Product Tag: Fiction Teenage Novels

Fiction Teenage Novels

Showing all 7 results

Show:

පිටස්තරී

Highlights:
මාලෝගේ හැඩිදැඩි උඩු කය දුටු මනින් එමාගේ දෑස වශීකෘත විය. ඇයට තම දෑස ඔහුගෙන් ඉවතට ගැනීම කළ නොහැක්කක් විය. එම ආදරණීය දෑසේ කිමිදී ගිය ඇය, ඔහු සමග පෙමින් බැඳුනා ය. ඔවුන්ගේ දෛවය විසින් ඔවුන් වරින් වර මුණගස්වන්නේ, දෙදෙනාට එකිනෙකාගෙන් පළායාමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. මාලෝගේ උණුසුම් පහස එමාගේ ගත සිත පුබුදුවාලූයේ අති මහත් ප‍්‍රහර්ෂයක් ජනිත කරවමිනි. ඇගේ සිත නිරතුරු ඔහු වෙත ඇදී ගියේය. ඇගේ ආදරණීය පෙම ඇයව ජීවත් කරවූවේය.
ධනය, බලය සහ කාමුකත්වයට මුල් තැන දුන්, තමන්ගේම කය සනසා ගැනීමට තම දියණියන්ගේ ද ජීවිතය අපායක් කරවූ පියකු හට අවජාතකව උපන් පවට, ලස්සන එමාගේ දිවිය අවාසනාවන්ත ලෙස කනපිට පෙරළෙන්නේ කිසිවෙක් නොපැතූ ලෙස ය.

The Best of Ruskin Bond

Highlights:

The essential Ruskin Bond Delhi Is Not Far brings together the best of Ruskin Bond’s prose and poetry. For over four decades, by way of innumerable novels, essays, short stories, and poems, the author has mapped out and peopled a unique literary landscape. This anthology has selections from all of his major books and also features an unpublished novella, Delhi Is Not Far.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති දීර්ඝ රස වෑහෙන නවකතාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක සංකාදියෙන් හා භය සංත්‍රාසයෙන්, පාඨකයා සසල කරවා ලොමු දැහැ ගන්වන සුලු ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නවකතාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතයට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගේන ගහන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

Highlights:
“Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි දෙ වැනි වෙළුමයි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි.ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන” මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping