙක් ලගට. ඒත් උඹ ගියේ නැත්තේ උඹට මාවම ඕනි නිසා. මගෙ අතක්වත් නොවැදුනු… බැල්මකින්වත් උඹව ඉඳුල් නොකරපු මං වෙනුවෙන් උඹ ජිවිත කාලෙම විදෙව්වා බන්. ඇත්තටම උඹ මට යශෝදරාවක්.

හිත මොරගෑවා ඒ වචන ලග. යශෝදරාවක් කියන නාමය පවා ගන්න අපි සුදුසු නෑ. එච්චර ලොකු කැප කිරීමක් කරන්න මේ මිනිස් ගෑනු සංහතියටම බෑ. හැබැයි යශෝදරාව එච්චර ලොකු කැපකිරීමක් කලේ එයාට නොකර බැරිකමට කියලා මට හිතුනු වාර අනන්තයි. යශෝදරාව තේරුම් ගන්න ඇති… එයා කොච්චර කන්නලව් කලත් සිය සැමියා තමන් හැර යන බව. ලෝවැසියන් වෙනුවෙන් දිවිය පුදන වග. ඉදින් නොලැබීම දරාගෙනම ඈ අත් හරින්නට ඇති සිදුහත් බෝසතුන්ව. ඇගේ සිත එදා කියෙව්වා නම්… ඈද වේදනාවෙන් වග දැන ගනී… සිදුහතානන්.

Chats With The Dead

Highlights:

hats with the Dead Book Information:
a Albert Kabalana? How did he die? Renegade war photographer Maali Almeida has to solve his own murder. Does that sound fun? It would be if there wasn’t so much bloody red-tape to get through. Oh and it’s not as though anyone alive actually seems to miss him, and it certainly doesn’t help that his girlfriend is related to his boyfriend. Worst of all, it’s all those goddamn memories of war, constantly interrupted by the overly chatty dead folks breezing through the afterlife. Besides, he’s so busy solving his ethical dilemmas that there’s barely any time to solve a murder-even if it’s his own. A compulsively readable dark comedy of life-death and everything in between-Chats with the Dead searingly exposes the plight of a country caught in the aftermath of civil war. Its deliciously compelling absurdity holds you in thrall right from the very first page up to its startling denouement, constantly upending its own premise with its staggering humanity. Shehan Karunatilaka has delivered a classic whodunit with a brilliant twist.

Go Set a Watchman

Highlights:

From Harper Lee comes a landmark new novel set two decades after her beloved Pulitzer Prize-winning masterpiece, To Kill a Mockingbird.

A landmark new novel from Harper Lee, set two decades after her beloved Pulitzer Prize-winning masterpiece To Kill a Mockingbird.

Maycomb, Alabama. Twenty-six-year-old Jean Louise Finch – ‘Scout’ – returns home from New York City to visit her ageing father, Atticus. Set against the backdrop of the civil rights tensions and political turmoil that were transforming the South, Jean Louise’s homecoming turns bittersweet when she learns disturbing truths about her close-knit family, the town and the people dearest to her.

Memories from her childhood flood back, and her values and assumptions are thrown into doubt. Featuring many of the iconic characters from To Kill a Mockingbird, Go Set a Watchman perfectly captures a young woman, and a world, in painful yet necessary transition out of the illusions of the past – a journey that can be guided only by one’s own conscience.

Written in the mid-1950s, Go Set a Watchman imparts a fuller, richer understanding and appreciation of Harper Lee. Here is an unforgettable novel of wisdom, humanity, passion, humour and effortless precision – a profoundly affecting work of art that is both wonderfully evocative of another era and relevant to our own times. It not only confirms the enduring brilliance of To Kill a Mockingbird, but also serves as its essential companion, adding depth, context and new meaning to a classic.

Never Never

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

Charlie Wynwood and Silas Nash have been best friends since they could walk. They’ve been in love since the age of fourteen. But as of this morning… they are complete strangers. Their first kiss, their first fight, the moment they fell in love… every memory has vanished.

Now Charlie and Silas must work together to uncover the truth about what happened to them and why. But the more they learn about the couple they used to be… the more they question why they were ever together to begin with.

Forgetting is terrifying, but remembering may be worse.

The Number One Sunday Times bestselling author of It Ends with Us joins forces with the New York Times bestselling author of The Wives for a gripping, twisty, romantic mystery unlike any other.

Amba Yahaluwo (English Version)

Highlights:
In Sinhala අඹ යහළුවෝ (Amba Yahaluwo) means ‘The Best of Friends’ and this story is the story of two inseparables to which barriers in society are of no concern, Just as long as they are together, be it in school or out of it. However these barriers exist among their parents, mostly based on economic conditions and different status in society, but these do not influence and different status in society, but these do not influence the two friends, Nimal and Sunil.

”Amba Yahaluwo” is a story of courage and steadfast resolve by Nimal and Sunil to stay together the vicissitudes of life and the changing fortunes of the two families.

”Amba Yahaluwo” in its Sinhala original has been reprinted several times and was an approved Reader for use in schools. The book was made into television series in Sinhala and became very popular. The translation into English will afford the English reader an opportunity to understand village life and rural life as it then existed.

පින්න

Highlights:
වෙව්ලන දෑතින්ම විදුලි පන්දම අල්වා ගත් හෙතෙම නැවතත් එය ඒ දෙසට යොමු කළේ තමා දුටුවේ හිතලූවක්දැයි සක්සුදක් සේම සැක හැර දැන ගැනීමටය.
නැත!

එය ඔහු සිත රැඳි හිතලූවක් නොවීය. එය සැබෑවකි.

එය ඔහු කිසිසේත්ම නැවත දකින්නට ලැබේ යැයි සිතූ දර්ශනයක් නොවීය. එකිනෙක වෙනස් නිල් හා කහ පැහැති දෑසක් ……!

ඔව්!

ඒ…. එම දෑසම බැව් හෙතෙම සිතීය.

රුධිර කේෂ නාලිකාවලින් ගහන, රක්ත වර්ණයට හැරුණු නිල් – කහ දෙඇස් තමාට කිසිඳු කලක අමතක වේ යැයි හේ නොසිතීය.

කථම් භූත

Highlights:
“තාත්තා කී සැරයක් ගෙටයි එළියටයි යනවද?”

“අනේ මන්දා සේනක…”

“කවුරුහරි එනකං බලන්  ඉන්නවා වගෙ පේන්නෙ”

ඔව්.මගෙ අම්මා  කියන්නෙ ඉනේ පිහියකුත් තියෙනවා කියලා.”

“මොකක්… මොකටද පිහියක්?”

“දන්නෙ නෑ.ඊයෙ රෑ මගෙ අම්මා  දැක්කලු තාත්තා

සීයගෙ තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවනවා”

“තාත්තට මොළේ නරක් වෞගෙන එනවත් ද?”

“අර …අර බලන්නකො …මං හිතන්නෙ දැන්මම නරක් වෙලා වගේ”

දුටු දෙයින් මගේ මුළු ශරීරයම සීතල වී ගියේය .

අපේ තාත්තා උඩු මහලේ සිට මිදුල දෙසට  තුවක්කුව එල්ල කරගෙන සිටියේය. ඔහුගේ එල්ලය තිබුනේ මිදුලේ බංකුව දෙසටය. බංකුවේ හිඳ සිටිනු පෙනුනේ අපේ අම්මා ය. එතරම් දවස් කාමරය තුළටම වි සිටි අම්මා එළියට කැඳවාගෙන විත් තිබුණේ  මාලිකාය. තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේ ය.

නුඹ ඝෘතුවක්

Highlights:
අරුතක් නොදන්න,

අරුතක් නොවැටහුණු,

නම නොදත් හැඟීමක්

නුඹේ නමටම

මගේ පපුවෙ ඉපදිලා…

සෙනෙහසක් කියලා

හද පිළිගන්නේ නැති,

ආදරයක් කියලා

සිත භාරගන්නෙ නැති,

ආදරණීයම සිහිනයක

මං අතරමං වෙලා…

ඔව්,

ඒ නුඹ නිසා…..

නුඹ වෙනුවෙන්ම,

නුඹේ නමටම

මටත් රහසෙම

හදවත මඟ බලන්න හුරු වෙලා….

ඉතින් නුඹ ඍතුවක්

ඔව් මම නුඹ නමට පේ වෙලා.

සුපර් සික්ස් (තරු කුමරු 02)

Highlights:
“මං ලේසියෙන් දෙයක් අල්ලගන්නේ නැහැ.හැබැයි අල්ල ගත්තොත් මේ හුස්ම යනකම් ඒක මගේ. මං අතාරින්නෙත් නැහැ.හාහ්… හිතා ගන්න පුළුවන්ද මං මොකටද මෙතනට ආවේ කියලා?” ආශි කියන දේවල් හරි පරිස්සමට අසා සිටි අරෝ ආශි අන්තිමෙට තමන්ගෙන් ප්‍රශ්නයක් අහුවහම කලබල වුනේ හිතට දැනුන කියා ගන්න නොතේරෙන අමුතු හැගීම නිසාය.
“අත… අරින්නද… අල්ල ගන්නෙත්  නැතුවම…” අරෝ හිමින් නමුත් බයෙන් කටහඬ අවදි කර ආෂිගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දෙද්දි ආශි හිස මඳක් දෙපසට වනමින් නෑ කිව්වේ කවදාවත් නැති අයුරෙන් ලස්සනට හිනාවෙමිනි. කලාතුරකින් ඉතාමත් කලාතුරකින් ඒ කඩවසම් මුහුණේ මැවෙනා ඒ ආඩම්බර ලස්සන හිනාව හදවතින්ම විඳගත් අරෝ ආශි දිහා බලන් හිටියේ වශි වී මෙනි.

“අත අරින්න නම් මුලින්ම අල්ල ගන්න ඕනද? හ්ම්…

ඇත්ත තමා ඒ නිසා මං මේ අත අල්ල ගන්න ද?”

“ඒ කියන්නේ අල්ලාගෙන අත අරින්නද? හාහ්…කමක් නැහැ. එක තත්පරේකට හරි අල්ල ගන්නකො. ඒ එක මොහොත ඇති මට මැරෙනකම්ම මතක තියා ගන්න.”

අරෝ ඇස්වල කඳුළු පුරවගෙන ආශි දිහා බලමින් කිව්වේ ඒ කඳුළු දැක කවදාවත් නැතුව ආශිගේ ගල් හිත මෙළෙක් වෙද්දීය.

ඝර්ම

Highlights:
මේ අතරතුර පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඔහුගේ උරහිස මත හිඳ ගත්තේ මහත් අනපේක්ෂිත මොහොතක ය. විසල් රවුම් ඇස් සහිත පුංචි කුරුල්ලාගේ ළා නිල් පැහැති පියාපත් මෙන්ම උගේ පිට දිගේ පැතිර තිබූ ශ්වේත වර්ණැති පිහාටු පුංචි කුරුල්ලාට එක් කළේ අමුතුම ලස්සනකි. සාමාන්‍යයෙන් ජලය මත බොහෝ වේලාවක් නොසෙල්වෙන වස්තුවක් මත මිස කුරුල්ලකු මෙසේ පියඹා විත් නොවසන බැව් දන්නා තීර්ථ ඒ අනුව නිගමනය කළේ තමන් සැලකිය යුතු කාලයක් දිය පහර මධ්‍යයේ එලෙස එකත්පස්ව සිටින්නට ඇතැයි කියා ය. මම මේ පැමිණ සිටින්නේ කුමන නම් කාලාවකාශයකටද? තීර්ථ තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තේ ය.

හීන මායිම

Highlights:
මේ පස්වලට යට වෙලා ඉන්න මිනිස්සුන්ගේ කතාවල් අපිට එකින් එක අහගෙන ඉන්න පුළුවන් නම් අපේ ජීවිතේ තේරුම් ගන්න එක අපිට මහ අමාරුවක් නැහැ. සමහරවිට තෙුන් දෙනෙක්ගේ කම විදිහෙ කතාවල් අහන්න පුළුවන් වෙයි, ඒ හැම කතාවකම අවසානය සමුගැනීමක්. හැඟුම්බර දුක්බර සමුගැනීමකින් කෙළවරවීමක්. ඒ ඔක්කොම අහගෙන ඉන්න තියෙනවනම් මම අහගෙන ඉන්නවා. එතකොට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ජීවිතය ජය ගන්න මිනිස්සුන්ගෙ ජීවිතේ පැරදුණ මිනිස්සුන්ගේ කතා එකට එකතු උනහම ජීවත්වෙන මිනිස්සුන්ට ජීවිතය හොයාගන්න ලේසි වෙයි. හරියට ඇක්මන් අයිය වගේ. ඇක්මන් අයිය මේ මලකඳන් අතර ජීවිතය හොයනව වගේ. කිසිම හාවක් හූවක් නැති අතීතයක් විතරක් තියෙන මිනිස්සුන්ව තවත් මිනිස්සු ටිකක් ඇවිත් වළක පොළොව යට හංගල ගියාට ඇක්මන් අයිය ඒ මිනිස්සුන්ව ආයෙ වළෙන් උඩට ගන්නෙ ඇක්මන් අයියගෙ ජීවිතේ හොයාගන්න. සමහර විට තව අයට ජීවිතේ හොයලා දෙන්න.

පරිසියා

Highlights:
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.

The Betrayed

Highlights:
The sequel to THE BETROTHED, a glittering royal romance, from New York Times bestselling author of the Selection series.She gave her heart away. Now she’ll fight to get it back.Can you follow your heart when it’s already broken?After fleeing the court of Coroa and leaving the memory of her beloved, the assassinated Silas Eastoffe, behind, Hollis is unsteadily adjusting to life with his family. The Eastoffe’s affection is a balm on Hollis’s weary spirt, though Etan, a surly cousin with a deep distate for Coroans, threatens to upset the uneasy peace that Hollis has found.While tensions at home are mounting, disquiet in the kingdom of Isolte is reaching fever pitch. The Eastoffes may have the power to unseat the tyrannical King Jameson, but only with Hollis’s help. Can a girl who’s lost it all put the fate of her adopted homeland over the secret longings of her heart?

Maybe Someday

Highlights:
From the #1 New York Times bestselling author of It Ends with Us comes a passionate tale of friendship, betrayal, and romance. At twenty-two years old, Sydney is enjoying a great life: She’s in college, working a steady job, in love with her wonderful boyfriend, Hunter, and rooming with her best friend, Tori. But everything changes when she discovers that Hunter is cheating on her—and she’s forced to decide what her next move should be. Soon, Sydney finds herself captivated by her mysterious and attractive neighbor, Ridge. She can’t take her eyes off him or stop listening to the passionate way he plays his guitar every evening out on his balcony. And there’s something about Sydney that Ridge can’t ignore, either. They soon find themselves needing each other in more ways than one.

විසඹසර

Highlights:
“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”

Bad Dad

Highlights:

Bad Dad is a fast and furious, heart-warming new children’s book about a father and son on an adventure – and a thrilling mission to break an innocent man into prison . . . It’s a high-speed cops-and-robbers adventure with heart and soul about a father and son taking on the villainous Mr Big – and winning!

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping